Sinhala Birthday Wishes, Nisadas For Teacher | Guruthuma | Guruthumi // Upandina Subapathum

 

 

 
 
යහන්සා නිවහනම කලබලයි අද...
උපන්දින සාදයක් නිසා...
සුබ උපන්දිනයක් පතනකොට
වටවෙලා අත්පුඩි ගස ගසා...
ළං වුණත් ඔබ හතළිස්වන වියට
තුරුණුයි නුඹෙ සිනහව තවමත් අපහට
පිළිගන්න සෙනෙහසින් මේ පුදන සුබ පැතුම් නුඹෙ නමට
පුන්සදක් වෙලා ගුරු මඬලට පෑයූ...
දිගුකල් ලැබේවා දිවි ගමනට වායූ...
එකසිය විසිවසක් ලැබෙන්නට ආයූ...
ප්රියන්ත දිසානායකයාණෙනි නුඹට දීඝායූ...
ආ මග කෙටියි වෙහෙසයි දන්නවා නුඹ
යා යුතු මග දුරයි කටුකයි කියූ නුඹ
දිවරෑ වෙහෙසුනේ යහමග ගන්න අප
පතනවා ගුරු පියාණෙනි දිවිමග වන්න සුබ
දහසක් ගුරුන් අතරෙහි තරුවක් වන්න
සහසක් ආයු පතනෙමු එය පිළිගන්න...