Sinhala Christmas Wishes | SMS Messages | Quotes | Nisadas | Christmas Card Wording [නත්තල් ආසිරි]

 


ආදරේ පිරුණ නත්තල් පවුලක්! ❤️
මුල් ආසිරි,
එන නත්තල සුබ නත්තලක් වේවා... 🖤💫 
------


නත්තල් ආසිරි....
අන්දකාර කාර්තුවක
ලොවට බට තාරකාවක
ශේෂ නාමයට බැදි
කව් පදකි ඉදින් මෙහි .... 
------

"ජය ජය ජයසිරි ජයමංගලසිරි මංගල ආසිරි අත්වේවා..මේ නත්තල් දිනේ.."//..දේව ප්රේමය සියල්ලෝ එකම තැනක තබයි.,එකසේ දයාව බෙදාදෙයි...සාමයේ රජිඳුන්ගේ" 2022"වන උපන් දින සැමරූමට සුබ පතමු....ඔබට ශ්රී සුබ නත්තලක්.!!! 
-------


ගොල්ගොතා මග පුරා
ශුද්ධ වූ ප්රේමයේ සළකුණු මතින්
"ප්රේමය සියල්ල උසුලයි"
ජීවිතාදර්ශයෙන් පසක් කළ
මෙලොවට පැමිණි |එකම| |සත්ය| ප්රේමවන්තයා ඔහුයි...
ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ 🙏❤️ 
------

නත්තල් ආසිරි !
සැනසුම වැලද ඔප කර කර ගම රට බැද්ද
තුඩ තුඩ නැගී සාමය ලියලන මේ සද්ද
මල් පොකුරක හැඩය අරගෙන කිරි ඉද්ද
මුව හසරැලි පිපේවා ! ලැබූ නත්තල් අවුරුද්ද 
-------

සුදු පිච්ච මානෙල්
පිදුවට සමිදු පා මුල
ඔබ තරම් කව්රැත් නැ
සුරකින්න මා ලග
සිතල උදුවප් මාසේ ගෙනෙයි
සමිදුගේ සිසිලස
අප පතනවා ඔබලා හට
නත්තල් ආසිරි පැතුම්
......මල් මිට......
සුබම සුබ නත්තලක්⁣ වේවා සියලු ලෝක වාසි බැතිමතුන් හට...❤️❤️❤️❤️❤️❤️🎁🎁🎁🎁🎁🎉🎉🎉🎉🎊🎊🎊🎊💋💋💋💋 
-------


බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළිඳෙක් මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ...//
ඔබ සැමට සතුට සහ සාමය පිරි සුබ නත්තලක් වේවා! 
--------

මගෙ ආදර මිතුරු මිතුරියන් සැමට ජේසු බිළිඳුන්ගේ ආදරය, සාමය, සමාදානය , සුව සහනය පිරි සුබ නත්තල් මංගල්ලයක් වේවා 🌹🌹🌹🌹💖👈
තනි තරුවක් රජයති මුලු අහස පුරා..
දෙවි බිළිදෙක් වඩින පුවත දකින තුරා...
ගව මඩුවක ආසිරි ගී දසත සරා..
සුරදුතු කැළ ගීත ගැයුව මිහිර පෙරා...
ලොවක දනන්
හඬින් කියති
සාම මිහිරගායනාව..
පවිටු සිතක්
හැරී බලයි
ප්රේම වැයුමෙ භාවනාව..
දිළිඳු පැළක
බතක් ඉදෙයි
තුටින හදින් කාරනාව..
දැහැමි බලෙන්
පුතෙක් හිදියි
ජේසු බිළිදු වාසනාව..
එපා ගතට
රනින් සළුව
නත්තල එය නොවේ මිතුර..
පතා මුවට
මතින් පෙරුම
දීන බවකි සිතන් නිතර..
වඩා බැතින්
මිනිසත්කම
පුරවාපන් හදින් අදර..
එදාට අපි
සිනා නගමු
දෑත් බැදන් නපුර අතැර.... 
-------

නත්තල නත්තල ලස්සන නත්තල
සීතල උදුවප් මාසේ නත්තල
සාමය සතුටත් ගෙනෙනා නත්තල
නත්තල් සීයත් එනවලු නත්තල
ලස්සන සෙල්ලම් බඩුත් පුරෝගෙන
පිනි මුවන් බැදි කරත්ත අරගෙන
හිම කදු අතරින් වෙිගෙන් දුවගෙන
නත්තල් සීයා එන හැටි ලස්සන
පුංචි බාබලගේ ලස්සන මුහුණේ
ටිකිරි සිනහවන් පැතිරෙනවානේ
ඔහුගේ සිනහාවන් ඇසෙනා මානේ
අපගේ සතුටද වැඩි වෙනවානේ
පල්ලියේ හඩ රැවිදෙනවා
ජේසුතුමන්ගේ ගුණ කියවෙනවා
අපි පුජාවට පල්ලිත් යනවා
අපගේ සිතේ සතුටක් පුදිනවා
අසරනයන් හට පිහිටක් වෙනවා
ගවලෙන නත්තල් ගහ සරසනවා
නත්තල් ආසිරි ගීත ගයනවා
ශිු සුභ නත්තල් අපි සමරනවා 
-------

