"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං"

ඔබ සැමට පින්බර බක් පෝය දිනයක් වේවා!

------ 

 










පිිංබර බක් පෝය දිනයක් සුපින්වත් ඔබ සැමටම...

------

 

*බක් පෝය...*
පුණ්ය සම්පතින් පිරී ගිය බෝසත් සිද්ධාර්ථ කුමරුන් හට සතර පෙරනිමිති දැක්වීම අරඹමින් දෙවිවරු විසින් මහල්ලෙකුගේ රුවක් දකින්නට සැලැස්වූයේ අද වන් බක් පුන් පොහෝ දිනයක ය.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවන වරටත් හෙළ දිවයින අති පූජනීය කරවමින්, චූලෝදර-මහෝදර නා රජවරුන්ගේ සංග්රාමය වළකාලමින් නාගදීපයට වැඩම කොට වදාළේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනයකය.
------
 



 
 
බක් පුන් පෝය දවසක මුනි තුමන් හට
සිදු විය දෙවන වර ලක් දිව වඩින් නට
චූලෝදර මහොදර ⁣සොහො යුරන් හට
සිතුවා අවෛරයෙ සිත මතු කරන් නට
මයියංගනෙට වැඩි සමිබුදු මහිමි සඳ
පෑවා ප්රාති හාරය යක් පිරිස මැඳ
මවමින් අඳුර පෙන්වා බුදු අසිරි සොඳ
දමනය කලා යක් සේනා බලය බිඳ
වැඳ වැටුනා සියල්ලම පුදු සමිදු දෙපා
වෛරයෙ ගින්න නිව්නා හද කැලුම් පපා
සමිදුනි අපට ඔබ හැර පිලි සරණ එපා
මිදුවා දහම් රසයෙන් අප සතර අපා
වෛරයෙ සිත් නිවා එම සොයුරන්ගෙ සිත
සන සන ලෙසින් සම්බුදු හිමි වඩිනු ඇත
පැහැදී බණ අසා සොයුරන් බුදුන් වෙත
පිදුවා මැණික් පුටුවක් සිත සතුට මත
බුදු සමිදුනේ අද සිට ඔබ සරණ යමී
දහමින් දිවි මගට අප හව් හරන ගමී
කියනට බැරි තරම් හැම හදසතුටු වෙමී
නමදිමි සිරිපතුල් ලඟ බුදු හිමිට නැමී
සමිදුනි ඔබ සරණ ගිය අප සැමට අනේ
ගුණ සිහි කර පුදන කිසිවක් දෙවනු මැනේ
බුදු හිමි එයට නා රජු හට එකඟ උනේ
පුද ලැබු අසුන යලි දුන්නා පුදනු ගුනේ...
------
 
oday is the Annual Bak Full Moon Poya Day which commemorates many historic incidents Lord Buddha's second visit to Sri Lanka in order to solve a then-existing clash between the Yaksha and Naga Tribes in our Country 🌸 Wishing all of you a blessed Bak Poya Day 🙏🏽🌷 
-------
 
බුදුරජාණන් වහන්සේ එකල ලක්දීපයේ පැවති යක්ශ නාග ආරවුල විසඳීම සඳහා දෙවන වරට ශ්රී ලංකාවට වැඩම කිරීමේ ඓතිහාසික සිදුවීම සහිටුවන් කරන බක් පුරපසළොස්වක පොහෝ දිනය අදයි 🌸
Today is the Annual Bak Full Moon Poya Day which commemorates Lord Buddha's second visit to Sri Lanka in ordee to solve a then-existing clash between the Yaksha and Naga Tribes in our Country 🌸
ඔබ සැමට පින්බර බක් පොහෝ දිනයක් වේවා 🙏🏽🌷
Wishing all of you a blessed Bak Poya Day 🙏🏽🌷 
--------


බුදුරාජාණන් වහන්සේ දෙවන වරට ලක්දිව නාගදිපයට වැඩම කලේ අද වැනි බක් පොහොය දිනකදීය.
අරුත්බර දිවියකට මංපෙත් විවර වන පින්බර බක් පොහොය දිනයක් වේවා..!
Wishing you a blessed Bak Poya Day which opens the way to a meaningful life ..! 
-------

මේ පින්බර බක් පොහෝ දිනයේ ඔබ සැමට නිදුක් නීරෝගී බව උදාවේවා.!!!
Wishing you all good health on this blessed Bak poya day..!!! 
-------

පින්බර බක් පසළොස්වක පොහෝ දිනයක් වේවා !!
Wish you a peaceful Bak poya day !!
 
 -------
 
BAK POYA DAY!
Buddha, in the fifth year of his Supreme Enlightenment, returned to Sri Lanka on a Bak Pura Pasaloswaka Poya Day.
According to the Mahavamsa, an epic poem that relates the history of Sri Lanka, the Buddha visited Nagadipa as he wanted to put an end to the feud between two groups belonging to the Naga community and bring peace to the land.
King Mahodara and his nephew, Chulodara, both from the Naga tribe were quarrelling over a gem-studded throne, Manipalaga, which had been given to Chulodara's mother by her father.
The Buddha intervened as the rivals were about to meet in battle. He managed to settle the dispute and created unity through preaching the Dhamma sermons.
Having brought peace to the island, the warring kings had offered the precious throne to the Buddha. He courteously declined the gift. The throne was returned to the Naga Kings and was later enshrined in the Rajayathana stupa at Nagadeepa Rajamaha Viharaya, an ancient Buddhist temple built on the site where the events took place.
On the poya, Buddhists visit temples to reflect and travel to Nagadeepa Rajamaha Viharaya.
------

බක් පුර පසලොස්වක පෝය දිනය සම්බුද්ධ ශාසනයේ අතිශය උදාර දිනයකි.
– බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට ශ්රී ලංකාවට වැඩම කිරීම.
– බුදුරජාණන් වහන්සේ බුද්ධත්ව‌යට පැමිණ පස්වන වසරේ දී දෙවැනි වරට ශ්රී ලංකාවට වැඩම කිරීම.
– බුදුරජාණන් වහන්සේ නගදීපයට වැඩම කිරීම.
මාමා සහ බෑණනුවන් වන චුලෝදර සහ මහෝදර නා රජුන් අතර ඇතිවන්නට ගිය ගැටුම සමතයකට පත් කිරීමට බුදුරජාණන් වහන්සේ නගදීපයට වැඩම කිරීම.
– බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කිරීම.
– මණිඅක්ඛිත නා රජු බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කිරීම.
මේ සියල්ලම බක් පොහොය දිනය ඇසුරින් සිදුවිය.
-------