Sinhala Birthday Wishes To Loku Duwa | Loku Akka, Loku Duwata, Loku Akkata Upandina Subapathum

 


මවක් වන්නට වරම් දුන් මට
නුඹත් පුතෙකුගෙ මව වෙලා..
පවුලෙ යුතුකම් ඉටු කරන හැටි
බලා ඉමි පසෙකට වෙලා......
යොවුන් වියෙ නුඹ වින්ද කෙළිලොල්
දිවිය කොහෙදෝ සැගවිලා...
නුබේ සිනහව පුංචි පවුලේ
සතුට වෙනුවෙන් කැපවෙලා.....
මවක් වන අපි සැම දෙනාගෙම
සිහින ලෝකය කැදැල්ලයි...
මව් පියන් තටු ගලව ගලවා
පුංචි පැටියට සවිකරයි....
ඈත දුර ඉගිලිලා යන හැටි
බලා සතුටින් පිනායයි.....
දුවේ නුඹ මෙන් මමත් හිටියේ
පැතුම් පිරි ඒ ලොවේමයි...
දිනෙන් දින සති වසර වී ගොස්
ඔබේ පැතුම් සැම ඉටුවෙලා...
සතුට සෙනෙහස පිරුණු දිවියක
හිදිනු මැන සිත සැනසිලා...
පැමිණ එන බාධක මැදින් ඔබ
යන්න නොනැවති හිනැහිලා...
උතුම් තෙරුවන් පිහිට පතමී
අසිරි වැස්සක් වස්සලා.....
සුභම සුභ උපන්දිනයක් වේවා ලොකුදුව❤️❤️❤️❤️❤️