Sinhala Happy Birthday Wishes For Sister | Suba Upandinayak Wewa Akka

ජිවිතේ යන මාවතේ
හැමදාම මල් පිපීයන් ..
හිත පුරා පිරි සැනසුම
නිතරම රැඳීයන් ..
මුවග නිබඳවම
හිනාමල් පිපීයන් ..
උපන්දිනේ අද ඉඳන්
ජිවිතේ සුභම වීයන් ..
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කා ...
ජිවිතේ හැම දෙයක්ම සාර්ථක වේවා ....
------
 
කතරකට පියඹා වලාවක නැගිලා
දුක් ගැහැට පරදා ජීවිතේ සොයලා
මාරුතේ සරලා මුදු සිහින දැකලා
මතු දාක සිනහා නුඹ දෑසේ ඇඳිලා
දුර ඈත තනි නොවී ලෙංගතුව බැඳිලා
ඉර සමඟ සඳවතිය පෙම් සුවය විඳලා
අරමුණට ලං වෙන්න කිරි දසන් දැකලා
පෙරමුණේ උන් හිඳී එනතුරා රැඳිලා
තව තවත් හදවතට දිරියක් ලැබේවා
යනෙන මග නුවනැසින් යන්නට සිත් දේවා
තනිකමක් පාළුවත් මදහසින් මැකේවා
සෙනෙහසේ කැදැල්ලට නැවත පිය නැගේවා...
සුභම සුභ උපන්දිනයක් වේවා සුදු අක්කා ❤️
හැම පැතුමක්ම ඉටු වේවා!
ආදරෙයි ඉතිම්😘❤️ 
------

නිබඳ සුන්දර සිනහ ගේනා සොඳුරු හද හෙටටත් දිනේවා..
හිතට එන හැම තැවුල් බාධක දුරුව සිනහව නිති රැකේවා...
පතන පැතුමන් සිතෙහි සිතුමන් නිබඳ හෙලි වී මං දිනේවා...
උතුම් මහ තුන් රුවනෙ බලයෙන් දිවිය හැඩවී සාර වේවා .... !!! 
------

මලට බඹරු මෙන් පිරිවර ඇති වේවා
හිතේ ගතේ ඇති පීඩා දුරු වේවා
ළහිරු කිරණ මෙන් ගුණ නැණ වැඩිවේවා
මතු උපදින බවේ නිවනින් සැනසේවා
අක්කා නුඹයි සෙනෙහස දෙවනි අම්මාට
කිසි වෙනසක් නෑ එක අම්මගෙ නොවුනාට
සසරින් එතෙර වන මතු යම් දිනට
වැඩි දුර නොවේවා නුඹෙ පින ඵල දෙන්ට
නිදුක් නීරෝගී දිර්ඝායුෂ සම්පත් ලැබෙන සුභ උපන්දිනයක් වේවා......... 
------

ආකාසේ ඉඳන් සැහැල්ලුවෙන් ආදරේ කරපු කාලේ පහුකරන් මහ පොළොවට බැස්සහමත් ඒ ආදරේ ඒ නැවුම් බවින්ම ඔයා මට දුන්නා. ඔයාව මේ ලෝකෙට බිහි කරල දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා. ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා! හැමදාමත් සතුටින් ඉනින ලැබේවා! මගෙ මැණිකේට සුභ උපන්දිනයක් වේවා! 🖤 
-----