කැමතිවුන් අහිමිවෙන
අකමැති වුන් ළග රැදෙන
එකෙකුට තේරුමක් නැති
තවෙකෙකුට සංසාරගත බැදීමක් ම වන
නිර්වචනයක් දිය නොහැකි
හරි අපූරු අකුරු හතර
ආදරය 🍃💓 
------

එක දවසක් ....
ඔව් හීනයක් වගේ
මට තවත් එදා අදටත්
නුඹ දැක හිත සසැලුනේ
නුඹෙ දෑස හරි හුරු යැයි කියා
සසර හුරුවකට දැයි නොහැගේ....
බලා හුනිමි නුඹ දෙසම එදා
තේරුමක් නොමැතිවම
ඇතිවුනු බැදීමක
මතකයක් වෙලා
ඔබ මට මෙදා
රිදවයි හිතම නුහුරු හැගුමක් ව
විරහවට හිත දවා ....🍃🙂😥 
-------

පණ දෙන්නම් කියන්නට...
දාහක් වුන් සිටියත්
මට පණ දුන්නේ
නුඹය....❤
රැක ගන්නම් පණ වගේ කියන්නට
කාටත් පුලුවන් වුවත්
නුඹ ලෙයින් මා පණ දී රැක්කේ
නුඹය....❤
අගහිග දැක හැර යනවුන් අතරේ
හැම දුකක් ම දරා - මහමෙරක් මෙන්
හෙවණ වුනේ
නුඹය.....❤
ඉගිලෙන්නට තටු සිදිනවුන් අතරේ
නිදහසේ ඉගිල යන්නට
මේ මහා අහස් කුස ගැඹුර
කියා දුන්නේ
නුඹය....❤
ගැහැණුන් හොයත හැකි මට
ඒත් බුදුවන ගැහැනිය වන්නේ....
නුඹ පමණම ය..... මෑණියනී...❤🙏🙏
උපමා නොමැත නුඹ සෙනෙහස
මැණ බලන්නට මට.....😢❤ 
-------

මතකය කියන්නේ
හිතේ කොනක හැමදාමත්
රැදිලා තියෙන
අමතක කරන්න හැදුවට
සමහරවිට....
මරණේදි වත් අමතක නොවෙන
හිත හැදෙන - හිත රිදෙන
කදුලු වේලන වගේම අලුත් කරන
හිත ඇතුලේ දැවෙන නිවෙන
නොසිදෙන ගබඩාවක් .....💗🌸 
--------

ආදරේ සුන්දරයි
හිමි වූ විටදි
ඒ වේදනාවක් දරන්නට බැරි
අහිමි වූ විටදි
එනමුත් මට මහමෙරක් වූ
ඔහුට නොවටින ආදරේකට
හිත ගියේ මන්දැයි
තවමත් හොයනෙමි මම.... 
--------

යන්න හදද්දී ආයෙත් ලඟට අරන් තුරුල් කරගන්න ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ මේ වගේ.. එකටත් පින තියෙන්න ඕනි❤️ 
-------

ඔයා මට කියලා දුන්නා ඕනැම කලු හිස් අවකාශයක්ම එළිය කරන්න පුළුවන් දෙයක් ගැන , ඒ තමයි අපේ ආත්මය ස්පර්ශ කරපු ආදරණීය මිනිස්සු, අපි කොතන කොහොම හිටියත් අපිට මතක් වෙන එක ආදරණීය මනුස්සයෙක් අපි ලග ඉන්නවා ! *"ඒ ඔයා."* 
-------

නවතින්න බෑ මට
ලොවට පෙනෙන්නට නුඹගෙ ළග
අපි එකම මග වුව
දෙඅතක යන බවට
නුඹම මට - මම නුඹට තේරුම් කර ඇත....
දුරින් හිද හෝ නුඹේ ආදරෙ
වචනෙකින් එක පාරකට හරි
ලැබෙන බව දනිමි මම
එයයි මම ලද එකම සැනසුම
තනිව යන මග
මතක හෙවණැල්ල නුඹ 🙂💗🥀 
--------

යනවා නම් යන්න
නොකියාම නැතිව
හේතුව දීලා ම
එතකොට
හිත හදා ගන්න ලේසියි.... ❤️‍🩹 
-------

