'ආයු වඩ්ඩකෝ-ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ-යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ-වණ්න වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ-හෝතු සබ්බදා...'
ආයුෂ බොහෝ වේවා...!
ලොව සියලු සත්වයෝ
නිදුක්-නීරෝගී වේවා...!
රෝ-බිය දුරුව සෞභාග්යය උදා වේවා!
🙏☸️🙏.
2024 සියලුම ලෝක වාසි ජනතාවට
නිදුක් නිරෝගී වාසනාවන්ත
සුබම සුබ නව වසරක් වේවා ....♥️🌹  
------
 
එරබුදු මල් හිනැහෙද්දී
වසන්තයේ කුමාරයා
අරන් ඇවිත් අලුත් ඉරක්,,,
බෙදාගන්න හිතවත්කම්
වෙලාගත්ත අමනාපකම්
අතහරින්න හදවතින්,,,
මල් පිපුණු කජු ඉදුණු
සුවඳ දෙන කැවුම් කොකිස්
නව අවුරුදු සිරිත් විරිත්
ආයෙ ඇවිත් සතුට අරන්,,,
එකම රටක් එකම හදක්
පතමි පැතුම් හදවතින්
සුබම සුබ අලුත් අවුරුද්දක්....
------

හැම හිතකටම සැනසීම ගෙන කලු සුදු හීන පාට වෙන නවත්තපු දෙවාල් අයේමත් අලුත් තැනකින් පටන් ගන්න කායික මානසික නිරෝගී සුවපත්භාවය රජයන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ඔයාටත් පවුලේ සැමටත් ..❤️  
------

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගෙ පව්ලෙ සියලු දෙනාටත් කිරියෙන්, පැනියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...! ❤️ '
------




දින සති මාස ගත වූ සැටි සිහිනයකි
තත්පර උනත් පැය උන සැටි අරුමයකි
කාලය ගෙවෙයි එහි වේගය කිව නොහැකි
නොදැනිම තවත් නව වසරක ඇරඹුමකි
පව් සිතුවිලි වලින් හැම විට ඈත් වෙමූ
දුර් ගුණ පසෙකලා සැමටම මෙත් වඩමූ
මිනිස් ගුණය ලොව හැම තැන පතුරවමූ
සාමය සතුට පිරි සුබ වසරක් පතමූ
පවතින වසංගත රෝ බිය දුරු වේවා
සැණෙකින් මුළු ලොවම සුවයට පත් වේවා
පණ ණළ රකින සුව විරුවන් රැක දේවා
සුවයෙන් සපිරි සුබ නව වසරක් වේවා
මැවූ සිහින ඒ ලෙසින්ම සැබෑ වෙන
පැතූ පැතුම් ඉටුවී සුබ සෙත ගෙනෙන
කල් වැසි ලැබී නිතියෙන් අටු කොටු පිරෙන
රිසියෙන් සපළ වේවා සිතු පැතු සිහින
2024 නව වසර , සුභ නව වසරක් වේවා...!! 
-------


ලැබුවාවූ 2024 නවවසර සුබ නව වසරක් වේවා ♥️2022 වර්ෂය ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට සෞභාග්යය සපිරි නිදුක් නිරෝගී සුව ගෙනෙන සුභම සුභ නව වසරක් වේවා!! 
--------
 
 
*2024*
*මගෙන් ඔබට අලුත් අවුරුදු සුබ පැතුම්*
සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන, සාමය සතුට පිරී ඉතිරේවා..! ඔබේ දිවිමග එකලු කෙරෙන, නැවුම් වසරක් වේවා..!
අලුත් අවුරුදු අවා....
දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතලා සතුටු වෙන්න හොදම කලේ. ඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභ නව වසරක් වේවා !
මම ප්රර්ථනා කරනවා, මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ, ලස්සන, ධනවත්, නිරෝගීමත්, ශක්ති සම්පන්න, උද්වෙගකර, ආදරණීය, අති උත්කෘෂ්ඨ, සෞභාග්ය සම්පන්න, වාසනාවන්ත, සතුට පිරුණු අවුරුද්දක් වෙන්න කියලා...!
අලුත් බලාපොරොත්තු අහුරක් අරන් අලුත් ඉරක් පායන්නේ..
අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්. අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ . ඉතින් ජිවිතේ කිසිම වැදගත් දෙයක් අතහැරගන්න එපා . ඔබට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන්.
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ආදරෙන් ප්රාර්ථනා කරනවා !
මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද, කිරියෙන්, පැණියෙන්, සතුටින් පිරි, ජරමර, බරබර, කරදර නැති, ආදරෙන් ! සාමයෙන් ! කරුණාවෙන් පිරි, සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් සෙනෙහසින් ප්රාර්ථනා කරනවා...!
කිරි දියර නාවා...
ගත සිත සතුටු ගාවා...
යස ඉසුරු බෝවා...
අලුත් අවුරුදු ජයම වේවා..!
පලසක් විලස යන මඟ මල් ඇතිරෙවා…
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා…
දහසක් පහන් දැල්වී මග එළිවේවා…
අරුතක් ගෙනෙන සුබ නව වසරක් වේවා !
සිත් මල් පුබුදුවන, පැතුම් පොදි ඉටුවෙන,
හද නිවී සැනසෙන, නිරෝගී සුව ලබාදෙන,
අත මිට බැබලෙන, ඉසුරින් පුරවන,
සුබ නව වසරකට, පතමි සෙනෙහෙන් ඉතිං අවසර!
පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!
වසන්තයක් සේ දිවි සරු වේවා..!
පියුම් විලක් සේ සුවද සැදේවා..!
මේ නව වසරේ කිරී ඉතිරේවා..!
*120ට 220ක් ආ වඩා ආයු බොහෝ වේවා......!!!
තෙරුවන් සරණයි...
------
 
කොරෝනා වසංගතය දුරු වේවා!
හිතේ සැනසුම උදා වේවා!
යස ඉසුරින් මගේ රට ඉතිරේවා
නියග සාගත ආපදා සියල්ල දුරැ වේවා!
ආවඩා ආයුබෝවේවා !
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!🌟🌞🌝 
-------


සියලු පැතුම් ඉටුවෙන
අත මිට සරුවෙන
ලෙඩ දුක් දුරුවෙන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 😇😇 
-------


මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද, ඩොලර්ස් ඉතිරෙන
පෙට්රොල්/ඩීසල්, ගෑස්,කිරිපිටි, හිග නැති
අරගල, ජරමර, බරබර, කරදර නැති,
ආදරෙන් ! සාමයෙන් ! සතුටින් පිරි,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ! 🙏🏼
#🇱🇰 
-------