Sinhala Birthday Wishes, Greetings, Birthday Cards Wording, Nisadas, Messages, Facebook Posts For Father's and Mother's Birthday, Sinhala Upandina Subapathum Amma and Thaththa, Appachchi.

 
 

සුභ උපන්දිනයක් වේවා මගේ අම්මේ! 🌏✨♥️
නැති බැරි කම් මගෙ දෑසින් හන්ගා,සෙනෙහස දුන් මාගෙ අම්මා
හැකි පමනින් ඔවදන් දුන්න හින්ද,හැම මොහොතේ මට හයියක් උනා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගෙ රත්තරන් අම්මා
හැම සන්සාරෙ ඔබ හිමි වේවා,මගේම අම්මා වෙලා 🥹♥️💫 
------


නිදුක් ,නිරෝගී, වාසනාවන්ත, සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!.
ජීවිතය මං තෙරේ...
හිදින් මා එක්කම.
නුඹයි මගේ දිවියේ
එකම එක වත්කම....😘🥰🥰 
-------
 
නිදුක්
නිරෝගී සුභ උපන්දිනයක් වේවා මගේ අම්මේ.. 😍
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...! ❤ 
-------


නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තේ 🎊️🎉️💜️ ෴෴නොකී ආදරේ෴෴
හරි ගුප්ත ආදරයක්
තාත්තා මට පෙන්නුවේ
කවදාවත් ආදරේ නොකීවත් ඔහු
හැමදාමත් ආදරේ කරා මා හට
මම ජයගත් හැම වෙලාවකම
ඔහු මට අත්පුඩි නොගැහුවත්
මම පැරදුනු හැම වෙලාවකම
ඔහු මාව ශක්තිමත් කලා
ඒ තමයි තාත්තාගේ ආදරේ
තාත්තගේ කරේ
මාව පුංචි කාලේ තියාගත්තම
දුටුවා මා මුළු ලෝකයම
වැඩ කරල හවසට ගේන
බිස්කට් පැකට් එකේ
රස දැනුනා දිව්ය භෝජනයක
මෙච්චරයි කියල කියනින බැරි
ඒ තාත්තාගේ ආදරය
කෙදිනක හෝ පියකු වූ පසු මටත්
දැනෙයි ඒ විදියටම...
-------


සුභ උපන්දිනයක් වේවා මගේ අම්මේ! 🌏✨❤️
අම්මා කියන්නෙ හරි පුදුමාකාර වචනයක්.🙏🏻♥️ ඒ පුංචි අකුරු තුනේ ගැබ් වෙලා තියෙන ශක්තිය, ආදරය වගේම අවබෝධය මෙච්චරයි කියල තවත් අකුරු ගොඩකින් කියල ඉවර කරන්න කවදාවත් පුලුවන් කමක් නැහැ.🥺💕 මේ ලෝකෙ ලස්සන විඳින්න මට ඉඩ සලස්සපු මගේ අම්මා ඊට ගොඩක් කාලෙකට කලින් ඒ ලෝකෙ දැකපු වාසනාවන්ත දවස අද..😙💖
අම්මගෙ හිතේ තියෙන හැම ලොකු- පුංචි බලාපොරොත්තුවක් ම ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනි අම්මේ! අම්මා ජිවිතේ හැමදාම සතුටින්, නිදුක් නිරෝගීව, හිනා වෙලා ඉන්න ඕනි..♥️🙏🏻
අපි හැමෝම ඔයා ගොඩක් ආදරෙයි අම්මා...💖🌎
සුබ උපන් දිනයක් මගේ අම්මේ!! 🥺♥️🌎🙏🏻 
--------


සුභම සුභ උපන්දිනයක් වේවා! ❤️අම්මා❤️... කවදාවත් වෙනස් නොවුණු වෙනස් වෙන්නේ නැති මගේ එකම ආදරේ.. මගේ මැනික😘❤ ලෝකයක් ඉස්සරහ උනත් කියලා ඉවර කරන්න බෑ අම්මගේ ආදරේ❤❤..
I am lucky to have a best friend,a teacher,a magician,a counselor and a mother rolled in one!🤗 i am so much blessed because of you❤️🙏 Happy Birthday 🎂 ❤️Mom❤️.. 
--------

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා අම්මා !!! ❤🙏🌹🌼
හැමදාමත් කියනවා වගේම ගෙදර අපි හැමෝගෙන්ම ශක්තිය ඔයා 🥰 
--------

සුභම සුභ උපන්දිනක් වේවා අම්මේ...
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි
උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා
සඳ හාවුන් හඬනා
කළුවර රාත්රියේ
ආලෝකය දුන්
සඳකැන් ඔබ විය
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා
ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි...
-------
 
