අපේම තාත්තාලාට පියවරැන්ගේ දිනය වන අද දිනයේ අපේ ආදරය කරැණාව ලෙන්ගතුකම. අප සදා ණයගැතියි.
 ------
 

ගොඩක් අයට අමතක උන ලෝක පියවරැන්ගේ දිනය අදයි
💞💞 💞ආදරෙයි තාත්තාට පන වගේ💞💞💞.

මගේ අතින් නෝදැන හෝ වරදක් උනානම් සමාවෙන්න තාත්තාට දිර්ඝායුෂ ලැබෙවා බුදු සරණයි...

 

කළුවර පහව යන
උදෑසනකට ඇස් ඇර
තාත්තේ කියා කීවද
මා, මා නෙතු නොඇරි
උදෑසන තාම මතකද?

සිසිරය ගලා එන
සීත රැයක අවදිව
තුරුළු වුණු සෙනෙහස
තාත්තාගේ උණුහුම
තාමත් නුඹට මතකද?

කතාන්දර වල එන
බියකරු චරිත පණ ගෙන
බිය ගෙනෙන සිහින වල මැදියම
තාත්තේ කියා ගෙන නැගිටින
ළමා විය තාම මතකද?

මේ සොහොන
පාළුවෙන් තෙතබරිතය.
ඒ රාත‍්‍රිය සේම බියකරුය
නුඹලගෙ සිනා හඬ නෑසේය

පියවරුන්ගේ දිනයට
කොහේ හෝ ඉඳ අවුදින්
දන හොවා දිදුුල ඉටිපන්දම
තවත් වසරකට සෑහේය.

------

අම්මා සඳකි මම ඒ  ලොව හිරුය      රිදි
ඒ ඉර හදෙන් නුඹේ ලෝකය එළිය    වුණි
රැකුමට පුතුන් දවසේ දුක් ගැහැට     විදී
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා      මදි ...

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ     පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට      දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද       පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි     නොවුනේ....

මවකට මුවාවී නුඹ වෙත දිවි           දුන්නේ
මම වෙමි පුතුනි ඒ මා පමණයි         දන්නේ
පිය සෙනෙහස නැති ද දරුවනි      හඳුන්නේ
අම්මා වරුන් පමණ ද මතු බුදු        වන්නේ ....