Many more happy returns of the day nangi 























පැතුම් මල් පීදෙන්න
සතුට ලොව රජයන්න
නැවුම් වූ අනාවක
සිතුම් සැම සුභ වෙන්න
උපන්දින සමරන්න
හදින් බැදි සොඳුරු පැතුමන්
මෙලෙස පිළිගන්න 










සුභ උපන්දිනක් වේවා..





පතමි සුභ පැතුම්
ඉටුවෙවා ඔබේ පැතුම්
හදවතින් ඔබ මගේ
ජිවිතේ ජියගන්න
ආදරේ රැකගන්න
උපන්දින සුභ පැතුම්...
------
කවි නෑ ලියන්න
වදන් හිත පිරෙන්න....
උපන්දින සුභ පැතුම්
ආදරෙන් පතන්න......
කිතිකවන මලකෝලම්
ආදරෙයි පැලෙන්න.........
-------
~~~~~උපන්දින සුභ පැතුම~~~~~
කිරි බී හැදුණු කවියෙකි සරසවිගෙ තනේ
සුමිහිරි පද ගැයුම දෙසවන මිහිර දැනේ
අගයමි ඔබගෙ හද තුල රැඳි කුලුණු ගුණේ
අද දින උපන්දිනය සමරන මාගෙ කල්‍යාණ මිත්‍ර කවි ගුරුතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා..


-------
මේ සුභ දිනයේ මට සුපැතුම් ගෙන දුන්න
පායන ඉර ට විය මම නෙළුමක් වැන්න
ආදර සොයුරු කැල හැමදා ළඟ ඉන්න
සාදන තුතිය පුදනෙමි සැම අග යන්න
-------
කවි කෙත පොහොණි කරනට පන්හිද සමඟ
සවිමත් දෑත අරගෙන කවි ලියන වග
හදවත පිරුණු මා ඔබෙ කවි විඳින වග
විරිතට සදෙස් සිව් පද තව තව ඒවා
විඳිනට කවි ගීත හැමවිට ලියවේවා
සමරන උපන්දින ඔබ හට සුභ වේවා
සියවස් ආයු ලැබ නිදුකින් වැජඹේවා!!!!
-------
අදයි දවස නුඹ ලොව එලිය දුටු
වසර 82 ක ට පෙර අද වැනි දිනක
නොයෙක් දුක් ගැහැට මැද
එදා මෙදා තුර විඳි දුක් අපමණයි
නුඹ කී ලෙසට
දහස් වරක් එකම දේ කියා ඇති වරු ගණන්
නුඹ සමඟ තනි වූ විට
හමාර කලත් 3 වසරෙන් නුඹෙ ඉගැනුම
උපාධිය පරාදයි නුඹේ දැනුමට
දුන්නු ඔවදන් නිසා දරුවනට
එකෙක් නෑ ගියේ නොමඟට
ණයයි අපි සැවොම නුඹෙන් බිව් කිරි වලට
ඉතින් අපි දරුවන් හය දෙනාටම
නෑ පැතුමක් වෙන කරනට
සුබ පතනවා මිස සුභ උපන්දිනයක් වගේම දීර්ඝායු ලැබෙන ලෙස
සත්තයි අපි සැවොම
පතන්නෙ එක සිතින් පිරිසිදු
වෙන්නයි දිනෙක ඔබ මතු බුදු 






-------
ගොඩක් බර උහුලගෙන
වේදනාවන් සඟවගෙන
සෙනෙහෙ හිත තබාගෙන
නුඹ හිටියා දරාගෙන
පියෙකුගේ සෙනෙහසට
මුදු මොළොක් කවි නොලීවට
නුඹත් එක හයිකුවකි
ගොඩක් තේරුම් සහිත
උපන්දින සුබ පැතුම
පොඩි දෝණිගෙන් මේ ලෙසට
තාත්තේ නුඹ් මගේ ලොව
මහ රජුය සැම විටම
සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තා 



හැමදාම එක වචනයකින් මං වැරදි කරනකොට ඒවා හදන්න ..
ඔයා තරම් කවුරුත් නෑ ..
නිහඬවම ඉන්න හිත ඇතුලේ ආදරේ ඇති මං වෙනුවෙන් මං දන්නවා ...
සුබ උපන්දිනයක් වේවා මගේ තාත්තී







පරිස්සමින් සතුටින් මේ හිටියා වගේම ඉන්න තාත්තා ... 




-------
උපන්දින සුභ පැතුම...
කුසක පින්වත් දළුලමින් මොබ
මාස නමයක් බලය ලැබ හිඳ
පිනෙහි බලයෙන් ලොවම දිදුලා
දිව්‍ය අඟනක් මෙලොව දුටුවා
ගමෙන් නගරෙට පාද තබලා
යන්ත්‍ර අතරේ දබර කරලා
වේදනාවන් සියළු මැඩළා
නුඹේ සිහිනය සෙමින් දිනලා
ඇගේ යෙහෙළිය නුඹයි සැමදා
ඔහුගේ දෝණිය නුඹයි සැමදා
දිව්‍ය කුමරිය නුඹයි සැමදා
හදේ මිතුරිය නුඹයි සැමදා//
සොඳුරු සිත්තම් මවා පානා
ඇසුරු සැනකින් සිනා බෝමා
විපුල බලයෙන් වසඟ කරනා
නුඹයි දෙව්ලිය සිතෙහි රඟනා
නුඹේ දිවියේ සතුට ඉතිරෙන
වේදිකාවේ නුඹව දිදුලන
සිතේ පැතුමන් සියළු ඉටුවන
පතමි වස්තුවෙ උපන් දිනයෙම//
-------
දිනකර නැගෙන මල් සුදිලෙන වෙලාවේ
මතකය අළුත් විය සිතුවිලි ගුලාවේ
සවනත පිරෙන නිති කින්කිණි නලාවේ
ලැබු අද දවස විය පුතුනගෙ උපන් දින
තුරුලට ගන්නෙ කෙලෙසක වෙද පෙරට පැන
කදුලකි සෝ සුසුම් මත නෙතු අගට එන
සෙනෙහස දෙන්න මම නුඹළඟ නොමැත පන
මතකය කවි කරමි රස පද වලට ගොතා
නොඇසෙන නමුදු තුරුලේ හිද කියපු කතා
සෙනෙහස හදෙහි දළුලන බව දැනුනි ඉතා
සුභ වෙයි දිනුව දින මගෙ රත්තරං පුතා
නවයකි වසර ගෙවෙමින් පෙර පා තබන
ජවයකි පුතුට යනෙනා මග මතු සොබන
මල් වැසි වසීවා දෙවි කරුණා ගැබන
ආසිරි හසුන් පත වෙයි මෙය නුඹ ලබන
කඳුලැලි නොමවෙයන් මතු කිසි දිනෙක නෙතේ
දිරියම ලැබීයන් ජය මාවතට හිතේ
සැනසුම මතින් සිසිලස මතුවෙයන් ගතේ
මගෙ පන සිනාසෙනු මැන රත්තරං පුතේ
මගෙ රත්තරං චූටි පුතුනේ ඔයාට සතුට සපිරුණු සියළු ග්‍රහ දොස් දුරුවෙන නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා .තුණුරුවණේ සරණයි !!! සියළු දෙවි රැකවරණයි!!! මගෙ පුතුට.(ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක්)
------