වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා මගෙ අම්මේ.
අතිශය හිතුවක්කාර ,අතිශය දඩබ්බර මන් වගෙ ලමයෙක්ව දරාගන්නවට හුඟක් පින්.
මම හැමවෙලාවෙම හොද ලමයෙක් වෙන්න උත්සහ කරනවා ඒත් ඔයාට තරම් කරුණාවන්ත වෙන්න මට බැරි වෙයි 🫶🤍
දීර්ඝායු පිරි සුබ ම සුබ උපන්දිනයක් වේවා අම්මේ 🥺❤️ 
------

නිරෝගීමත් සුව සුභ උපන්දිනයක් වේවා අම්මා ❤️🎊️🎂🎉️
ජීවන යාත්රාව තරණයට
නිරන්තර සවිය දුන්
මගේ පින් මහිමයෙන්
මා වෙනුවෙන්ම පහළ වූ
මා ආදර මෑණියනි
සුභ ජන්ම දිනයක් ඔබට 🙏🎉 
-------

සුභම සුභ උපන්දිනයක් වේවා.... 🍾🎂🥂
Many Many Happy RReturns of the day 🥰❤️ 
-------

මගේ තාත්තේ ඔයාට සුබම සුබ උපන්දිනයක් සමගින් නීරෝගිමත් හෙටදිනක්ම වේවා. දීර්ඝායුශ වේවා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න...
-------
 
සුබ උපන්දිනයක් වේවා ! 🎂🎈
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා 🙏
තෙරුවන් සරණයි ! 
-------

ත්රිවිද රත්නයේ ආශිර්වාදයෙන්🙏🙏🙏
උතුම් වූ රුවන්වැලි මහ සෑ රදුන්ගේ ආශිර්වාදයෙන්🙏
උතුම් වූ ජය ශ්රී මහ බෝ සමිදුන්ගේ ආශිර්වාදයෙන්🙏
මගේ අම්මා නිරෝගී වේවා 🙏🙏🙏
දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏
සුබම සුබ උපන්දිනයක් වේවා මගේ අම්මට 😘😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 
--------


සුභ උපන්දිනයක් වේවා!
මගේ අම්මේ
නොවෙනස්වන ආදරය.....
ජීවිතේ හැමදාම.....
විශ්වාසය ඔයයි මගේ.....
පණ ටික තියෙන තුරුම.....❤️🌍
මගේ ආයුෂත් අරන් මටත් වඩා කල් ඔයා ජීවත් වෙන්න ඕනී මගේ අම්මේ....
මගේ හුස්ම නවතින්න අන්තිම තත්පරය වෙනක්ල් ඔයා මැව්ව හැම හීනයක්ම හැබෑ කරන්නම් මගේ අම්මේ මගේ ලොකේ හැම දේම ඔයයි ආදරෙයි,බුදු සරණයි,පරිස්සමින් ඉන්න මගේ අම්මේ..\
--------
 
සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තේ❤
මගේ ලෝකේ වීරයා❤😘
හැමදේම කියලා දුන්න,මග පෙන්නපු මගේ වීරයා
හැමදාම සතුටින් ඉන්න
ආදරෙයී තාත්තේ❤❤ 
--------

To my lovely sister, happy birthday! You deserve all the good things life has to offer on your special day. නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා අක්කේ....♥️♥️ සතුටින් ඉන්න තෙරුවන් සරණයි... 
--------


මේ ලෝකෙ මට දැනෙන එකම තැන
කාටත් වඩා මාව දැනෙන වටිනාම තැන
මම නිවෙන එකම තැන
ඒ ඔබේ තුරුලෙහි අම්මේ❤️
විඳවන්නට දුක් වන්නට හේතු දහසක් තිබියදී
සැමදේම නිහඬව දරාගනිමින්
මොන දේ වුණත් සුන්දරව සිනහ වී
සතුටින් විඳ දරා ගන්නා සුරදූතියන් ඔබ අපේ💐
ඔබේ ආදරණීය වදන් හමුවේ
අපේ ජීවිත දළුලන්නේ
ඔබ මහා සාරවත් වෘක්ෂයක් විලසිනී🔥
ඉතින් තවත් තප්පර, මිනිත්තු, පැය හා දින ගෙවී ඔබ තවත් නිරෝගී දිවියකට පා තබන හෝරාවේ
මේ ලෝකෙ ඉන්න , අපේ ලෝකේ ඉන්න හොඳම හා ආදරණීය අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා!
හැමදාම සතුටින් ඉන්න ලැබෙන දේවාශිර්වාදය පිරුණු නිරෝගීමත් දිවියක් ජේසුගේ ආදරය රැකවරණය තුළ ලැබේවා😘💐😘
ආදරය පිරෙන හිතක අයිතිකාරියක් වූ ඔබ ආදරය කරන්න හා වපුරන්න පමණක් අපට ඉගැන්නුවට, ඔබේ වටිනාකම් අපිට එක් කළ ඒ වටිනාකම් වලින් ලෝකය දකින්නට හා ලෝකයට අත්යාවශ්ය දරුවෙක් වෙන්න අපිට ඉගැන්නුවට අපි ආදරෙයි මෙන්ම ණයගැතියි අම්මේ😇
අපේ ලෝකෙ ඉන්න නිහතමානී රැජිණිය ඔබයි අම්මේ❤️
--------