Sinhala Esala Poya Day Nisadas | Esala Poya Day Wishes | Esala Poya Day Whatsapp Status | පින්බර ඇසල පුන් පොහොය දිනයක් වේවා !
බැති පුද සැදැහැ සිත් ඉපැදෙන ඇහැළ මහේ
පැහැවැද බුදුරැසින් පුන්සඳ කිරණ ඉහේ
විනිවිද වලා පිනි තැවරෙන සුදන ඇහේ
පිනිපොද වැටී මල් හිනැහේ ඇහැළ ගහේ
තුන් ලොව දිනුම දැන ගිහිගෙය හැරයාම
දැන් වුව පිය පදවි රාහුල පුතු ඊම
පෙන් නුව සත්වගට නිසි මං වැටහීම
පින් බර ඇසළ සිරි ගැනුමෙකි නොදැනීම
පන්සල තනන වඩු අවිපොදි පැතුම් රොද
වංචල සිත් නිවන සනසන ගිගුම් හද
මංගල දෙසුම මිගදායේ දහම් පද
පිංපල පිරිමකි ලොවුතුරු හැඟුම් මැද
කිසිදා මතක දිය නොසිඳෙන සිතැඟි ළිඳේ
විහිදා මෙත් සිසිල සිතුවම් ළයෙහි ඇඳේ
පලඳා සතුට දද සේසත් අඹර බැඳේ
දළදා හිමි සඳුන් ජනතා සිරස රැදේ