Sinhala Happy Birthday Wishes For Father | Suba Upandinayak Thaththa, Appachchi

 

Sinhala Happy Birthday Wishes For Father | Suba Upandinayak Thaththa, Appachchi

වැහි ඇල්ලක්වත් නැති අහසට සාප නොකරනා...
රුදුරු වෙස් ගත් ලෝකයකට මෙත් වඩන්නට
හුරු කලේ
මතු බුදු වෙන්නට
පෙරුම් පුරනවද අප්පච්චි.....
එක තරුවක්වත් නැති අහසක
අඳුර බිඳිමිනා
උඩ මළුවේ පුන් සඳ විලස දිලි
මගේ ලොවම සරසනා අප්පච්චි
ඔබ බුදු වෙනදා....
සුභම සුභ උපන්දිනයක් වේවා අප්පච්චී ❤️❤️ 
------
 
අදටත් මේ අත් දෙකෙන් යමක් කවා ගන්න මට පින තිබුනා. ඔයාට දීර්ඝායුශ ලැබේවා කියා මා
ප්රාර්තනා කරනවා. සුභ උපන්දිනයක් තාත්තී!🥰 
------