සමහර විඩාවන් වලදි...
අපිට ඕනේ
විවේකයම නෙවෙයි...
එකම එක
ආදරණිය වැළදගැනීමක් විතරයි....
බර වෙන්න උරහිසක් විතරයි...! 
-------

ඔබ හිතනව නම්
මේ හමුවීම
හොදම හමුවීම කියලා....
ඒ හමුවීමට වේදනා දෙන්න එපා...
හමුවීම - හිමිවීම - තනිවීම
තුනම නූලක ගොතපු
පබලු වැලක්....
පුංචිම හිත් රිදීමත්....
සමහරවිට ඒ ලස්සන හමුවීම
අසුන්දර කරාවී
හිත් හරි පරිස්සමින් බලාගන්න 🥺💔 
-------


තනිකම කියන්නෙත් රසදුනක්...
මොකද මිනිස්සු තනි වෙන්නේ තනියම නෙවෙ තමන් ආසම කරන දේවල් එක්ක...
ඒක මතකයක්
ඒක හිතක්
ඒක මේ විශ්වයේ ඕනෙම දෙයක් වෙන්න පුලුවන්....
ඒත් තනිකම තනිකමක් නෙවෙයි ....
ඒ ඔබට හිතන්න වෙලාවක් 🪐🍃 
-------

හිනාවකට ....☺️
මේ ලෝකේ
කරන්න බැරි දෙයක් නෑ කියල
මම අහල තිබ්බා....
මම ඒක විශ්වාස කරේ නෑ....
ඒත්....
අද විශ්වාස කරනව...
ඒ ඔය
හිනාව දැක්කාම ❤ 
-------

මේ ලෝකෙම නැති උනත්
උඹ ගාව අම්මා ඉන්නවා
හැමදාම......
නිසා උඹ
ජීවත් වෙයන්.....
කා වෙනුවෙන් නොවුණත්
#අම්මා වෙනුවෙන් 🥺❤💓🌸🍃 
------


මේ ලෝකෙ ඕනි තරම් ලස්සන මල් ඇති....
ලස්සනයි සුවදයි
දෙකම තියෙන මල්....
සුවද දෙන මල්....
ලොකු මල් පොඩි මල්....
එක එක පාට හැඩ මල්...
ඕනි තරම් ඇති....🍃
උඹ කැමති රෝස මලකට වෙන්න ඇති....🌹
"රෝස මලක්" ඔව්....
එයා හරි සුවදයි - ලස්සනයි....
පාට පාට රෝසමල් - එක එක ඒවගෙ සංකේතලු
ඒත් අතකින් අතට...
සුවද ඉඹ ඉඹ යනවනෙ...🥺
සමහර විට...
උඹ කැමති සූරියකාන්ත මලට වෙන්න ඇති ....🌻
ඔව් එයා පිපෙන්නේ ඉරත් එක්ක ....
ඒත් ඉර දිහාම බලන්....
පරවෙලා යනවනේ....
ඉර එයාට කවදාවත් ලැබෙන් නෑ....
ඒත් නොලැබෙන ඉර දිහා බලන්...
එයා යන්න ම යනව.....🥺
සමහරවිට උඹ කැමති
අරලියා මලට වෙන්න ඇති.... 🌸
ඔව් පූජාසනෙක - මල් වට්ටියක - වගෙම
තනි රකින්න පාලු සොහොනෙත් ඉදී කියලා....
ඒත් අරලියා මියැදෙන්නේ
දාහක් උන් අතින් අතට පත්වෙලා නේ 🥺
ඉතින්....
මම ආස නිදිකුම්බා මලක් වෙන්න....🍀
මොකද....
අවසර නැති පහසක්
ලගට එද්දිත් ඇකිලෙන්න....
නිදිකුම්බා මල දන්න නිසා....
ඔව්....
මම සුවදත් නෑ - ලස්සනත් නෑ
කවුරුත් මට කැමතිත් නෑ....
ඒත් නිදිකුම්බා ඖෂධයක් වගේ ම...
උඹට මමත් හිතට දෙන ඖෂධයක්...
උඹේ ළගින් ම - කාටවත් නොපෙනෙන්න
කාටවත් නොතැලෙන්න රැදිලා ඉන්න...
කාගෙවත් විශේෂ ආදරයක් නොලැබෙන....
ඒත්....
මම.....
නොගැලපෙන පහසට ඇකිලෙන....
කටු අත්තක සිනිදුවට පිපුන....
නිදිකුම්බා මලක් 🥰🍃 
--------

