මහා සිකුරාදා

ප්රේමයේ උච්චතම අවස්ථාව...
මුලු මිනිස් සංහතියටම ප්රේම කරල... ඒ ප්රේමය ජීවිත පූජාවක් ලෙස ඔප්පු කල දවස...
අපි කොහොමද ඒ දවස සමරන්නේ... පාද නමස්කාරය නිරාහාරය... සුපුරුදු යාච්ඤාවන්... මෙවැනි සාම්ප්රදායිකව පවත්වාගෙන එන දෑට හදවතින්ම සහභාගි වන්නට ඇත...
ඒ සියල්ල යහපත් ය....


ඒත් උන්වහන්සේගේ ඒ උත්තරීතර ප්රේමයට අපට ප්රේමයෙන්ම පිලිතුරක් දිය හැකි නම්....
අපේ ප්රේමය මොනතරම් දූෂිත ද?
අපේ ප්රේමය අයිතිකර ගැනීමට කරන සටනක්...
ඒක පාර්ශ්වීයව පාලනය කරන්නක්...
කාමයට තෘෂ්ණාවට (තම ආශාවන් සංසිදුවා ගැනීමට) වහල් කල ප්රේමයක්?
මුදලට වස්තුවට වහල් කල ප්රේමයක්...
තවත් සමහරු මත්ද්රව්ය වැනි විවිධ දෑට ඇබ්බැහිව ප්රේමය විනාශ කරගෙන...
සමහරුන්ගේ මාන්නය කෝපය ඉවසීම නැතිකම වැනි මාංශික දුබලතා නිසාම ගෙදර ප්රේමය අවුල් කරගෙන...

මෙයා කාරයෙන් ප්රේමය දුබල වන තැන මුලු සමාජයම පිරිහි තමාවම කේන්ද්රීය කරගත් ජන සමාජයක ප්රතිඵල අප විසින් කාලීනව අත්දකිමින් සිටී...
මේ නිසාම අපේම දරුවන් මොනතරම් පීඩාවන්ට ලක් වේද?

මේ මහ සිකුරාදා අපද උන්වහන්සේ මෙන් ප්රේමය උදෙසා දිවි පුදන දවසක් කර ගමු...
අපි එකිනෙකා අපේම ඇතුලාන්තයට යමු...
ප්රේමයට පීඩා කරන දුබලකම් දකිමු....
ප්රේමනීය පවුලක් උදෙසා ඒ දුබලකම් වලින් සදහටම නිරහාර වමු. නිරහාර වමු. නිරහාරවමු.

ප්රේමය නිදහස් කරන මහ සිකුරාදාවක්.....

-------