Sinhala Nisadas [නුහුරු හැඟුමක් දැනී...]

 
 
නුහුරු හැඟුමක් දැනී
මේ හිතට ඔබ එතී
කවුද ඔබ නොදනිමී
නමුදු පෙම් කරනෙමී...................
අහබු ඇස් මත ගැටී
මගෙ හිතම නැවතුනී
සසරෙ හුරුවට දැනී
ආදරය ඇරඹුනී..........................
කලබලම නගරෙකී
නුඹේ ඇස් මඟ හැරී
හිතම පසු පස යමී
යලිඳු හමු වෙනු ඇතී.....................
නින්ද නැති රැය වෙලී
සිතම ඔබ ලඟ වෙතී
හමුවෙන්න පැතුමක් ඇතී
කුමරුනේ හිත අවනත නැතී..................