Sinhala Happy Birthday Nisadas For Mother

🎂 සුභ උපන්දිනයක් අම්මා ❤️
"සසරින් එතර වන්න හරි මං සොයානා
රනින් මාල පලදන්නට ඈ දිරි දුන්නා
මං පෙත් විවර කරමින් මග පෙන්නා
දෙනෙතේ කදුලු රහසේ පිස දැම්මා
දස මසක් සෙනෙහසින් කුස දරා
ඇග ලේ...මස්..කිරි කර දුන්නා
දරුවන් වැඩුනි මව් ගුණ අද්දා
ඇය වියකුනි දරුවන් හන්දා
සසරින් එතර වන්න...
කුස ගිනි දැරුවා ඈ අප ගැනම සිතා
නිදි වැරුවා ඈ මා නින්දේ තියා
නොනිමි පහන් සිල ඔබ මගේ ජීවිතය
මතු බුදු වේවා මගේ අම්මා හැම සසර"
------
 
 නිදුක් නීරෝගිමත් " සුභම සුභ උපන්දිනයක්" මගෙ අම්මා.මේ අත්මේ වගේම ලබන හැම ආත්මයකම ඔයා මගෙම අම්මා වෙලා ඉන්න .බුදු සරණයි අම්මා .
------
 
නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා අම්මා!!!🎂 🎂 ♥️
තටු නැතිව ඉගිලෙන අම්මාවරු අතරේ,
තටු තිබුනත් ඉගිල නොගිය ඇය
පත්තිනි අම්මාය..🌼
දසමාසේ කියලා වැදලා උද්දිකාරෝ කියලත් ඔයාටම වැන්දට මට පව් නෑ...🙏 ♥️
ඉතින් ආයෙත් දීර්ඝායු පිරි සුබෝපෝන්දිනයක් වේවා මගේ අම්මේ 🙏 🎂 
------

සුභම සුභ උපන්දිනයක් වේවා සුභා අම්මේ....!!!😞 ඔයා නැති අඩුව හැම මොහොතකම දැනෙනවා. ඔයා අද ජීවතුන් අතර හිටියනම් මේ වෙනකොට කොච්චර සතුටින් ඉන්නවද අපි හැමෝම.ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න අම්මේ. හැමදාමත් ආදරෙයි.....!!!!😞😢😢 
------

සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ අම්මේ ❤️
හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️
ආදරෙයි ගොඩක් අම්මේ 😘😘 
------


ආදරණීය අම්මේ,
සුභම සුභ උපන්දිනයක් වේවා!!!
අද ඔබ ගැන කිසිවක් නොලියන්නෙමු. කරුණාරත්න දිවුල්ගනයන්ගේ මේ ගීය පමණක් මෙහි අමුණන්නෙමු. ඔබ ගැන අප ලිවිය යුතු සියල්ල එහි රැදී ඇති බව ගර්වයෙන් ලොවට කියන්නෙමු...
"වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ
කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ"
ඉතින් සියක් වසරකට ආයු,වර්ණ සැප,බල ලැබේවා.....
ආදරණීය හිරුන්දි ,කෙවින්දි හා නිසූගෙන්... 
-------

#අම්මේ ,,,,, ඔයා නොහිටින්න මට ජීවිතේ
මෙච්චර දුරක් එන්න වෙන්නේ නෑ අම්මේ❤
දිරිය මවක් ලෙස දරුවන්
හැදූ නුබ...
පැමිණෙන දුක් රස අහරක්
ලෙසට ගෙන...
සියලුම බාධාවන් බිද දමමින්
දිවි මග ගෙවන...
#අම්මේ_නුබ_නම්_දෙවගනකි
#මිහිමත_වැඩ_සිටින_________
දිනක කිරුළු පලදා නුබ හිනැහේවී
එදින ඔබේ සියලුම දුක් නැතිවේවී
එදින තවත් නොබෝ දිනකින් පැමිණේවී
එවක් පටන් නුබ සැමදා හිනැහේවී....❤️❤️
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ_____❤️🎂
--------


අම්මේ ❤️ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා 🎂 කුණාටු සාගරයේ රුවල් බිඳුණු නෞකාවේ හබල ඔබයි. පිළිසරණ ඔබයි නුඹයි මගෙ අම්මා..❤️🙏🙏
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා !!! 
-------

සුභ උපන්දිනයක් වේවා!
❤️ අම්මේ ❤️
සතුටු සයුර මත
කඳුළු බිඳු මත
ගැඹුරු ජලයේ
සෝසුසුම් ඇත
සිනා ගගුලකි
සතුටු ලෝකයකි
සුසුම්
ව්ඩාව
සිනා සිත්තම් සමඟ
අම්මා
නිදුක් නීරෝගී භාවය
දීර්ඝායු වේවා!
සුභ උපන්දිනයක් වේවා!
අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️
®® සෙනෙහෙපිරි මගේ දෙවෙනි
අම්මා ඔබයි ®®
🙏🙏🙏🙏🙏🙏🙏❤️😘🌹🙏🙏🙏🙏🙏🙏🙏 
--------


සුභ උපන්දිනයක් වේවා අම්මේ......❤️❤️❤️❤️
සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී..
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී..
අම්මා යන සමාධියට සිටිමි සමවැදී..
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී..
❤️❤️❤️❤️❤️
සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ..
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනව අම්මේ..
සක්විති රජ වරුනගෙ දණ ඔබ ලග නැම්මේ..
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ.. 
--------