වැලන්ටයින් දිනය.....වැලන්ටයින් දිනය නිමිත්තෙනි. ”Love from your Valentine”
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්රකාශ කරයි.ක්රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.



ශ්රී ලංකාව තුල මෙම සැලකියයුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. ශ්රී ලංකාවේදී මෙම දිනය ආගමික ස්වරූපයක් නොගන්නා අතර හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී.

මොකක්ද මේ වැලන්ටයින් ...?

වැලන්ටයින් ගැන පුරාවෘත කීපයක්ම ඇත. ඔහු ක්රිස්තියානි හෝ කතෝලික පූජකයෙක් විය යුතුය. මේ එක කතන්දරයකි.

14 වන සියවසේ අප්රිකාවේ රෝමානු පෙදෙසේ ක්රිස්තියානියන්ට අපල කාලයක් විය. ඔවුනට උදවු කිරීමද අපරාධයක් සේ සැළකිණි. වැලන්ටයින් නම් අයෙක් ක්රිස්තියානියන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කිරීමත් නිසා එවකට රජ කළ ක්ලෝඩියස් රජුගේ උදහසට ලක්වී මරා දැමින.

ඔහුගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. වැලන්ටයින් පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරයෙකි. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති නිසා මෙම දිනය ආගමික ස්වරූපයක් ගනී.

කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙම යට ගියාව ගොඩ ගන්නේ කොම්පනිකාරයින්ය. පෙබරවාරි මුල් සතියේ හදවත් හැඩයට නිපදවුනු සුභපැතුම්, කාඩ්පත්,හදවත් මුද්රණය කළ ඇඳුම් කේක් . රස කැවිලි ආදියෙන් වෙළඳ සැල් පිරී යයි. අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යයි. “හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් එකිනෙකාට සුභ පතා ගනිති. ආදරවන්තයන් පමණක් නොව, සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද මෙසේ සුභ පතා ගනිති. තෑගි භෝග හුවමාරු කර ගනිති.

එතකොට කවුද මේ වැලන්ටයින්?

මේ වැලන්ටයින්, රෝමියෝ නෙවෙයි. ඒ වගේම ටයිටැනික් නැවේ ගිය කෙනෙකුත් නෙවෙයි. ඇත්තටම වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්. මරණයෙන් පසුව එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා. මුනිවරයෙක් පෙම්වතුන් ගේ දිනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක දුක හිතෙන කතාවක්. ඒ වගේම පුරාවෘත්තයකට සම්බන්ධ වෙන අපූරු සිද්ධියක්.

පුරාණ රෝම දේව කථා අනුව ‘ජූනා’ තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ‘ජූනා’ දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්රීති උත්සව පැවැත්වූවා. උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා.

තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවතුණා. ඔහොම ඇවිත් දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ කාලයත් උදාවුණා. සියල්ල කනපිට හැරෙන්න ගත්තා කිව්වත් හරි.

ඉතිහාසය අනුව දෙවැනි ක්ලෝඩියස් නරුම පාලකයෙක්. මහජනතාව අප්රිය කළ අධිරාජයෙක්. ඒත් ක්ලෝඩියස්ට වුවමනා වුණා බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. නමුත් තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා හිටි නිසා ඔවුන් හමුදාවට බැඳෙන්නේ නෑ කියලයි ක්ලෝඩියස් හිතුවේ. ඒ නිසා ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම්! එහෙත් එක් පුද්ගලයෙක් නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව.

ඒ තමා වැලන්ටයින් පූජකතුමා. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්රියතම කටයුත්තක්. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණියන්ව රහසින් විවාහ කළා. ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. වැලන්ටයින් පූජකතුමා හිරේ වැටුණා. ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා.

රෝම තරුණ තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු වීසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි. මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.
මේ අතර ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න බල කළා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න උත්සාහ කළා. ඉන්පසුව ක්ලෝඩියස් පොලු මුගුරුවලින් පහර දීලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා.

එයත් අසාර්ථකයි. අන්තිමේදී හිස ගසා මරා දමන්න අණ කළා. ක්රිස්තුª වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පෙබරවාරි 14 දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණා.

”Love from your Valentine”
මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. එහෙත් ආදරය ආදරයමය.