මම දන්නවා ගෙවුන කාලය
ගොඩක් දුෂ්කරයි
ගොඩාක් අමාරුයි
ගොඩාක් මහන්සියි කියලා.....😪😪😪
හැබැයි.....
එක දවසක්වත්
අතීතය ගැන
මගෙ හිතේ කිසිම තරහක් නෑ....
මම අදටත් විශ්වාස කරනව
ජීවිතේ හොදම කාලේ.....
එන්නේ....
තව ඉස්සරහට කියලා....
මොකද..... වැහි වලාකුලෙන්
හද හැමදාම වැහුනේ
නැති නිසා..... 😍🍃 
--------

නුඹව නොවටින වුන්ට
නුඹේ ආත්මයම බිළි දීම
නිශ්ඵල බව වටහා ගන්න....
මන්ද....
නොවටිනවුන් ගැළපීමක්
හෝ ගළපා ගැනීමක්
මෙළොව අසාර්ථක කර්තව්යයක්
වන බැවිනි....
එසේම....
ඔබව වටිනවුන් මෙළොව
තවත් බොහෝ ඇති බැවිනි..... 
---------

නවතින්න බෑ මට
ලොවට පෙනෙන්නට නුඹගෙ ළග
අපි එකම මග වුව
දෙඅතක යන බවට
නුඹම මට - මම නුඹට තේරුම් කර ඇත....
දුරින් හිද හෝ නුඹේ ආදරෙ
වචනෙකින් එක පාරකට හරි
ලැබෙන බව දනිමි මම
එයයි මම ලද එකම සැනසුම
තනිව යන මග
මතක හෙවණැල්ල නුඹ 🙂💗🥀 
-------

කැලේ මල් කොයිතරම් පිපුනත්
පාට පාට මල් කොච්චර දැක්කත්
මේ ලෝකෙම මල් වලට වඩා
හිත ගියපු එකම පිච්ච මල 🌸
ඔව් මං උඹට ආදරෙයි
උඹ නොදන්නවට
අනෙක් මල් වලට වඩා උඹ මට හැඩයි
උඹ කාගෙවත් නොවේ
උඹේ සුවද මගේම කියා
මට දැනෙන්නෙ
ඉතින් මගෙ පිච්ච මල 🌸🌸
මං උඹට ආදරෙයි මහ ගොඩක් 💗 
--------

ජීවිතේ මායාවක්
මහ කතරක අතර - දිය සොයන
මුව පොව්වන් මෙන්...
අපි ලුහුබැද යන මිරිගුවක්
නොදැන දුව විත් - දරනු හැකි දුර
විඩාවෙන් අවසන්ව යන මගක
ජීවිතේ මායාවත් තාවකාලික නම්
අපිට කොහිද සදාතනික බැදීම් ...?
නැත.... බැදීම් යනු අප තනිව
හිතින් මැවූ ඒ මිරිගුවේම කොටසක්.... 🥀 
--------

සමහර අය අපිව ප්රතික්ශේප කරද්දීත්
අපිට ඕනෙම තැනදී
අපිව මගහැර යද්දීත්
උන්ට උදව් ඕනෙ කියපු තැන්වල
දාපු ඉක්මනට
මැසේජ් සීන් කරපු උන් අපි....😌🥀 
--------

ජීවිතේ....
හරියට පොතක් වගෙයි
එකම රචකයෙක් ජීවිත කාලයක් ලියන
විවිධ චරිත හමුවෙන - නවතින -
හිමි අහිමි වන
ජීවිතේ කියන්නේ කතා පොතක්....
වෙලාවකට සතුට, ජයග්රහණය , දුක , පසුතැවීම , අතරේ නිහඩ නොවෙන
නව කතාවක්...
ඒ කතාවේ දී හුරු පුරුදු තැන් වගෙම
නුහුරු නුපුරුදු තැන් වලත්
පිටු ලියවෙනවා....
ඒ පිටු අතරෙන් හුරු පුරුදු තැන් වගේම
නුහුරු චරිත අතරින්
හුරුපුරුදු බැදීම් ඇතිවෙනවා
හරි අපූරුයි කියලා හිතෙන
ඒත් වෙලාවකට ගුප්ත විරාගයක් වෙන
සුන්දරම දේවල් අතරේ
ආදරේත් ඒ ජීවිත පිටුවල
ලියැවෙනවා..... 🌹🍃🥀 
-------

