ආදරේ කියන්නේ ....
හරි පුදුම බැදීමක් .......
හැම හිතක්ම හැම මොහොතකම
ආදරේ හොයනවා ........
ඒ හොයන ආදරේ ....
එක්ක ....
ලං වෙච්ච හිතක්
තමන්ට ගැලපුණා ම.....
එතැන් පටන් ආදරේ කරනවා ....
සම්මතයි ද
අසම්මතයි ද
කියලා හොයන්නෙ නෑ......
ඒ හිත්වල බැදිච්ච බැදීම්
එක්ක ආදරේ ගලා යනවා ...
හැම හුස්මක ම
හැම සුසුමක ම
හැම තත්පරයක ම
ආදරේ එක්ක හුස්ම ගන්න
අය ඕන තරම් ඉන්නවා .......
හදවතේ රැදුනු
මතක එක්ක .....
ප්රේමයේ නමින්
තනි වෙච්ච හදවත් ...
ඕන තරම් ඉන්නවා....
තමන්ට අයිති වෙන්නම ඕනද ....
ආදරේ කරන්න ......???
අයිති නොවීම තුලත්
ආදරේ තියෙනවා ඕනවටත් වඩා....
එහෙම වෙනකොට ඒ ආදරේ
පරිස්සම් කරනවා
තමන්ගෙ පණටත් වඩා ......
සම්මතයෙන් ඔබ්බට .....
ප්රේමයේ බැදීම්
බලගතුයි ....
හිත් බැඳුණු දා ....
අත්සනකට සීමා නොවී
ආදරයේ අරුත
ලොවට කියා දුන්
ප්රේමවන්තයෝ
තාමත් හුස්ම ගන්නවා
මේ මහ පොළොවේ .....
ආදර හුළඟත් එක්ක ......