සුභ උපන්දිනයක් වේවා අම්මේ ❤️❤️❤️
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ..
ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ලගින් මගේ..
තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවද දැනෙන හද පතුලේ..
අකුරු තුනක සැගවූ නුඹගේ අපරිමිත සෙනේ..
අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ..
අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ.. 
------

ජීවිතේ පිටිපස්සෙන් ඉන්න ලොකුම හයිය..
සුභම සුභ උපන්දිනයක් වේවා මගේ අම්මේ..
හැමදාම සතුටින් ඉන්න..❤
Happy Birthday ammi....❤ 
-------

නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මේ❤❤... ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි හදවතින්ම ආශිර්වාද කරපු, තමන්ගේ සියල්ල අතහැර, කැපකිරීම් විතරක් ජීවිතය කරගත් ඔබ #අම්මා විය. බුදුසරනයි අම්මේ...❤🙏 
-------


එදත් ආදරෙයි,
අදත් ආදරෙයි,
හෙටත් ආදරෙයි
අම්මා ❤️
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා 🎂
බුදු සරණයි 🙏❤️
Happy Birthday Amma ❤️ 
---------

දසමාසයක් දුක් විද මාවැදු අම්මා...!!!
ලේ කිරි කර පොවා මා දැඩි කල අම්මා...!!!
නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මා...!!!
ඔබෙ පා යුග වදිමි මම ආදර අම්මා...!!!
සියැක් ආයු ලබා
මාගෙත් ආයුගෙන
මටත් වාඩා කල්
ඔබ ජිවත් වේවා...
ඔබට සුභ උපන්දිනයක් අම්මේ...❤🎂🎉️🎁😍 
---------


මගේ රත්තරන් අම්මට නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!! 🎂🎂🎂🎉🎊🎈🎁
අනන්ත බුදුගුණ බලයෙන් මගේ අම්මා රැක දේවා!!
කිසිම දුකක් කරදරයක් නොමවේවා...!!!
හැමදාමත් සතුට විතරක්ම ලැබේවා මගේ රත්තරන් අම්මට...🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා!!!
තෙරුවන් සරණයි මගේ අමමේ ♥️♥️♥️
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏 
----------


නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ පිරි සුභ උපන්දිනයක් වේවා මගේ අම්මේ...........
රිදුනත් නොරිදුනා සේ හිත සිනා සිලා
වැටුනත් නැවත වැටි වැටි නැගිටින්න කියා
මහ හය්යෙන් හිතින් අල්ලන් පුතේ කියා
අත් නොහැර ම මගේ ජීවන ගමන පුරා
මහමායා ඔබයි මාදුටු මගෙ හීනේ
සුජාතාව ඔබ මා දුටු නෙත් මානේ
යශෝදරාවද ඔබමයි මගෙ ලෝකේ
මිහිපිට බුදුන් ඔබමයි මේ තුන් ලෝකේ..........
නිදුකින් සුවෙන් ඔබෙ දිවිමග සපිරේවා.........
හැම භවයේදීම මගෙ අම්මා ඔබ වේවා ..........
සිය දසක් ගුනෙන් ආයුශ වැඩිවේවා........
මගෙ බුදු අම්මෙ සුභ උපන්දිනයක් වේවා ...............
මතුයම් දිනෙක මගෙ අම්මා බුදුවේවා! 
---------
 
සුභ උපන්දිනයක් වේවා මගේ අම්මටයි තාත්තාටයි🥰💖
දෙන්නගෙම උපන්දින එකම දවසෙ සමරන්න තරම් එ දෙන්නා වාසනාවන්තයි🥰🌎
“දෑසින් බොහෝ දේ කියන
හදවතින් අඩුවක් නැතුව ආදරෙ කරන
නිහඩ උල්පතකි
කිසිම දිනෙක නොසිදෙන”
🎂නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා මගේ තාත්තේ🎂🌎
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
වැටුනු හැම මොහොතකම
මතක් වෙච්ච
අකුරු තුනක් තිබුණා ....🙏
රිදිලා රිදිලා නැගිටිනකොට
ශක්තියක් වෙච්ච
අකුරු තුනක් තිබුණා ......🌹
කවදාවත් අමතක කරන්න බැරි
පළමු ප්රේමයේ හිමිකාරිනිය වෙච්ච
#අම්මා කියලා
ආදරණීයයි අකුරු තුනක් තිබුණා ..... 😔🙏❤️
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා❤️🌎 අම්මා
ඔයා ඉක්මන්ට සනීප වෙන්න ඕනෙ🥺
තෙරුවන් සරණයි🌹 
--------

සුබ උපන්දිනයක් අම්මා❤️
පෙරමගට මුණ ගැසුණු එකම සුබ නිමිත්තයි...
දිවිගමනට පැන් ඉස්ස පුවක් මල් කිනිත්තයි....
මා නමින් ලතෙත් වුණ එකම හදවතයි....
අම්මා මගේ ජීවිතේ වටිනාම සම්පතයි...
--------
 
💝💝💝 සුබම සුබ උපන්දිනයක් වේවා ...💝
ගණදුර දුරු කළ පහනකි ඔබ මට දහනව
වසරක් එළිය ගෙනා....
බබලන හිරු මෙන් මගෙ මුලු ලෝකෙම
දිවිය ලොවක් ලෙස සතුට ගෙනා..
මිහිකත සිප එන මදනල හෙමිහිට රහසින්
සවනත කොඳුරන්නා..
මවකගෙ පැතුමයි තම පුතු දවසක ලෝකය.
දිනමින් ජයම ගෙනා...
හිරු සඳු ලෙස ඔබෙ දෙපසින් ඉන්නෙමු
මමයි පියයි ඔබෙ සමීපයේ...
සෙනෙහස පිරි මේ සෙනෙහෙ කැදැල්ලේ අපිට
සිනා දුන් මගේ පුතේ..
තෝරා බේරා හොඳ නරකින් දෙක හොඳ ලෙස
හැදිලා දිනෙක ලොවේ..
අපිට නොහැකි වූ ලෝකෙ දකින්නට ඔබට දිරිය
මම පතමි මෙසේ....
අම්මා..... 
---------