Sinhala Funeral Banner Wadan, Sinhala Funeral Banner Wording, Sinhala Funeral Quotes

සංසාරේ දුර වුණාම,
කදුල ලගයි ජීවිතේට,
සංසාරේ කෙටි වුණාම,
නිවන ලගයි ජීවිතේට,
ඔබ මෙලෙසින් හැර ගියාම,
දුකක් දැනුනි අප සැම හට,
පතනෙමු අපි නිවන් යන්න,
මේ භවයේදී.... 

-----


හිරුද සැගවුණී,
සදුද සැගවුණී,
අප අතර සිටි,
ඔබත් සැගවුණී,
ජීවිතේ හුස්මන්,
නිහඩ කරවා..
දෑස පියවා, නිහඩ වීලා,
හැර ගියත් නුබ, මතක සුවදයි.
මදු මලක් සේ සුවද දීලා.... 

-----


කිසිත් නොකියා - සැවොම හැඩගස්වා
ගොසින් අවරට - සොයුර පුන්සද
ඇයිද නිහඩව - ඉන්නේ නුබ අද... 

එකට සිටි ඒ මිතුරු මතකය,
සදා අප ලග තියා...
අපව තනිකර - අපට නොකියාම,
අපෙන් සමුගෙන නුබ ගියා...
සොයුර ඔබට නිවන් සුව... 

-----