Sinhala Birthday Wishes For Bestie, Lovely sister | උපන්දින සුබ පැතුම්

 

Sinhala Birthday Wishes For Bestie, Lovely sister | උපන්දින සුබ පැතුම්

කිනිත්තක රතු රෝස
මුදු පින්න තැවරුවත්…
හිනහේවි හැමදාම නටු
අගේ කටු වුනත්…
සොයුරියක මිතුරියක
නෑ මගෙම නැගනණියත්…
හැමදාම හිනහෙන්න නෙතු අගට
ගෙන අවැසිම සතුටත්…

පිටු විසි එකක් ලියවෙච්ච
රසබර කතා පිරුනු මනරම්…
තෙරක් නොපෙනෙන හීන
ලියවෙනා අකුරු වැලි පිල්ලම්…
එකින් එක පාට වෙන පැහැබර
අනාගතයක නිදුකින් ඉන්න වරම්…
හිමිවෙන්න නැගණිය නුඹට,පාතබන
නවමු පිටුවට මෙලෙස පැතුමන් එක්කරන්නම්….

 -------