නැති කරගන්න නරක නපුරු ගති..
ඇති කර ගන්න උපරිම හොද ගති..
වැඩි කර ගන්න සෙනෙහස ආදරය..
සතුටින් සමරන්න උදාවූ මේ නත්තල..
කිතුනු මිතුරු හැමට සුභ නත්තලක් වේවා..
තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි... 
------

ලක්වාසී ලෝකවාසී කිතුණු
කතෝලික බැතිමතුන් සැමට
ප්රීතිමත් සුභ නත්තලක් වේවා...
සතුට සාමය උදාවේවා...
යහපත් ආශිර්වාද වලින් පිරේවා..
ලොවම ආරක්ෂා වේවා..❤ 
-------


ජේසු බබා ඉපදුනාම අහසේ ලස්සනට ලොකු වල්ගා තරුවක් පායලා තිබුනලු... ඉතින් අද ඒ වගේම ලොකු තරුවක් මගේ නත්තල් ගහටත් පායලා ⭐️ 🎄
කිතුනු හැමෝටමත්... මං වගේ ජේසුට ආදරේ කරන හැමෝටමත්... සුභම සුභ නත්තලක් වේවා... ♥️ love you all 
-------

සුභම සුභ නත්තලක් වේවා ❤️ යාලුවනේ ❤️❤️
ජේසු බිලිදු ඉපදුනාවූ මෙවැනි දවසක,හිතේ තියෙන සියලුම දේ ඉටුවන සහ මේ කාලය ආදරණීය ලෙස ගත කිරීමට ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා. ❤️
ආදරෙයී ❤️ 
--------

සුභ නත්තලක් වේවා !!
දැල්විලා එළිය දෙන
එකනම් පොදු දහම
ඉටිපන්දමට තහනම් ද
පෙම දෙන්න පහනකට
පිරිත් නුඹ කියද්දී
මා එක්ක තරඟයට
ගීතිකා ගැයුවා මං
නුඹට වැඩියෙන් රහට
ගියත් නුඹ මා එක්ක
මල් අරන් පන්සලට
දනිමි මං නුඹේ නෙත්
දිළෙන හැටි නත්තලට
දුර ඈත ආකාසේ
දිළිසෙනා තරුවකට
කියම් මං නුඹ නමට
නත්තලේ සුභ පැතුම 
-------
 
ක්රිස්තුස් වහන්සේගේ වචන ජීවත් කරවන,
උන්වහන්සේගේ මඟ ගමන් කරන,
අඳුරින් පිරි මේ ලෝකයට ආලොකයක් වන,
පුංචි ක්රිස්තුවරියක් ක්රිස්තුවරයෙක් වන්න,
දේවාශිර්වාදය ඔබට මේ නත්තලේ ලැබේවා.
සුභම සුභ නත්තලක් වේවා!!! 
--------

සුභම සුභ නත්තලක් වේවා! 🎅 🎅🎅
රෝම රජ පුරේ
ඔගස්ටගෙ කලේ
සීතල දෙසැම්බරේ
දිළිඳු ගව ලෙනේ
ඉපදි ජේසුනේ
නුඹ දෙසු දහම අගේ
සැමටම බෙදනා සෙනෙහස පානා
ආදර උල්පත් විලසට දැනෙනා
දෝර ගලන බව පැවසුව් එදිනා
ජේසුනි නුඹනම් හරි අගනා
මගේ දයාබර සියලු කිතුණු මිතුරු මිතුරියන්ට සුභම සුභ නත්තලක් වේවා! 
-------

සුභ නත්තලක් වේවා! Merry Christmas!
ආදරණිය ජේසුනි, ඔබ වහන්සේට සුබ උපන් දිනයක් වේවා! අපි සැම දෙනාටම ඔබ වහන්සේ මෙන්ම දේව තාත්තාගේ කැමැත්ත තේරුම් අරගෙන අවංකව දෙවිදුන් හට ප්රසන්න දරුවන් ලෙස ජීවත් වන්නට හැකි අර්ථවත් නත්තලක් ගතකරන්නට ලැබේවා කියා සුබ පතමි. 
-------