Sinhala Teacher's Day Nisadas | Sinhala Teachers Day Subapathum sinhala teachers day wishes
happy teachers day wishes sinhala | teachers day quotes in sinhala | teachers day card sinhala | happy teachers day sinhala | happy teachers day nisadas sinhala | teachers day sinhala wishes | happy teachers day card sinhala | teacher day card writing in sinhala | simple words for teachers day | teachers day | wishes sinhala download | teachers day sinhala essay | teachers day essay in sinhala | sinhala wishes for teachers day | sinhala song for teachers day | sinhala quotes for teachers day | sinhala poems for teachers day | teachers day sinhala nisadas for teachers | guru dinaya speech | happy teachers day | sinhala wishes | happy teachers day song sinhala | teachers day wishes in sinhala | teachers day card in sinhala | teacher day poem in sinhala | teachers day song in sinhala | happy teachers day wishes in sinhala | world teachers day wishes in sinhala | teachers day writing in sinhala | sinhala nisadas teachers day wishes in sinhala | teachers day sinhala post | teachers day poem sinhala | teachers day quotes sinhala | quotes about teachers in sinhala

 

'අ'යනු 'ආ'යනු කියා දෙමින් ජීවිතය අර්ථවත් කල දෙවැනි මව්පියන් වූයේ ඔවුන් ය…
යහපත් පුරවැසියෙක් වෙන්නට කියා දුන්නේ ඔවුන් ය…
ජීවිතයට අරමුණක් දුන්නේ ඔවුන් ය… 
------------
 

 

🥀 ලෝක ගුරු දිනය අදයි 🍃
~ අධ්යාපනය නම් නෞකාවේ රුවල
බදු වූ
විටෙක මවකි ඔබ
විටෙක පියෙකි ඔබ
යහමඟ පෙන් වූ
ඔවාදුන් සෙනෙහසින්
ගුරු මව්නි පියාණනි පුදමි ඔබ
හදවතින්.....
--------------
 
ජාතික අැඳුම ඇඳ තේජස්
ගතිය පපා
වේවැල පිටුපසෙහි රඳවා
දෙතොල හපා
පාසැල වටේ ගොස්
හිතයට සිනහ උපා
ලෝකය දිනන උන්
හැදුවට වඳිමි දෙපා
පහදාා දෙමින් පාඩම
තම සිතැඟි මතේ
සැමදාා ලඟින් සිටි
අම්මා ඔබයි සි⁣තේ
පුබුදාා මනස අමතා
පවසමින් පුතේ
නොනිදාා වදියි දෙවිවරු
විත් සතර අතේ 
--------------

මවලා ජිවිතේ ලස්සන කරන්න
එක මොහොතක් හරි කැප කරනවා නම්
ඒ කෙනා අපි හැමෝටම වඩා ලස්සනයි
විශයට සීමා වුණු ගුරුවරු අතරේ
ජිවිතය කියා දුන් ගුරුතුමනි ඔබ
ඇත්තටම හරිම ලස්සනයි .......
ඔබ මුලින් ගුරුහරුකම් දුන්නෙ
සහෝදර අයියා කෙනෙක් විදියට,
ඒත්,.........
දැන් හැම කෙනෙක්ම දන්නා
සර් කියලා කතා කරන ඔබ ගැන
කවි නිසදැස් ලිය වෙන විශයට එහා
ජිවිතේ රටා මවලා පාට කරන්න කියලා දෙන,
" මා පසු කර ඇවිත්
නුඹ පසුකර යනදා
මා දිනුම් පුතේ කියන
සිතුවිල්ල ඔබේ සිත තුළ වැජඹෙන
ඔබ ඇත්තටම ගුරු තරුවකි
දිනක මේ ලෝකයම බබළන " 
----------------

අල්ලට සිඟාවත් නැති එක ඇඳුම ඇඳන්
පැන මඩ කඩිති දිව එයි පොත් මිටිය බදන්
වල් කොල බිම මතට පා යුග හිමින් තබන් ඇල්මෙන් අකුරු දෙන්නට එන ගුරුන් වඳින්
පා පිස්නාවකට දැන්නම් සමයි ගුරුන්
අහු මුළු වල බැනුම් එමටයි හැමට ගුරුන්
දරුවන් පණ පුදා රකිනා මව්නි ගුරුන්
වැජඹෙනු අතිර කල් පිහිටයි දෙවිඳු සමන්
පසුගිය වසර තුන ගුරු දින නෑ ලැබුවේ
ලුනා කැලැන්ඩර් පිටු බොරුවට ඉරුවේ
සුවහස් සිසු දරුවො තනියම ඉකි බිඳුවේ
කළුවර අහසේ ගුරු දෙවිවරු නෑ දුටුවේ
යන එන ගැටලු අඩු වැඩි වශයෙන් දරුවන්
ඉඳහිට පැමිණ කර ගනුදෙනු ගැසූ රබන්
මුඛ ආවරණ පොසිටිවි වු සිසු දරුවන්
ජීවිත අනතුරට පත් ගුරුවරු සමරන්
දත්මිටි කකා රතු ඉර වදිනවට බයෙන්
බත් ටික එක මුලට බැඳගෙන හිත විරියෙන්
මත්වී නේක කොල පුරවන් පාට දියෙන්
සිත් සතුටින්ද ඔබ එන්නේ උදේ පැයෙන්
ගුරු දෙවිවරුන් හට වදිමින් උදේ හවා
නැණ ගුණ වඩන දෙන ඔවදන් හදේ හොවා
ඇල්මෙන් අකුරු කර දිවිමග දුකද නිවා
යන හැම දිනම ගුරු දිනයක් නිති වේවා.........
--------------
 
