Sinhala Adara Nisadas | සිංහල ආදර නිසදැස් | Sinhala Adara Wadan | සුවඳ නොඅඩුව තියා හැමවිට...


සුවඳ නොඅඩුව තියා හැමවිට
මිලින නොකලවු පියුම හදවත
රැකගත්තා නුඹ සදා සැමවිට
ආලයෙන් මා සනසා හැමවිට...



වෙලී හදවත් අට වසක් වුව
නොදැන සිටියෙමි ඊට පෙර සිට
තවත් අට වසරක් පුරාවට
බලා සිටි බව දුරින් ඔබ හිඳ...

ඉදින් අට වසරක්ම ගත විය
සෝතැවුල් මග දෙපස හමුවිය
එහෙත් නුඹ මා, මා නුඹේ විය
නුඹයි මා ලද අමිල තිලිණය....

දිනූ......