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ! අම්මා 😍😍😍😍❤️❤️❤️❤️
ජිවිතේ හැම හයියක්ම ඔයාගෙන් ලැබෙන්න ඇති අම්මේ අපිට.දාරා ගන්න හිනාවෙන්න ඔයාව දැනෙන්න අපි වයසින් මුහුකුරා යනකොටයි. ආදරේයි හැමදාමාපි ඔයාට. 
--------

නිරෝගීමත් සුව සුභ උපන්දිනයක් වේවා අම්මා ❤️🎊️🎂🎉️
ජීවන යාත්රාව තරණයට
නිරන්තර සවිය දුන්
මගේ පින් මහිමයෙන්
මා වෙනුවෙන්ම පහළ වූ
මා ආදර මෑණියනි
සුභ ජන්ම දිනයක් ඔබට 🙏🎉 
--------

"සුභම සුභ උපන්දිනයක් අම්මා...!"
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
"පෙවූ කිරි වල ණය ගෙවන්නට
බෑ අම්මේ මට,
මගේ දිවි තිබෙන තුරාවට..."
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා! මගෙ අම්මේ, මතු උපදින හැම ආත්මයකම මගේම අම්මා වෙන්න මන් ප්රාර්තනා කරනවා... මගේ ආයුෂත් අරන් තව තවත් කල් ජීවත් වෙන්නට දීර්ඝායුෂ ලැබේවා...
❤️❤️❤️ආදරෙයි අම්මේ ❤️❤️❤️ 
---------

සුභ උපන්දිනයක් වේවා අම්මේ ❤️❤️❤️
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ..
ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ලගින් මගේ..
තුරුළු වෙන්න ආසයි නුඹගේ සුවද දැනෙන හද පතුලේ..
අකුරු තුනක සැගවූ නුඹගේ අපරිමිත සෙනේ..
අම්මා නුඹ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ..
අම්මා නුඹ දෑස මානේ ලෝකයයි මගේ.. 
---------
 
ආදරණීය අම්මා.......
ඔයාට සුභම සුභ නීරෝගිමත් උපන්දිනයක් වේවා......අපි හැමෝගෙම ආදරේ ඔයා......අපි හැමෝටම ඉන්න නිතරම හිනා මුහුනින් ඉන්න සුන්දර ගැහැනිය ඔයා..... පරිස්සමෙන් ඉන්න....
--------

නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා..!!! 🙏❤️🥰😘
සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී..
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී..
අම්මා යන සමාධියට හිඳිමි සමවැදී..
ඔබේ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදි.. 🙏🙏
සියක් ආයු ලැබ මගෙත් ආයු ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..!!! තෙරුවන් සරණයි අම්මා..!!! 🙏🙏❤️❤️ 
---------

සුභම සුභ උපන්දිනයක් වේවා මගේ සුදු අම්මේ............
සියක් ආයු ලැබ මගේත් ආයු ලැබ මටත් වඩා මගේ සුදු අම්මා ජීවත් වේව්වා...........
මගේ ජීවිතේ ආලෝකමත් කල මාගේ මෑනියන් හට පනටත් වඩා මම අදරෙයී...........................
බුදු සරනයි මගේ අම්මේ....... 
---------

සුභම සුභ උපන්දිනයක් වේවා මගේ අම්මා 🎂🥰✨
වැටෙන වැටෙන හැමතැනදිම අත දුන්නේ අම්මා
ගෙදර බුදුන් ලොවේ උතුම් මගේ මැනිකයි අම්මා
ගිය බවයෙත් මේ බවයෙත් ඔබමයි මගේ අම්මා
සැකයක් නෑ මතු බවයයෙත් නුවමයි මගේ අම්මා
දීර්ඝායුශ ලැබේවා! අම්මා ❤️😚💫 
--------

ලේ කිරි නොවුනට
අම්මා තරම් හුරතල් නොකරුවට
දහඩිය වගුරවලා
බඩට නොකා ලේ කිරි කරලා
මාව පෝෂණය කරන්න
අම්මට ශක්තිය දුන්නෙ ඔබයි,
දෙවියන් දුටිමි මා
මිහිපිට දිම මෙමා
මට ජීවිතය දුන් පිං කද
තාත්තා ♥️ 
--------


ජීවිතේ වැටුණු තැනි අනන්තයි
ඒත් ඒ හැමවෙලාවකම
අම්මා කිවිවේ
පුතේ උඹට මං ඉන්නවා
ඉතින් මගේ රත්තරන් අම්මේ
ලබන ආත්මෙත් මගේ වෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන් ඔයාට
නිදුක් නිරෝගිමත්
සුභ උපන්දිනයක් වේවා
කියලා මං ප්රාර්ථනා කරනවා
බුදුසරණයි 
-------

සුභ උපන්දිනයක් වේවා තාත්තේ ❤️ මං මේ ලෝකයේ දැකපු ආදරණීයම මනුස්සයා. ඔයාට ගොඩාක් පිං අන්තිම හුස්ම වෙනකන්ම මගේ අම්මා වෙනුවෙන් කරපු හැම කැපකිරීමකටම.
ඒ වගේ ආදරයක් කිසිම කෙනෙක්ට දෙන්නවත් ලබන්නවත් කිසිම දාක මට බැරිවෙයි 😇.
තෙරුවන් සරණයි ! 
-------