සිප් කිරි පෙවූ මූසිල හා ගුරු තරු....
මිනිසත් කම පිරුණු ලොවකට අදත් හෙටත් දරුවන් යහමගට ගෙන එළිකර කවදත්
දෙවිවරු සේ අදත් වඳිනා ගුරු පිරිසක්
දවසක් සමරනවා නමකින් ගුරු දිනයක්
කෙනෙහිලිකම් දිනෙන් දින ගුරුවරුන් කරා නවගුණ වැල අතින් ගෙන අපහාස කරා
දර දිය ඇදපු පින්වත් ගුරු දෙවිදූ කරා
දෙවි රැකවරණ ලැබුණා උන් සැවොම අරා
තුන් තිස් පැයේ රැකගෙන සුවහසක් දරු
සිප් කිරි පොවා අස්වද්දා කෙතක් සරු
මහවුන් කොහොමටත් උන් දෙස බලා මරු අපහාසයෙන් වෙර දරුවා පුදනු ගුරු
මඩ ගොහොරෙ පිපුනු ගුරු දෙවිවරු පිනකි ලෝකෙට සුවඳ හමනා උන් සිළුමිණකි
රටකට අවැසි දරුවන් බිහිවෙන විලකි
ගරු මව්වරුන් පියවරු සුවදැති මලකි
ඇගයුම් විටින් විට දසතින් කණ වැකුණා නොගැයූම් ප්රශස්තිත් ඉඳහිට හද දැවුනා
සමරන ගුරු දිනය පාරට ඇද දැමුණා
අද ගුරුවරුන් අපහාසෙන් ලොව රැදුණා
හිරු එළියෙන් පිපී සුවඳ මලක් ලෙසින්
දරු සෙනෙහසින් හදපිරි ගුරුවරුන් විසින්
සරු කෙත් හදා රට ජාතිය රකිනු රිසින්
ගුරු දෙවිවරුන්හට පිං දි රකිමු හිසින්.........
----------------
 
 





















"අව්යාජ ගුරුවරුන්ගේ මගපෙන්වීම, මනුෂ්යත්වයෙන් හෙබි සමාජයක් ගොඩනැගීමේ පදනමයි"
ජාත්යන්තර ගුරු දිනය වෙනුවෙන් සුවහසක් වූ ශ්රී ලාංකේය ගුරු මව් පියවරුනට සුභපැතුම්....
-----------
 
ඔබේ දුවගේ, පුතාගේ ආදරණිය ගුරුතුමාට / ගුරුතුමියට ගුරු දිනයට ලස්සන සුභ පැතුමකින් ගෞරවය දක්වන්න...
----------
 
අද අපි මොනයම් හෝ තැනකට ඇවිත්
ජීවිතය ජය ගැනුමට හරි පාරක යන්න
අත දුන් ගුරු මෑනිවරුනි ,පිය වරුනි,ඔබයි අපේ දෙවැනි මව,පියා..
එක් දිනක් නොව මුලු ජීව්ත කාලය පුරාම
ඔබලා අපේ දෙවිවරුන් වැනිය..
************************************************
නමදින්නම් ආදරෙන් ..
අතීතයට සිහිවෙයි. සාරි පොටේ එල්ලිලා,
තොර තෝංචියක් නැතිව කියවපු හැටි
පුංචි දේටත් මුහුණ දුකෙන් ඉන්න විට
අප නැළවූ හැටි,
උගුර කට වේලෙන කම් අපිට කෑගසා
අ,යන්නේ සිට උගන්වපු හැටි,
හොද මගට සිත යොමු කරපු හැටි
****************************************
සත්තකින්ම එය මහත් කැපවීමකි..
ගුරු මෑණිවරුනි,පිය වරුණි
සියලු ආශිර්වාද ය ඔබට උපහාරයක් ම වේවා! 
----------------