Sinhala Happy New Year Nisadas Wishes | Sinhala Aluth Awrudu Nisadas | අලුත් අවුරුදු සුභ පැතුම් නිසදැස් | Aluth awrudu subapathum nisadas 



 

දින සති මාස ගත වූ සැටි සිහිනයකි

තත්පර උනත් පැය උන සැටි අරුමයකි

කාලය ගෙවෙයි එහි වේගය කිව නොහැකි
නොදැනිම තවත් නව වසරක ඇරඹුමකි
පව් සිතුවිලි වලින් හැම විට ඈත් වෙමූ
දුර් ගුණ පසෙකලා සැමටම මෙත් වඩමූ
මිනිස් ගුණය ලොව හැම තැන පතුරවමූ
සාමය සතුට පිරි සුබ වසරක් පතමූ
පවතින වසංගත රෝ බිය දුරු වේවා
සැණෙකින් මුළු ලොවම සුවයට පත් වේවා
පණ ණළ රකින සුව විරුවන් රැක දේවා
සුවයෙන් සපිරි සුබ නව වසරක් වේවා
මැවූ සිහින ඒ ලෙසින්ම සැබෑ වෙන
පැතූ පැතුම් ඉටුවී සුබ සෙත ගෙනෙන
කල් වැසි ලැබී නිතියෙන් අටු කොටු පිරෙන
රිසියෙන් සපළ වේවා සිතු පැතු සිහින
_____ නව වසර , සුභ නව වසරක් වේවා...!! 
-------
 
විස්සයි විසි දෙක වසරෙදි
ඔබට සෙතක් වෙන්නයි
කිරියෙන් පැනියෙන් උතුරා
වසරම සුභ වෙන්නයි...........💖💜️
පතනවා හදවතින්ම මම
ඔබ සැම රැක දෙන්නයි
ජීවිතයේ ඇති බාදක
දුරලා ජය ගන්නයි................💖💜️
විස්සයි විසි එක අවසන්
වීලා පෙර දින
දෙදහස් විසි දෙක ලැබුවා
සෙනසුරු අද දින............💖💜️
අමිහිරි මතකයන් සිතින්
අමතක කර මින
සතුට සපිරි වසරක් ලෙස
සතුටින් ඉනු මැන..............💖💜️
නව වසරෙදි සිතුවිලි ඔබෙ
හදවත රැවි දෙන්නයි
දුක් සංකා තිබුනත් ඔබෙ
සිතින් පහව යන්නයි.............💖💜️
මා ලියනා කවි පේලිය
ඇස තුල දැවටෙන්නයි
නිදුකින් දිවි ගෙවා ගන්න
වසරම සුභ වේවායි...............💖💜️
.......හැමෝටම සුභ නව වසරක් වේවා........ 
-------

😀 නව වසරක ආරම්භය😀
සොදුරු අවසන් දින අවසන් පැය කිහිපය🙏
ගෙවී යන අරුමැති වසරේ සිනා නිමාවක🙏
නව වසරක ඇරඹුම සනිටුහන් කරන්නට🙏
පතමි සුභ පැතුම් වාසනාවන්ත වසරකට 🙏
යහපත් සිතුවිලි පෙරටු කරගෙන💗🌹
නපුරු සිතුවිලි පසෙකලා ඉවතට 💗🌹
කරුණා දයා සෙනේ හද පුරෝගෙන💗🌹
නව වසරකට පිය නගමු තුටින් සැවෙම💖💝
😀යහපත් ❤ හමුවේවා💞
😀 මුව මඩල හිනහේවා😀
😀ගුණ දම් රැකේවා🙏
😀යස ඉසුරු ලැබේවා 🎁
😀පැතූ හීන සැබෑ වේවා 💝
😀රෝග පීඩා පහ වේවා 🙏
😀සියලු දුක් දුරු වේවා 🙏
😀ආත්ම විශ්වාසය ඇතිවේවා🌹
😀ජය මාවත් විවර වේවා 💖
😀නිදුක් නිරෝගී වේවා 🙏
😀හදවතට සැනසුම සෙනෙහස ලැබේවා ❤
දැන හෝ නොදැන වරදක් වූවානම් ,
සිතක් රිදුනානම් හදවතින්ම සමාවෙන්න..ආදරේයි...💞 
--------

