Sinhala Mother's Day Nisadas / Mother's Day Sinhala Quotes / Wishes / Greetings / Wordings

 

 
ආදර මගෙ අම්මා... ❤️🌎🙏
එක දවසකට මොකටද අම්මෙ
ඔයා වෙනුවෙන් වෙන් කරන්න දවසක්...
හැමදාම අපි වෙනුවෙන් වෙන් කරන දවස්
නුඹ වෙනුවෙන් අපි වෙන් නොකර කොහොමද...?
ගැහැණියෙක් ලබන උත්තරීතර
උතුම්ම පදව්ය මව් පදව්යයි...
"අම්මේ නුඹ නිසාම මා ජීවය ලැබුවා...!"
ඒ නිසාම නුඹෙ ගුණ වයන්නත් මට ලැබුනා...
ඇහැට කනට පේන්න නුඹ
ඉදියලු මං ලැබෙන්න පෙර අම්මේ...
හැම අතින්ම ලස්සන නුඹ
මං නිසාම කැත වුණාලු අම්මේ...
වැහිරෙන නුඹෙ පපුව අස්සෙ
මං වෙනුවෙන් කිරි එරුනේ සෙනේ නිසා අම්මෙ...
කාට නැතත් මං රජ කර නුඹට ඕන
හිනහෙන්නලු අම්මෙ...
ගුණ කියන්න අකුරු මදිනෙ
නුඹ ගැන මට අම්මෙ...
මං නිසාම කුසට අහර හරි හැට්යට
අරං නොවෙලු මා හැදුවේ අම්මෙ...
යන අඩ්යක් ගානෙම නුඹ
මා රැක්කලු අම්මෙ...
ඇසට නින්ද නැතුව නෙවෙලු
කයට නියම සැප නොදෙනලු
මා හැදුවේ අම්මෙ...
නින්ද නොමැති රැයවල් ලග
ඉන්න බැරුව ගෙව්ව තත්පර ලග
නුඹ සිතුවෙත් මා ගැනමලු අම්මෙ...
අම්මේ නුඹ ගුණ කීමට
වචන කොහෙද මං ලග අද අම්මෙ...
මේ කරනා ආදරේට,
දරු දුක ලග හිත උණුවෙන්නෙත්
නුඹේ සෙනේ නිසාලු අම්මෙ...
රතු ලේ කිරි කර හැරුනෙත්
මා කුස නිවා සනසන්නට
නුඹෙ ආදරේ නිසාලු අම්මෙ...
මෙතේ බුදුන් දැක නිවනට
යන්න ලැබෙන්න ඕන මගේ අම්මෙ... ❤️🙏🌎
හැම අම්ම කෙනෙක් වෙනුවෙන්ම
හැම දරුවෙක්ම ප්රාර්ථනා කරන එකම දේ...
ගෙදර බුදුන් අම්මට සම කල
අම්මා මතු බුදු වේවා හැම සංසාරේ... 🙏❤️🌎