Sinhala Lovely  Birthday Wording To Girl Friend, Lovely Wife | Wishes, Card Wording, Nisadas, Messages

මගෙත් ආයූ ගෙන මටත් වඩා කල් නුඹ ජීවත් වේවා♥️♥️
සුභම සුභ උපන්දිනයක් මගෙ මැණික♥️
කොහම ලියන්නද මොනවා ලියන්නද කියලා නොදැනෙන හැගීම් ගොන්නක් අස්සෙන්ම හැම උපන්දිනේකට වගේම මේ පාරත් කෙටියෙන් අකුරු කරන්නම්♥️
අම්මා අප්පච්චි වගේම මගේ ජීවීතේ දිනන්නට හයියක් වුණ ආදරේ♥️
ජීවීතේ දිනලා එනකන් නිහඩවම පිටුපසට වී බලාන ඉන්න ආදරේ♥️
ගොඩක් අය හැම තැනම මාව දැක්කට ඒ පිටිපස්සෙන් හැම තැනකම ඉන්න මගේ ශක්තිය ඔයා❤️
මගේ මූණේ තියන හිනාව අඩුවක් නැතිව හැමදාම රැදුණේ ඔයා නිසා❤️
අද මන් මේ ඉන්න තැන ඉන්නෙ අවන්කවම ඔයා නිසයි♥️
මගෙ ජීවීතේ හැම දුකක්ම සතුටක්ම මන් බෙදාගන්න කෙනා♥️
ජීවීතේ හොදම යාලූවා♥️
ආස හැමදේම ආසම විදිහට කරන්න දීපූ ජීවීතේ විදවන තැනක් නොවී විදින තැනක් කරන්නට ඉඩ හදලා දීපූ මගෙ ජීවීතේ ලස්සනම තෝතැන්න ඔයාගේ ඇස් මානය♥️
ආදරණීය ගැහැණියකගේ කුසින් අද වගේම දවසක ඔයා මේ ලෝකෙට ආව නිසා අද තවත් ගැහැණියක්ගෙ ජීවීතේ ඔයා ලස්සනටම සරසලා❤️
ගිය වසර ජීවීතේ සුභම වසර වූවා සේම මේ වසරත් සුභම වේවා මගෙ මැණිකට♥️
♥️අවසන් හුස්ම ගිලිහෙන මතුයම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වන්න...
නුඹ නැතිදාක මේ ජීවන මග යන්න
මට සවිනොමැත හිමියනි නුබ මා ගිය පසු එන්න♥️