මතකය කියන්නේ
හිතේ කොනක හැමදාමත්
රැදිලා තියෙන
අමතක කරන්න හැදුවට
සමහරවිට....
මරණේදි වත් අමතක නොවෙන
හිත හැදෙන - හිත රිදෙන
කදුලු වේලන වගේම අලුත් කරන
හිත ඇතුලේ දැවෙන නිවෙන
නොසිදෙන ගබඩාවක් .....💗🌸 
--------

නොලැබෙන කළ
බලා හිදීමත් ප්රේමයක් නිසාවෙන්
බලා සිටියෙම් දුරින් හිද
නුඹ එතැයි මග බලා 💗😍
මගේ නෙතගට
ගැටුනෙ එකෙනෙම
නුඹ එන බැව්
මා හා පැමිණි ඒ මග ම
තවෙකෙකු අත පැටලිලා 🍃😥 
--------

එක දවසක් ....
ඔව් හීනයක් වගේ
මට තවත් එදා අදටත්
නුඹ දැක හිත සසැලුනේ
නුඹෙ දෑස හරි හුරු යැයි කියා
සසර හුරුවකට දැයි නොහැගේ....
බලා හුනිමි නුඹ දෙසම එදා
තේරුමක් නොමැතිවම
ඇතිවුනු බැදීමක
මතකයක් වෙලා
ඔබ මට මෙදා
රිදවයි හිතම නුහුරු හැගුමක් ව
විරහවට හිත දවා ....🍃🙂😥 
-------


ආදරේ සුන්දරයි
හිමි වූ විටදි
ඒ වේදනාවක් දරන්නට බැරි
අහිමි වූ විටදි
එනමුත් මට මහමෙරක් වූ
ඔහුට නොවටින ආදරේකට
හිත ගියේ මන්දැයි
තවමත් හොයනෙමි මම.. 
--------

මා නුඹේ නොවුනත්
නුඹ මගේ නොවුනත්
අපි අපගේ නොවුණත්
මට කම් නැත....😐❤
නුඹ දුටු දා පටන්
මා හද කිති කවන
එකදු හැගුමක් පමණක්
මට ඇත....
ඒ ආදරයද , ප්රේමය ද , නැතිනම්
කුමක් ද කියා වදන් දෙන්නට
මට නොහැගේ....🙂🙂
නමුත් නුඹේ දෑස මත
මා දෑස ගැටෙන විට...
නිතැතින්ම නුඹ දෑස 👀
දහසකුත් එකක් කතා
එකවර පවසන විට....
මා හදවත දියෙන් ගොඩලෑ
මාලුවෙකු සේ සසැලෙයි සොදුර....
හේතුවක් ඇතිවම - නැතිවම....🌼🍃🌹 
-------

මතක ලන්තෑරුම් අදුර මැද
ඔබේ හුස්මක සුවද දැණුනා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දේ මම තනියෙන් ම තෙමුණා
💔😍
කියන්න ම ගිය වචන අමතක
වෙලා හිත හොදටෝම රිදුණා
දැනුනේ නැතිවට මගේ කදුලින්
කමිස උරහිස තෙමී තිබුණා.... 💔🌼
එක පාරක් ඇහුවට පස්සේ හිතේම දුවන
පද පේලියක් 😍 
-------


මා නුඹෙන් හොයන ඒ ආදරේ
තව තවත් මට නොදී
මේ හිත තව තවත් රිදවන්නට...
නුඹේ හිත
හැගීම් නැතිවද
ටික ටික පණ ගහපු ආදරෙ
තව ටික ටික නුඹ
නුඹෙම දෑතින් මරන්නට....
මා නුඹට කළ වරද
ආදරය ම දැයි....
නොහැගේ මට....
😢💔
ඉවසන්න බැරි තැනදි
අසමි මම පැණයක්....
හොයල පෙන්වන්නට හැකිද....
මා තරමට නුඹට ආදරේ කිසිවෙක් 😪
පෙන්නුවොත් එකෙනෙහිම
හැරයමී කිසිදිනෙක
සිහිනෙනුත් නොඑන දුර.... 
--------

