නොදනිමි නුඹ වෙත මගේ
උපදිනා නොනවතින හැගුම්
කෙලෙස හොද කරනු මා
නුඹෙ ආදර පස්පංගුවෙන්
තනි කමේ වරු ගණන්
තුරුලු වී පැය ගනන්
ආදරේ නාමයෙන්
එක් කලා මතකයන්
දාපු ඒ රැකවලුත්
දීපු ඒ වරෙන්තුත්
අත් දෙකට මංම ගෙන
දාගත් ඒ මාංචු
කෙලෙස හොද කරනු මට
හදවතින් කොනිත්තා
ඇස් වලින් බැදගත්ත
අවසානයේ වැටහේවි
මං තමා වැරදිකරු
නුඹෙ ආදර උසාවියේ