බුලත් හුරුඵ අත් අරගෙන....... ඒන්නයි
කිරිත් පැණිත් නුඹලට .......උතුරාන්නයි
සිරිත් ලෙසින් හිරු දෙවිදු .... වඩීන්නයි
නැවුම් වසරෙ ජය සතුට ......ලබාන්නයි
දාහතරට අද දින සමු.............දේන්නයි
පාලොහකට ආයුබෝ......... කියාන්නයි
සිත් සතුටින් සැමදින..... වැජබේන්නයි
මන් දෙන සුභ පැතුමන්..... පිළිගාන්නයි
කඳුඵ බිංදු නෙතු අතහැර....... යාන්නයි
සිනහව මුව අඟ මල්.......... පුපුදාන්නයි
නිදුක් නිරෝගී සුව ලැබ..........ගාන්නයි
මුඵ වසරම කිරිපැණි.... උතුරාන්නයි 
--------

කදුළු නෙත දුරස් වී
නෙත් පියන් දිලේවා🥰
මුව හසග රැදි අද
සිනහ මල් සැදේවා🌸🌸
ලැබුනු දෙය සතුටු කර
ගතට සැප ගෙනේවා❤✨️
සිතට අප සොයන දෙය
නව වසරෙ ඇසේවා..✨️✨️✨️
සුභම සුභ නව වසරක් වේවා! 
---------

රන්වන් රන් පුහුලන් කජු ගස්වල ඉදෙන්නේ.....
කජු අතුවල රන් ඔන්චිලි බැඳෙන්නේ.....
මැටි හට්ටිය කිරි පැණියෙන් පිරෙන්නේ....
නව වසරයි අද දවසේ ලබන්නේ.....
සුභම සුභ නව වසරක් වේවා 
----------

................සුභයි..........
...............ආදරය .........
................ජීවය..............
..............යුක්තිය............
............මිනිසත්කම..........
..............එක්වුණු.............
.............නව වසර..........
.
සැමට සුභ නව වසරක් වේවා...!! 
-----------

................සුභයි..........
...............ආදරය .........
................ජීවය..............
..............යුක්තිය............
............මිනිසත්කම..........
..............එක්වුණු.............
.............නව වසර..........
.
සැමට සුභ නව වසරක් වේවා...!! 
-----------

යහපත් බලාපොරොත්තු ඉටුවෙන
වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා ඔබ සැමට... 
------------

උදාවූ අලුත් අවුරුද්ද...
තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී මහ සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්...
විජය ශ්රී ජය ශ්රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...
ශ්රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්...
දළදා සමිඳුන්ගේ සත්යානුභාව බලයෙන්...
දස දිශාවේ වැඩසිටින්නා වූ තථාගතයන් වහන්සේගේ උතුම්වූ සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්...
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්...
සියළු දෙව් බඹුන්ගේ නිති රැකවරණින්...
දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
නිදුක් වේවා...
නීරෝගි වේවා...
සුවපත් වේවා...
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
ශ්රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්යාගයෙන්.. ප්රඥාවෙන්.. වීර්යන්.. සිහියෙන්.. සමාධියෙන්.. වැඩෙත්වා...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන්.. වැඩෙත්වා...
අල්පමාත්ර අකුසල සිතුවිල්ලක්වත් සිත තුල පහල නොවෙත්වා...
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්යාණ මිත්ර සම්පත්තිය නිති සැලසේවා...
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ෂාව රැකවරණය සැලසේවා...
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්රමාදීව කුසල් දහම් නිරායාසයෙන්ම රැස් කිරීමේ වාසනාව උදා වේවා...
මෙම උතුම්වූ ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත සුභ නව වසරක් වේවා...
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා...
තෙරුවන් සරණයි..! 
--------

සිතට සැනසුම
හදට ආදරය
ජීවිතයට දියුණුව
ලොවට යහපත
සපිරි සුභ නව වසරක් වේවා!!! 
---------