සුභ උපන්දිනයක් වේවා මගෙ අම්මා 😘😘😘😘
පොඩි කාලෙ ඉදල හොද නරක කියල දීලා ..
හැමදේටම මගෙ ලගින් ඉදිය ....
තාමත් පොඩි දේටත් කෑගහල වැරදි හදලා..
හැමදේටම ලගින් ඉදපු කෙනෙක් තමා අම්මා..
ප්රශ්නයක් උනාමා හොදම යාලුවෙක් වගේ බෙදාහදාගෙන හැමදේම විසදන්න අඩුවක් නැතුව මහන්සි වුණ.
ඒවා ගැන කියලා නිම කරන්න බෑ..
වෙන කාටවත් සම කරන්න බැරි එකම දේ අම්මා ඉතින් වැඩි විස්තර ඕනි නෑ...
අද වගේම හැමදාම සතුටින් සන්තෝසයෙන් නිරෝගීව ඉන්න ලැබේවා..❤️
❤️❤️😘😘 බුදුසරණයි අම්මා😘😘❤️ 
--------


ඔයාට සුභම සුභ නිදුක් නිරෝගී උපන්දිනයක් වේවා අම්මා...❤️
We Love U More Than U Know & More Than We Express..❤️😘
ඔයාල එක්ක මට තියෙන බැදීම කොච්චර කොහොම කිවුවත් හිතට මදී...🙌 නමුත්...
"සංසාරෙ ආය මනුස්ස භවයක් ලබන්න පිං නොකරොත්, තිරිසන් ආත්මයකින් හෝ ඔයාලගෙ ආදරය සෙනෙහස රැකවරණය ලබන්න පුලුවන් තැනක ඉපදෙන්න කියල විතරක් ප්රාර්ථනා කරන්නම්" 🥰 
--------


ලේ කිරි කර පොවා මා..
සෙනෙහෙන් වැඩු මාගේ අම්මා🌍❤️👸
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා😭❤️
අම්මේ මම නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි❤️✨️
අම්මෙ නුඹ මගේ රැජිනයි👸❤️
සංසාරයේ මා නුඹ ළඟයි❤️💯
Happy birthday maa❤️✨️
Ledak dukak nathuwa hamadamath parissamen sathutin inna one oya..
Adareiii godaaak mmmmwha❤️😘 
--------


සුභ උපන්දිනයක් වේවා අම්මේ.
සද දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩිකල අම්මා… 
--------

සුභම සුභ උපන්දිනයක් වේවා මැනික.💎
ආදරෙයි හැමදාමත් , 🌹🌹🌹🌹🌹
පන වගේ මගේ අම්මා ❤️💎 බුදුසරණයි හැමදාමත්
හිනාවෙලා ඉන්න ආදරෙන් ❤️💎 
-------


ජීවන මඟේ ඉනිමං මට තැනු අම්මා ..
දා බිඳු ලේ කඳුළු නොමදව හෙළු අම්මා ..
මලකට සුවඳ කැව්වේ පෙම්බර අම්මා ..
හිරු එලියකි මගේ ලොවට මගෙ අම්මා .. ❤️
නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා මගේ අම්මාට !! 😘 
--------

නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා මගේ අම්මා❤ උපදින හැම භවයකදිම මගේම අම්මා වේවා දීර්ඝායු වේවා නිදුක් වේවා අද මගේ ප්රාර්ථනාව ඒකයි අම්මා වචනයෙන් නොකිව්වත් පන වගේ ආදරෙයි මම හැමදාමත් මගේ අම්මටත් තාත්තටත් ❤❤❤🙏 දළඳා සමිඳු පිහිටයි 😘😘😘 
-------


දහසකුත් ගත වෙහෙස කැක්කුම්
හිත යටම සඟවාන ඉන්නා..
මගේ ගමනේ මෙතෙක් එනතුරු
නුඹට දුක් මම හුඟක් දුන්නා..
සියල්ලක් ඉවසාන නුඹ මට
සවිය වී මගෙ ළඟම උන්නා..
උපත දී මා හැදූ දෙව්දුව
නුඹයි මගෙ රත්තරන් අම්මා..🙏💛
ඔයාට නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ..🌸🎂
බුදුසරණයි♥️🙏 
-------


සුභ උපන්දිනයක් වේවා අම්මේ.🎂🎂🎂🎂😍😍😍😍😍😍
ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා..
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා..
මගේ අම්මා...........................................
වචන රහිත දිගම පේන ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්න පාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංගා ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා...........................................
හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා..
සැප විදිනවා දැකලා හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඩුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා........................................... 
--------