සුභම සුභ උපන්දිනයක් වේවා මගේ චුටී මැණිකට...

-------

සුභ උපන්දිනයක් වේවා මැණික ❤️❤️❤️
නුබ දකින සුභ සිහින ..... සැබෑ වේවා නිතින
දුකින් තොර වී දිවිය ...... පිරේවා සතුටින්ම
ගෙවෙන හැම දිනයක්ම ..... ඉසුරුමත් වීලා නිතින
දීඝායු ලැබේවා.... එයයි මගෙ පැතුම ❤️ 
--------


සුභ උපන්දිනයක් මගේ මැණික ❤️
හිතන පතන හැම ප්රර්ථනාවක්ම ඉෂ්ට වෙලා ,
මට වඩා ඔයාට එක දවසක් හරි සතුටින් ඉන්න තිබුනොත් ඇති මට
--------
 
සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට මැණික.මගේ හැම දෙයකදිම මට හයියක් වෙන, මගේ හැම ඉලක්කයක් වෙනුවෙන් ම මමත් එක්ක එදා වගේම අදත් ඔයා ඉන්නවා.
ඒක මට ලොකු ශක්තියක්.
ආදරෙයී !!! ♥️💑 
---------

ඔයාට සුභ උපන්දිනයක් වේවා මගේ මැණික...
ඔයා හැමදාමත් මට කියනවා, ඔයා ජීවිතේ වැඩිපුරම සතුටු උනෙත්, වැඩිපුරම දුක් වින්දෙත් මම නිසා කියලා...
ඔව් මම ඒක දන්නවා!
ඒක ඇත්ත...
දරන්න පුළුවන් - බැරි හැම දෙයක්ම දරා ගත්තට ඔයාට ගොඩක් ස්තූතියි... ඔයා ඔයාගේ ආදරණීය ආදරෙන් අදටත් අපේ පවුල එකට තියාගන්නෙ ඔයාගෙම හැකියාවෙන්!!!
අනේ... ඔයා හිනා වෙලා ඉන්න.... හැම දාමත් ඇස් පොඩි කරලා හිනා වෙන ඔයා ලස්සනයි, මට හැමදාමත්...!!
සමාවෙන්න...
හුස්ම ගමු එකට!!!!! 
-----------

තව තවත් මගෙ ළඟම දැවටෙන්න,මගේ උණුහුම වී ඉන්න සුභම සුභ උපන්දිනයක් මැණික😘😘
Stay wrapped in my warmth, more and more beside me, forever... Happy birthdමැණික😘😘 
-----------

මගෙ මැණික හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔය හිනාව හැමදාම ඔහොම තියාගන්න ලැබෙන්න ඕනෙ.... ඔයාට හරියන්න ඕනෙ පැලෙන්න🙏🙏 මගේ ලෝකෙ මට අම්මා උනේ ඔයයි රත්තරන්🥺🥺 ඉතින් ඔයාට සුභම සුභ උපන්දිනයක් 🥺♥️😎🥳🎂 
-----------


හදගැස්මේ නුඹව තවරන් තත්පරෙන් තත්පරේ
ආදරෙන් පළඳවන්නම් හුස්ම සේ ආදරේ..🫶♥️😘
සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මැණික..හැම දුකක්ම සතුටක්ම සම සිතින් විඳ දරාගෙන මාව වැටුනු තැන්වලදී මට හයිය වෙලා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න අදටත් ඔයා දෙන ආදරේ මට මහමෙරක්..ගොඩාක් ආදරෙයි මගේ පණ..උම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ් 😘😘💋 
-------------


ආදරණීය මැණික.. සුභම සුභ උපන්දිනයක් ඔයාට! 🥳❤👫🎂🥂
මට මේ ලෝකෙ "මම"ම වෙන්න පුළුවන් තැනක් තියෙනව නම්, ඒ ඔයා ළඟ විතරයි. අවුරුදු ගාණක් මාව උහුලගෙන... දරාගෙන... මේ තරම් දුර ආවට ඔයාට ගොඩක් ස්තූතියි. කවදාවත් මගේ අත අතාරින්න එපා...
මම හැමදාමත් ඔයාට මහා ගොඩක් ආදරෙයි.
Happy Birthday To My Darling Wife...
You dazzle me...I am so happy we get to share this crazy, beautiful life together.
I love you endlessly. 
-------------

සුභම සුභ උපන්දිනයක් මැණික....එදා වගේම තාමත් ඒ ආදරේ එහෙම්මයි...ඔයාව හැම මොහොතකම පුලුවන් උපරිමෙන්ම සතුටින් තිබ්බා....😍😍
මගේ ජීවීතේ අමාරුම කාලවල ඔයා මගේ ලගින් ඉදන් ඒ දුන්නු හයිය නොදුන්නනම් අද ජීවිතේ මෙච්චර දුර නොඑන්න තිබ්බා....🏆🥇🏅
අද කේක් විතරයි...තෑගී ✈️. නම් අනිද්දා දෙන්නම්..
-------------

සුභ උපන් දිනයකට
තුටු පැතුම් පතන්නෙමි
මගේ මුලු හදවතින්❤️❤
මෙලොව දිවි ඇති තුරැ
මා ලගින් හිදින්නට පතන්නෙමි ඔබට මා ආදරෙන්😍 නිදුක් නීරොගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !!සුදු මැණික සතුටින් ඉන්න හැමදාමත් 🎂🎂🎂🥂🎉️🎉️🎉️🎉️ 
----------------


හැමදාම ඇද පුරුදු
ගව්මට තිත තියලා...
සාරිය ද...?
ඔසරිය ද...?
ඇගට හැඩ බලලා...
පිට මැද ට කඩාහැලෙන කොණ්ඩෙ
බෙල්ල මුලටම බැදලා...
ඔබේම නොව්නත් පුංචි උන්ට
තවත් අම්මා කෙනෙක් වෙලා...
ආදරෙන් තුරුළු කරගන්න
පොත හරි වලින් පුරෝලා...
හිනැහෙනා පුංචි මුවගට
තවත් සිනහවක් ගෙනල්ලා...
උන් එක්ක නුඹ මැව්ව
හීන සැබෑ කරලා...
උන්ගේ මුවින් අහන්න
ආසම නුඹ ....
..💘පොඩි ටීචර් 💘 කියලා....
💘💘සුභම සුභ උපන්දිනයක් වේවා සුදු මැණික💘💘 
------------