එදවස සරසවිය සමගින් නොකර දග
සතුටින් කවි ලොවේ ඇය හා ඉහළ නැග
හදවත තුළ පිරුණු සෙනෙහස නැතුව හිග
නැවතුනි මගේ සිත තව කවි සිතක් ලග
ඔබෙ සෙනෙහස සිරව තිබු හැටි කිටි කිටියේ
අප කළ කතා අහගන්නට තණ පිටියේ
වැලැන්ටයින් නැහැ පැත්තකවත් සිටියේ
මුතු පිණි කැට රැදුනි සීතල පොද වැස්සේ
කවි රස වින්ද හැටි සිහිවී හිත ගැස්සේ
සැගවුණි ඔබ දුන් රසය පොත් ගොනු අස්සේ
තාමත් මතක ඇත හුග කලකට පස්සේ
ගහකොළ මල් බමරු දිය ඇලි විහග තුඩ
වසු පැටවුන් පෙම් කෙළින ගං ඉවුරු බඩ
සිතුවම් කරන්නට කවි සෙනෙහසක හැඩ
මේ තැන් තමා අපි දෙන්නට ලැබුනු ඉඩ
සුදු පැහැ මදාරා මල්වල සුවද දිගේ
එවු පෙම් හසුන්වල රස මතකයට නැගේ
බැල්මෙන් කියා දුන් මුදු සෙනෙහසක අගේ
තව තව අරන් එනු මැන කවි ලොවට මගේ..
------
මදාරා මල් පොකුරෙන්
හවසට කුණු වෙන්න බීලා ගෙදර එන
මිනිහා දන්නෙ මොනවද ආදරේ ගැන
දවසක දෙන්නා සතුටින් බත් කටක් කන
දවසයි මගෙ හිතේ පෙම්වන්තයගෙ දින
නිතරම දුක දැනෙන හදවත රිදෙන තැන
එතනයි හදවතේ පෙම උපදිනා තැන
කඳුලයි වේදනාවයි නිති උරුම උන
අයගෙන් නොවිමසනු යලි ආදරේ ගැන
පපුවට තුරුළු කරගෙන හාදුවක් දෙන
එක ඇති මැරුණු හදකට යලි දෙන්න පණ
හදවත පුපුරද්දි ඉවසන් හිනා වෙන
අයගෙන් නොවිමසනු යලි ආදරේ ගැන
මිනිහා දන්නෙ මොනවද ආදරේ ගැන
දවසක දෙන්නා සතුටින් බත් කටක් කන
දවසයි මගෙ හිතේ පෙම්වන්තයගෙ දින
නිතරම දුක දැනෙන හදවත රිදෙන තැන
එතනයි හදවතේ පෙම උපදිනා තැන
කඳුලයි වේදනාවයි නිති උරුම උන
අයගෙන් නොවිමසනු යලි ආදරේ ගැන
පපුවට තුරුළු කරගෙන හාදුවක් දෙන
එක ඇති මැරුණු හදකට යලි දෙන්න පණ
හදවත පුපුරද්දි ඉවසන් හිනා වෙන
අයගෙන් නොවිමසනු යලි ආදරේ ගැන
-------