ඔබ දවසම දුකින්ද ඉන්නේ මේ දවස් වල..
සති අන්තයේ පුංචි වෙලාවක් අරගෙන මේක කියවන්න.

දහසකුත් ප්රශ්න පීඩන මැද්දේ දරාගැනීම් ඉවස ගැනීම් එක්ක ගෙවිලා යන ජීවිතයේ මොහොතක් හෝ සතුටින් ඉන්න කල්දාන්න එපා.ඒ කල්දාන දවස කවදා එයිද කියන්න දන්නේ නැහැ.එනිසා ගෙවෙන මොහොත සතුටින් ජීවත් වෙන්න.සතුට තමන් තුළින්ම හොයාගන්න.සතුටින් ඉන්න එක පුංචි හේතුවක් හරි ඒ මොහොතේ හොයාගන්න.



❤️හැම වෙලේම දෙයක හොඳ දකින්න . දෙයක් නරකටම සිද්ධ වෙනවා නම් එකේ නරක ගැන ම කතා කර කර ඉන්නෙ නැතුව පුංචි හෝ හොඳක් දැකලා අලුත් දෙයක් ගැන හිතන්න.පසු තැවි තැවී එතැන නතර වෙලා ඉන්න එපා.දේවල් දිහා බලන විදිහ වෙනස් කරන්න.

❤️පොතක් කියවන්න. සින්දුවක් අහන්න. චිත්රපටියක් බලන්න .සංගීතය, කලාව කියන්නේ හිත සනසන්න පුළුවන් ඖෂධයක්.ඔබ කැමති විදිහේ ඕනෑම වර්ගයක සින්දුවක් අහන්න .ඔබේ අවධානය ගන්න පුලුවන් විදිහෙ පොතක් කියවන්න.ප්රශ්න වල ම ඇලී ගැලී ඉන්න එපා.ජීවිතය විඳින්න කල්දාන්න එපා .

❤️තව කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් පොඩි දෙයක් හරි කරන්න .සමහරවිට ඒක වචනයකින් විතරක් වෙන්න පුළුවන් .කමක් නැහැ එක වචනය අනිත් කෙනාගෙ ජීවිතයට වටිනාකමක් දෙන්න පුළුවන්.නොදෙන්නත් පුළුවන්.ඒත් සතුට තියෙන්නෙ එතන නෙමෙයි.හැමකෙනෙක්වම සතුටු කරන්න බැහැ.ඒත් තව කෙනෙක් වෙනුවෙන් එක මොහොතක් හරි වැය කළා කියලා හිතේ සතුට ඇති කරගන්න පුලුවන් ලස්සන හිතක් හදා ගන්න .පුංචි දේවල් තියෙනවා සතුටට හේතු වෙන රහස්.

❤️ජීවිතය ඕනතරම් වැරදීම් වෙනවා .දැන දැනම වරද්ද ගන්න සිද්ධ වෙනවා.එත් ජීවිතය ගලාගෙන යනවා .එතනින් නතර වෙන්නේ නැහැ .එනිසා දුකෙන් ඉන්න වෙලාවට තමන් කරපු යහපත් දේවල් ගැන නිතර සිහි කරන්න .ඒ ගැන සතුටු වෙන්න .

❤️ඔබව සතුටින් තියන්න පුළුවන් අයව ඇසුරු කරන්න .සමහර අයට ඔබ ඇලිලා බැඳිලා හිටියට ඒ අයගෙන් ඔබට ලැබෙන්නේ දුකම විතරක් වෙන්න පුළුවන් .ඔබව රිදවනවා වෙන්න පුළුවන්.එහෙම අයව හැකිතාක් මඟ හරින්න .ඔබේ හිතට සතුටක් ගෙනෙන අය ආශ්රය කරන්න.ජීවත්වන කාලය තුළ සතුටින් ජීවත් වෙන්න .

❤️ඔබේ රාජකාරිය හරියටම කරන්න .ඒකේ හොඳ ප්රතිඵල එද්දි හිතට හරි සතුටක් දැනේවි .මොනතරම් ප්රශ්න ආවත් ඔබ ඉන්නේ දුකින් වුණත් ඔබට කරන්න තියෙන වැඩේ හරියටම කරන්න .අනිවාර්යෙන්ම එහි ප්රතිඵල දැකලා ඔබ සතුටට පත්වෙයි .

❤️ඊර්ෂ්යාව ,කුහකකම අතාරින්න. අනිත් අයගේ සතුට දියුණුව දැකල ඉරිසියා කරන්න එපා .ඒකෙන් වෙන්නේ ඔබ තව තවත් දුකට පත්වෙන එක .ඔබේ සිතේ ශක්තිය අඩු කරන එක.අනිත් අයට සුබ පතන්න .ඒ අයව තව දිරිමත් කරන්න .එය ඉබේම ඔබට ආශිර්වාදයක් වේවි .ඔබේ සිතේ සතුට ඇති වේවි .

සතුටින් ඉන්න හේතුවක් හොයාගන්න, ගෙවෙන හැම මොහොතකම ❤️💃

#happylife #happiness #happy #happinesstips