සුදු පිච්ච මනෙල්
පිදුවට සමිදු පාමුල
ඔබ තරම් කවුරුවත් නැ
සුරකින්න මා ලග
සිතල උදුවප් මසෙ ගෙනෙයි
සමිදුගේ සිසිලස
අප පතනවා ඔබ හට
නත්තල් ආසීරි පැතුම්
මල් මිට..🌹🌹.❄❄⛄⛄⛄⛄⛄ 🌲🌲🌲🌹🌹🌹🌹🌹🌹🌹
නත්තල් සමරන මිලන් සහ රොමේෂ් ඔබ දේපලට ඔයයි ❣️🤗මායි ගෲප් වල සියලුම බවුද්ධ සහොදර සහොදරියන් සහ ඇඩ්මින් වරුන් සියලුම දෙනා එක සිතින්ම සුභ පතනවා සුබම සුභ නත්තලක් වෙන්න කියල 🌹❄🌲⛄🌲 🎅 🌲🌲🌲🌲🌹🌹🌹⛄⛄⛄🎅🎅🎅
තෙරුවන් සරණයි☸️☸️ 🙏🙏🙏
ජේසු පිහිටයි ✝️✝️ 
--------
 
💎.💎අරුත්බර සුබ නත්තලක් වේවා෴💎.💎
කනගාටුවෙන් මුත් දන සිත් තියෙන..........කැඩී
සැනසුම සොයන්නට දඟලන වෙහෙස.......දැඩී
වෙන දේ වෙතත් හඬ වපුරයි දසත...........වෙඩි
පිනවා ලොවම අද සාමයෙ කුමරු...............වඩී
සිතිවිලි නැගෙන'තර ලොවකට වන.........විපත
ඇති වන දෙයින් එය නිති කර ඇත..........සපත
නැති වන කලක මතකය තුල කිතු...........උපත
බැති සිත මත තබමි අත හසුනකි..........මෙපත
එලි මැද උපත ලැබ බැබලුනි............රන් තරුව
සම ලෙස සිතා ගෙන අනුනගෙ..........දුක දැරුව
බෙදමින් ආදරය සැම ටම..................නිරතුරුව
ලද නත්තල රකිමු සැම දෙන.............පිවිතුරුව
ලිප ගිනි නොදැල්වෙනු දුටුවත් දුගී...........පැලේ
අත දීමක් කොහෙද? ලොකු හිත් රිදී.........කලේ
ලත් ධන කොතෙක් ඇති මුත් පාපයේ......ගැලේ
පොදි බැඳි නමුත් නැති අයෙකුට නොදී......මලේ
බීමය පලමු තැන අය හට මතට.................ලැදී
කෑමය නරක, නැති අයෙකුට පිනට..........නොදී
මේමය වෙන්නෙ එහි නියමිත අරුත............මදී
සාමය අතැර අද නත්තල් පහස...................විඳී
කලමුත් හොඳක් ඇවැසිම වූ තැනෙහි........පැන
සැලකුම නැතිය මිනිසුන් ලඟ කෙලෙහි.....ගුණ
වලකමු දුසිරිතය අප නිසි කලෙහි..............දැන
පලඳමු හැමට හොඳ දේ නත්තලෙහි........ගෙන
නිතර හැම තැන ඇත්තෙ දුකටම
දෙස් දිදී සත නගන මැසිවිලි
අතර මග මං මුලා නොවෙමින්
දිවිය කර ගනු පිනිස ගැලවිලි
අතැර දා අන් අයෙකු ගැන එන
සිතට වද දෙන වයිර සිතිවිලි
පතුරවමු නිති සැමට සාමය
සමිඳු නාමෙන් ලබමු සැනසිලි
හුරු වු ලෙසටම නොමව වෙනසක්
දෙව් සමිඳු මේ ලොවට පත්කල
දුරුව නැත සත පවට ලැදි සිත්
ලොවෙම ඇත්තෙද පොදුවෙ ගත්කල
පුරුදු කර කිතු සමිඳු පෑ ඒ
ප්රේමයෙන් හැර කසල සිත්වල
අරුතටම අරුතක් දිදී අපි
සැවොම සමරමු මෙවර නත්තල
❤️🌷 ✝️ලෝක වාසි සියළුම සහෘද කිතුණු ජනතාවට සාමය සතුට වාසනාව සපිරි සුබම සුබ නත්තල් මංගල්යයක් වේවා.✝🌷️❤️ 
--------