ගුරු උපහාර සිංහල නිසදැස් | ලෝක ගුරු දිනය | Sinhala Nisadas For Teachers Day | Nisadas For Teachers | Guru Upahara Nisadas | A/L last day guru upahara nisadas | School last day guru upahara nisadas | School last day sinhala quotes, nisadas for teachers. 

 
 

සිප් දොරින් සිත් කවුලු බිදගෙන,
ලොව කරා පැමිණෙමි මෙමා..
වැලි පිල්ලමට, පසග තබමින්,
සමුදෙනා දින ලග එනා...

තුඩින් තුඩ, ගුරු පෙමින්,
රස කල සිප් කිරෙන්, අම දිය පොවා...
සවිය නැති විහගුන්ට,
ඔබ සවියක් වුණා අත්තටු සදා...

උරණයකි එක භේදයකි
විටෙක පංතිය
සිසාරා යන,
අඩ දබර කම් කොතෙක් කල මුත්,
ඔබේ ගුරු හද පාරමින්,
සිත් නොදෙයි අප හට තලන්නට,
ඔබේ කරුණා ගුණ නිසා...

නමුත් ඉදහිට, සැර වුණොත් ඔබ...
මගේ ඉදිරිය ගැන තකා...
එවිට දඩුවම සිහිව එද්දී...
ඉබේටම කන රතුවෙලා... 

දස දෙසින් දිවි දිනන මාවතේ...
නැණ ගුණින් යස යසස් දරු කැළ,
පමණමයි ඔබේ ලෝකය...
අදත් හෙටත් මතු දිනත්,
ඔබහට නොකරමි අවමානය...

සිප් හලින් නිකෙමන දිනේ..
මා නිසා හැඩුවා ඔබේ සිත...

තද කරන් ඒ ගුරු සිතේ දුක...
පරණ රෙද්දෙන් අලංකාර කල...
අලුත් පංතියේ ගුරු මේසයට...
පිවිසියා ඔබ මුව සිනා ගෙන...
 

රජ පුතුන්, දස දමින් රජ කරන සක්විති රජුන්, ගුණ නැණ බෙලෙන් පිරි මහා ප්‍රඥාවන්තයින්, ආදී ලොව ශ්‍රේෂ්ඨයින් බිහිකරන ඒ අසමසම නිහතමානී ගුරු හදවත අභියස හිඳ, ගුරු මව්වරුණි, ගුරු පියවරුනි මේ ගුරු උපහාර නිසදැස් නිර්මාණය ඔබහට මහත් ගෞරවයෙන් පුදන්නෙමි..

Credits goes to - wadan sayura youtube