Sinhala Upadina Subapathum Nisadas | Sinhala Upandina Subapathum Kavi | උපන්දින සුභ පැතුම් කවි, නිසදැස්

යනෙන මග ජය ටැඹ දකීවා
ගොඩනැගෙන බාධක බිදේවා
දුටු සිහින හැබැහින් දකීවා
සුභ උපන්දිනයක් ම වේවා...........

සිනා හසරැල් මල් පිපේවා
නෙතින් කදුලක් නොම නැගේවා
සිතින් නිදහස සුව ලැබේවා
සුභ උපන්දිනයක් ම වේවා............

හිතන හැමදේ සපල වේවා
පතන හැමදේ නිති ලැබේවා
සතුට සොම්නස උරුම වේවා
සුභ උපන්දිනයක් ම වේවා.............