Sinhala Naththal Nisadas Wishes | Naththal Card Nisadas | Sinhala Christmas Nisadas | සිංහල නත්තල් නිසදැස් සුභ පැතුම්


සීතල සුළං හමා එන්නේ
සිලි සිලියේ නැළවෙන්නේ
දෙසැම්බරය මේ ගතවෙන්නේ
නත්තල ළඟ ළඟ එන්නේ
කොරෝනා ඇවිදින් කරන රඟේ
හිතට නිදහසක් නෑ කාගේ
දින දින මරණය ළග වාගේ
සිත සිත ගෙවනවා දිවිය මගේ
වසරක් පාසා ඔබ එන්නේ
ඉල්ලන්නේ කිමදැයි සිතමින් ඉන්නේ
මේ වර එයිදෝ සැකයක් එන්නේ
නත්තල් සීයා එනකම් ඉන්නේ
නිරෝධායනය වෙන්නට
එන්න උනාද කලින්ම ඔබට
පී.සී.ආරුත් චෙක් කරගන්ට
නැත්තම් බැරි වෙයි තෑගි ගෙනෙන්ට...
-----
 
ඈත සිතිජය මතින් නැග එන
හිරුගෙ සිනහව අදත් එහෙමයි
සීත මීදුම් ගලා ඇවිදින්
එදත් මේ අද දින ම වාගෙයි
කාටුවෙන් ඇඟ කසන පිදුරින්
පිරුණු ගවලෙන් අදත් එහෙමයි
දිළිඳු පැල්පත් වලින් නැග එන
හඬෙත් වෙනසක් නොමති ගානයි
ඉසුරු පොදි බැදි පල්ලි මන්දිර
එදාටත් වැඩියෙන් විශාලයි
දේව දූතය ලෙසින් ආවත්
මමත් වින්දේ එකම දුකමයි
දුකට විසදුම මගේ් එළඹුම
නොවන බව නම් හොඳට තිරමයි
ඊට විසදුම සැඟව ඇත්තෙත්
නුඹලාගේ ඔය මනු ඇගේමයි
ඒක තේරුම් ගන්න මිනිසුනි
ඒ දිනට මම නුඹල ගාවයි 
------

සිතල උදුවප් මහෙ එ අහස් කුස අහන්කාර වි ඇත්තෙ
බෙත්ලෙහෙන් නගරෙ ඉපදුනා ගවලෙනක බිලිදෙක් එ රාත්රියෙ
මරිය තුමියගෙ ලයට තුරුල් වි සිතලෙ රන් සිනා පැවාලු රහසෙ
සාමය සතුට රැගෙන ලොකෙට පැමිනියෙ
ජෙසු සමිදු නමිනි පටබැදුනෙ
මරියා තුමියගෙ රැකවරනෙ එදා සිට හැදුනාලු එ නගරෙ
ලොකයාගෙ සාමය සතුට වෙනුවෙන් කැපඋනෙ
නත්තල් යැයි උත්සවයෙන් සමරනුයෙ කුමරු ඉපදුනු දිනයෙ
පැවසුවාලු ලොකයාට මෙසෙ වදනක් එයයි ඉන්න සැවොම සාමෙන් සතුටෙන්
කැපකෙරුවලු දිවිය අර්තවත් කරන්නට හැමගෙ....
------

උඳුවප් සීතල තනිව දරාගෙන මැදියම් රෑ තරුවක් බැබලෙනවා
රජතුන් කට්ටුව එදෙස බලාගෙන ⁣බෙත්ලෙහෙමට යන පාර සොයනවා
ගවමඩුවේ ඇති තණ ඇතිරිල්ලේ බිලිඳු
හඬින් සිරි අසිරි මැ⁣වෙනවා
මුදවා පාපය වඩවා ප්රේමය සාම කුමරු මේ ලොවට වඩිනවා.
දයාව ප්රේමය සැමටම වඩන්න සමාන ලෙස සලකා මිනිසුන්නේ
නොදැන කරන පව් කමා කරන්නට නිසි ලෙස පණිවිඩයකි ගෙන දුන්නේ
⁣මනුසත වෙනුවෙන් ඉපදී කැපවී අවසානයේ මරණය වෙත යන්නේ
එම දෙව් සමිඳුන් සිහිකර අදටත් නත්තල අපි මේ සමරන්නේ..
කිතුණු බැතිමතුන් සැමට සාමය සතුට පිරි නත්තලක් වේවා.....
------
 
සාමයේ පණවිඩය කෝ අද රකින අය ඉන්නවද
බලන බලන හැමතැනම යුද්ධයේ ලකුණු පේනවද
අසරණ සරණ උනු ජේසු උතුමන් වදිනවද
හිගන්නෙක් දැක දැකත් දොර අගුල් දමනවද
මස් වලින් මත්පැනින් අද දවස සැමරුවද
කාට හරි බත් කටක් නිකම් උබ දුන්නාද
ලස්සනම වටිනාම ඇදුම් උබ ඇන්දාද
දුප්පත් පවුලකට උදව්වවක් කෙරුවාද
නත්තල් කියා බොරුවට අද දවස සැමරුවද
සමහර විට අද විතරක් ජේසු තුමාගේ පණිවිඩය රැක්කාද
හරිම සතුටුයි උබලා ගැන මෙහෙම මම කිව්ව්වාට අපනාප නෑ නේද
ජේසුන්ගේ පණිවිඩය තාම උබට තේරිලා නෑ නේද❓
හදවතින් අහපං ජේසු සමිදුගේ දේශනා උබ පිලිපදිනවද❓❓❓
අනිත් අයටයි ප්රේමකල යුතු වන්නේ අපි සැවොම
අසරණයන්ටයි පිහිට විය යුත්තේ අපි සැවොම
එක් දිනක් විතරක් නෙමෙයි සාමය රකින්න ඕනේ හැම දිනම
උදා වූ නත්තල අර්ථවත් වේවා උබ සැමට🙏 
-------

ඔබ සැමට
සූභම සුභ නත්තලක් වේවා...
සිනහව පිරුණු සිත්වල
සතුට නිති රජ කල
වඩා ණැන හැම බල
පතමි සුවබර වෙන්න නත්තල
සාමයෙ කුමරු උපන්
ලොවක් සනහා තුටින්
හැම දනන් මුවගින්
වදින නත්තල විදිමු සතුටින්
දුගියා බත් කන දචස
තමයි නත්තල් දවස
දන් දි උන් මනස
තුටු කරමු අද තමයි එදචස
ලෝ සත හැම හට
පතමු සුවයෙන් ඉන්නට
සාමයෙ දෑත් දිගුකොට
විදමු නත්තල අර්ථවත් කොට.... 
-------