Sinhala Safe Journey Nisadas | පරිස්සමෙන් ගිහින් එන්න සුභ පැතුම් | Sinhala Lovely Safe Journey Wishes

ගොඩක් හිත් දුක හංගලා හිනාවෙලා මතක ටොන් ගානක් එක්ක ආපහු හැරිලා ආව තැන මෙතැන
අඬන්න කඳුළු ඕන තරම් උනද්දි පුරුද්දට වගේ හිනාව අස්සෙන් කඳුළු පිහිද්ද තැන මෙතැන
"පරිස්සමෙන් ගිහින් එන්න.මං ආදරෙයි"
හැමෝම හිනාවෙලා සමුදෙන්නෙ එහෙම!
ඒ කොහොම වුනත් තාමත් ඇස් හොයන්නෙ උඹව
මට ආයෙම ඉක්මනින් ඔයාව බලන්න ඕන
හයියෙන්ම බදාගෙන ඉඹින්න ඕන
පුළුවන්ද ඉක්මනින් එන්න
මං ආයෙත් හිනාවෙලා යන්න ආසම තැන මෙතැන!
දින සති මාස කල්පයක් වගේ දැනෙද්දි
ගල්වෙච්ච කඳුළු ආයෙත් දියකරන් ඔයා එන දවස වෙනකල්
මං හිනාවෙලා ඉන්නම්
නුහුරු හින්ඳම අමාරුයි ඔයා ලඟ නැති තප්පර
ඒත් මං ඉස්සරට වඩා මහ හුඟක් ආදරෙයි! 
------
 
 
පරිස්සමෙන් ගිහින් එන්න 😥😥ඔයා සතුටින් ඉන්න ඔනා හැමදාම❤️❤️ ගොඩක් දුකයි😥😥😥😥 ගොඩක් ආදරෙයි😍😍 
--------
 
😢 පරිස්සමෙන් ගිහින් එන්න . ❤️😍❤️ තෙරුවන් සරනයී !! ඔයා එනකම් අපී හැමොම බලන් ඉන්නවා 😔 අයීයා 😔 
--------

පරිස්සමෙන් ගිහින් එන්න. 😓පාලුයි 😢 දුකයි ගොඩක්.බුදුසරණයි ඔයාට වස්තු😓😓😘 🇦🇪 දුවයි මමයි බලන් ඉන්නවා 😢😢 
-------

ඔයා නැතුව ගෙවෙන දවස් මට හරි පාලුයි ලමයෝ
පුළුවන් ද එක පාරක් ඇවිත් බලල යන්න.....
හිතේ තියෙන හැම හැඟීමක්ම මට ඔයා එක්ක බෙදාගන්න ඕනේ..
දවස පුරාම බැරි උනොත් අඩුම තරමේ පැයක්වත් ඔයාගේ අතේ එල්ලිලා ඇවිදින්න ඕනේ...
පාර අයිනේ තියෙන පුංචි කඩේකට ගිහින් උණු ප්ලේන්ටියක් එක්ක මොකක්ම හරි කඩචෝරුවක් ඔයත් එක්ක රස කර කර කන්න ඕනේ...
මං වෙනුවෙන්ම දෙන මහමෙරක් ආදරේට ඔයාගේ නලලත සිප ගෙන ස්තූතියි කියන්න ඕනේ.
අසීරුම තැන්වලත් මාව දරාගෙන ඉන්නවට
මට මේ ලෝකයේ තියෙන ලොකුම ශක්තිය උඹ වෙනවට,
ඔයාට පුංචි හාදුවක් දෙන්න ඕනේ.
ආපහු ඔයා මාව බලන්න එනකම්
මතක් කර කර හිනාවෙන්න ලස්සනම මතක ටිකකින් මගේ හිත වගේම ,
ඔයාගෙයි මගෙයි පුංචි පොටෝ කිහිපයකින් මගේ ගැලරිය පුරවගන්න ඕන.
පුංචි පුංචි දඟකාරකම් ටිකක් කරලා ඔයාව අවුස්සලා
කේන්ති ගත්තම පේන ඔය නපුරු මූණ මට හැබැහින්ම දකින්න ඕන.
ලැබෙන පුංචිම කාලය හරි සැහැල්ලුවෙන් ඔයා ලග විඳගෙන ඔයා ආපහු යන වෙලාවට පරිස්සමෙන් ගිහින් එන්න කියල මට ඔයාව වැලඳගන්න ඕනේ..
හ්ම්ම්ම්..
ඒ තමයි මං විඳගන්න ඇඟිලි ගැන ගැන ඉන්න හරි ලස්සනම ප්රේමණීය හැඟීම්....
දන්නවා හිතුන ගමන් එන්න පුළුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ කියල,
ඒත් හරි ඉක්මනටම ඒ දවස් උදාවෙයි කියල මං විශ්වාස කරනවා...
අපිට අපේ වෙලා අපි ලඟම ඉන්න පුළුවන් දවසක් එනකම් මං හැමදාමත් හීන මවනවා..
ඉතින් ළමයෝ ,
ඉක්මනටම එන්න මාව බලන්න.
මට උඹ මත්තෙම ඒ ආදරේ අපූරුවට විඳගන්න ඕනේ____❤️🥺💐 
-------

මේ තරම් දවස් ඔයා මං වෙනුවෙන් හිටියා
දැන් මට පුලුවන් ඔයා වෙනුවෙන් බලං ඉන්න
පරිස්සමෙන් ගිහින් එන්න
අපි ආයෙ හමුවෙන දවසට
මාත් ඉන්නවා ඔය වේදිකාව ලග 🥺💜️ 
-------