නිදි නැති ඇස් වලට
රාත්රිය හරිම දිගයි
අමතක නොවන මතක වලට
හෙලපු සුසුම්
පපුවට වඩා ලොකුයි
අම්මාගෙ උකුළෙ
අඩලා වේදනාව පිට
කරන්නට
හිතුණ වාර අනන්තයි
ඒත් තව අම්මා රිද්දන්න
එපා කියල
හිත කීව නිසා
ඒ වේදනාව
කොට්ටයක් උඩ හෝදලා දැම්මා 💔 
--------

සමහරවිට....
එයා ඔබ දිහා බලන් ඇති
මේ ගෙවෙන මොහොතෙත්
ඔබ ගැන හිතනවා ඇති...
හැම වචනයක්
හැම බැල්මක්
හැම හුස්මක්
පුරාවටම...
ඔයාව විදිනවා ඇති...
ඒ හිත
ඒ විදියට ම
හැමදාමත් බලා ඉදීවිද
ඔබ දන්නෑ.... මම දන්නෙත් නෑ...
ඒත්....
හිතට කතා කරන්න
ආදරේ නම්
ඕනේ නම්
ඔබේ කියලා දැනේ නම්
හදවතේ ඉන්නවා නම්
පරක්කු වෙන්න එපා...
කවදාවත්
එක මිනිත්තුවත් වටිනව
මැරෙන්න කලියෙන්
ආදරේ නම්
ආදරේ කියන්න...❤
එහෙම නැතිනම්
බලාපොරොත්තු නොදී
මගහැරලාම යන්න
මේක හිතක් මිස
ගලක් නෙවේ
මගෙ මැණික 💔 
-------

වැහි බිදුවට වැටී
හේදෙන කදුලු වලට
ජීවිතේ නවකතාවක
පිටු අතර හොයන විට
රහට ඇහෙන ගීයක පද
මට ම ලිව්වා යයි
හැගෙන විට
වැස්සත්
නවකතාවත්
සංගීතයත්
මිහිරිවට දැනුනේම
තනිව විදිනා හැගීමට..... 💔❤ 
-------

සංසාරේ පුරාවට ම
වැටීම් නැගිටීම්
බාධක වලට
ඔරොත්තු දීගෙන...
ජීවිතේට හයියක්
දීපු ....
විශ්වාසේ දුන්
ගෑනු තමයි
ශක්තිමත් ම.... ❤🙏 
--------

ප්රේමය....
අති පාරිශුද්ධ බව
අපමණ කැපවීම්
මතින්....
සංසාර ගමනක් පුරාවටම...
ලේ කදුළු පමණ නොව....
ඇට මිදුළු පාසාම...
ප්රේමයම පරිත්යාගයක් සේ...
එකම සිතකින් බැදුණු....
සංසාරගත වූ..
ආදරවන්තිය
පතිනිය
යසෝදරා....
ඇයයි....❤❤ 
------

ආදරේ....
හරි ලස්සන කවියක්....
මා නුඹ වෙනුවෙන් ගයන...
නුඹත් මා වෙනුවෙන් ගයන...
නොසන්සුන් මගෙ හිත
එක පෙළට අමුණන පද වැල්...
තාලෙකට අමුණා නුඹ ගයන
මිහිරි කවියකි
ආලය..... ❤ 
------

ආදරේ කියන්නේ....
ප්රකාශනයක්....
කවමදාවත් වචනයෙන් කියන්න බැරි...
නිවීමත් ඇවිලීමත්
එක් වූ භාවයක් ❤😍🌹 
-------

ආදරේ කියන්නේ....
ලැබීමම නෙවෙයි....
නොලැබුණත් ලැබුණත් ....
එයා වෙනුවෙන් කරන පරිත්යාගයට...
ඒ සතුට දැකලා....
සතුටු වෙන එකට....