Sinhala Birthday Wishes For Best Friend [Hodama Yaluwa] - Upandina Subapathum

 


උපන්දින සුභපැතුම
{Happy Birthday}
දින ගනිමින් මග බැලූ
පුදුම කරන්නට වෙර දැරූ
ආදරය උතුරමින් පිරිනැමූ
සුබ පැතුම් මා උපත සිහිකරන්
දිනෙන් දින හදවතේ
සියුම් තැන් පිරිමැදුනු
නුබේ සුබ පැතුම් මා
හදවතේ මල් පිපුනු
අදත් ඒ ලෙසින් පෙර
සොයා යන කලට සිත
නවත්වන්නේ කෙලෙස
මේ දැනෙන දුක් සුසුම්
වියපත්ව මියෙන්නේ මා මිසක
මගේ සෙනෙහස නොවේනම්
කුමට නුබ පමා මේ හැටි
සුබ පතන්නට
නුබට මා අයිති වන්නට මග කියූ
මගේ උපත........