රබන් පද | Sinhala Raban Pada | Awrudu Geetha, සිංහල අලුත් අවුරුදු ගීත , Aurudu Kavi, Sinhala Awrudu Jana Geetha, Aluth awurudu uthsawa songs , Sinhala awrudu songs lyrics, Sinhala Raban Sindu, Sinhala aurudu sindu, Sinhala and tamil new year songs

කොකිස්වලට කහත් නෑ
කැවුම්වලට තෙලුත් නෑ
කොහාට දැන් ගසුත් නෑ
මුං කැවුමට ඇටත් නෑ
සැප ද කියාපන් තක දොං සැප ද කියාපන් ...//
ඩේටා බේස් හාල් නෑ
බැඳුම්කරේ නඩුත් නෑ
සීනිවලට බදුත් නෑ
ගැසට් එකට පොලුත් නෑ
සැප ද කියාපන් තක දොං සැප ද කියාපන් ...//
එදා නටපු නන්දෙයා
අද නිකං ම කිංඩියා
චන්දෙ දීපූ බොන්ඩියා
කපනව තොගෙ බණ්ඩියා
සැප ද කියාපන් තක දොං සැප ද කියාපන් ...//
ජන වරමක් නැතත්
ලොක්කා වෙච්ච එකෙක්
රටේම සම්පත් විකුණයි
අපට වෙච්ච දෙයක්
සැප ද කියාපන් තක දොං සැප ද කියාපන් ...//
-------
 
❤️ උඩින් උඩින් වර පෙම්
කැන්දූ ..
❤️ බිමින් බිමින් වර පෙම්
කැන්දු ..
❤️ උඩින් උඩින් වර බිමින් බිමින්
වරන්දු
❤️ හතර වටින් වර පෙම්
කැන්දු..
❤️ බොලං නංගි ටිකක්
ඉදපං ..
❤️ හාදුවක් ගන්නකම් ඉඩ
දීපං ..
❤️ බලන් වට පිට කව්ද බලන්
සකි දැං ..
❤️ දැක්කත් කමක් නැහ
හාදුව බං ..
❤️ එගොඩ ගොඩෙත් නුඹ
මගේ ..
❤️ මෙගොඩ ගොඩෙත් නුඹ
මගේ ..
❤️එගොඩ ගොඩෙත් මෙගොඩ
ගොඩෙත් ...
❤️ නුඹෙ අයිතිය මගෙ
ගොඩේ ...
❤️ පුංචි කුමාරිට දෙන්න දෙයක්
ඇත ..
❤️ තුන්යම සිහිනෙන් ගෙනල්ල
දෙන්නද ..
❤️ කන්ද කපා පායන්
පුන්සඳ ..
❤️ සිහිනෙන්වත් මට ආදරේ
කියනවද ...
-------
 
බක් මාසෙට නැකත් අරන්
එරබදු මල් හිනැහෙනවා
රබන් සුරල් වැයෙන පදට
මල් වාරම් කියැවෙනවා
අවුරුද්දේ ....කිරි ඉතිරෙ...
නැවුම් පැතුම් හිත අස්සේ....//
පැණි මොර දම් හිඹුටු මසං
කොවුල් හඬට ඇහැරෙනවා
නැව් නැගලා කෙසෙල් කැණක්
ගෙයි මුල්ලෙ සැතපෙනවා..
අවුරුද්දේ ....කිරි ඉතිරේ
නැවුම් පැතුම් හිත අස්සෙ...//
කැවුම් කොකිස් මූං කිරිබත්
සතුට අරන් ගෙට එනවා
අත්තා මුත්තා කිරි කිත්තා
නෑදෑකම් මතුවෙනවා...
අවුරුද්දේ ....කිරි ඉතිරේ...
නැවුම් පැතුම් හිත අස්සේ....// 
-------

දොන් ජිං ජිං දොං තරිකිට හඬන රබානේ - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු
දොන් ජිං ජිං දොං තරිකිට හඬන රබානේ - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු
අවුරුදු කාලේ... පොඩි පොඩි යාලූ - එකමුතු වීලා.. වටතිර ඇදලා
ඇලඩින්ගේ...... මන්තර පහනේ.... කතාව නටමු..... මුළු ගමටම කියලා
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ
ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ
අතුරු මිතුරු යාලු මිතුරු රඟමු සියල්ලා...
දොන් ජිං ජිං දොං තරිකිට හඬන රබානේ - රන්වන් රන් රැඟුම් රඟමු ටිකිරි විමානේ
සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ - සඳකිඳුරා නැටූ නැටුම් නටමුද යාලු
තම්දෙන තානා.. සිංදු නලෝලා..- අපි එක්වීලා.. නටමු එරන් කලේයා
අපෙ ඉස්කෝලේ.. පුංචි එවුන්නේ.. -සෙල්ලම් ලෝකේ... අද මෙන්න පෙනේයා...
සද්ද නගාලා දැන්, ගීත ගයාපන්නේ - සද්ද නගාලා දැන්, ගීත ගයාපන්නේ
අතුරු මිතුරු දඹදිවතුරු රඟමු සියල්ලා...