Sinhala mothers day wishes, greetings, messages, facebook post, mothers day nisadas sinhala, mothers day sinhala wordins, sinhala wadan mothers day, mothers day sinhala quotes.



 "තෙරක් නොපෙනනා අරුම ලෝකයෙහි..

මාගේ හුස්ම වැයූ..

භාවනාත්මක සත්සරය නුඹ...

ඇට මස් ලේ නහර විනිවිද..

මගෙ දිවියට පණ පෙවූ නුඹ...

සතුට සැනසුම අරා විහිදෙන..

මහා සෙනෙහස් ගගුල නුඹ...

මගේ රත්තරං අම්මා....❤️"


පසු පසින් සිට මං කවුද යැයි අම්මේ 

නුඹ මට නොපෙනන්න 

මං කවුද යැයි 

මං හදුනා නොගන්නට තිබුනා අම්මේ..

දිනයක් කුමටද නුඹව පුදන්නට

මේ දිවියම මදි ණය ගෙවන්න මට..


මගේ අම්මා ඇතුළු ලොවේ සියළුම අම්මාවරුන් නිදුක් නිරෝගී සුවපත් වේවා..!!

........



ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි..!🤰🌏♥️🙏🏻


මගේ අම්මා ගැන මට ගොඩාක් ආඩම්බරයි,ඇය තමයි මේ ලෝකේ ඉන්න හොඳම කාන්තාව…!

හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා..!!! 

👩‍👧‍👦♥️🙏🏻🌸 

.......


H a p p y   m o t h e r ‘ s   d a y ! ♥️🌏👑

      L o v e   y o u   M o m ♥️👩‍👧‍👦

" අම්මා..."💗🦋🌸

ප්‍රේමය නමින් මට හමු වූ හොඳම හමුවීම ඇයයි..!!!


✍️..Art by me ♥️🙈

.........


ප්‍රාර්ථනාවක්...🥺🌏♥️🙏🏻

අම්මා අහිමි දරුවන්ගේ දුක වේදනාව නිවේවා..! 

හිත් ශක්තිමත් වේවා..! සියලු දෙනාගේම ආදරය රැකවරණය ලැබේවා! දෙවියෝ රැකදෙත්වා..!!! 

.........


I am the best Mom ever ...😊❤ from my little angel Niragi...😘😘 pre school creation for Mothers day....😘 ❤HAPPY MOTHERS DAY FOR ALL MOTHERS IN THE WORLD ❤️

..........


ආදරණීය අම්මා වෙත... ❤️


මගෙ මුළු ලෝකෙම නුඹ වුණු මගේ අම්මේ නුඹ වෙනුවෙන් එක් දිනක්  විශේෂ කරනවාට නම් මම කැමති නැහැ... මොකද අම්මා කෙනෙක් වෙන්න හැමෝටම බැහැ වගේම අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරනවා...එ කොහොම වෙතත් හැමදාමත් මගෙ අම්මට මම ගොඩක් ආදරෙයි... ❤️😘 ජීවිතේ මම වැඩිපුර කියන වචනය "අම්මා" වෙන්නැති.. ජිවිතේ මොනදේ වුණත් සතුටෙදිත්, දුකේදීත් හැමදෙයකදීම නොවෙනස්ව හිටියේ අම්මා පමණි... 🙏 අම්මා... මම හරි ආදරෙයි ඔයාට හැමදාම ❤️🙏 හැමදාම සතුටින් ඉන්න...

.........


මට වැරඳුනාම  


මම අඬන්නත් කළියෙන් ඇඩුවේ අම්මා

මම වැටෙන්නත් කලියෙන් වැටුනේ අම්මා..


මම දිනනකොට

මටත් වැඩියෙන් සතුටු උනේ අම්මා


ඒත් අම්මගේ ඇස් වල කඳුලු එදත් තිබ්බා..!!

.........


අම්මා...... 🥺🙏


පුර සඳන වී එළිය විදුලන

ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන

හිත සනාලන පින්බරම රුව

නුඹයි මගෙ අම්මේ..


ඉපිද මියයන තුරුම තුන් ලොව

මා පැතුව සෙනෙහසේ  ගුනකඳ

නුඹේ ගුන සුවදමයි

මගෙ අම්මේ..


නුඹේ ඇකයේ හිස හොවාගෙන

නිදන විට නෙත් දෙක පියාගෙන

අදත් දැනුනේ එදා කිරි සුවඳමයි

මගෙ  අම්මේ..


හිතට දිරි ගෙන හෙට සොයන්නට

අතිර ලොව තුල නොසැලි ඉන්නට

මගේ පසුපස එකම දිරියයි

ඒ නුඹයි අම්මේ..


ලොවක් එරෙහිව නැගී සිටියත්

පන දෙවනි වී මාව රැක ලූ

දෙව්ලොවින් බට දෙවඟනකි

නුඹ මගේ අම්මේ..


මගේ සිත් දෙවොලේ තබාගෙන

සදාකල්හිම නුඹව අදහන

නුඹේ සදාදර සුදු දෝණි

මමයි අම්මේ..

........


ඇයට මොකටද දිනයක්,

අම්මා කියන්නෙම සසරක් ♡

.

.

හැමදාම අපේ හයිය වුණේ අම්මා.

කොහෙ හරි ගියත් ගෙදර එනකං නොකා නොබී බලං හිටියෙ අම්මා.

අපි ආස දේ කන්න හදල දුන්නෙ අම්මා.

ලෙඩක් දුකක් වුණ වෙලාවෙ ළගට වෙලා හිටියෙ අම්මා.

එයාට කන්න තියෙන දේත් අපිට දුන්නෙ අම්මා.

පරදින තැන් වලදි හයියක් වුනෙත් අම්මා.

දිනන තැන් වලදිත් අවංකවම සතුටු වුනෙත් අම්මා.

නැති බැරි කම් වලදිත් පිහිට වුනෙත් අම්මා.

දණ ගහල වදිද්දිද් අවංකවම ආශිර්වාද කලේ අම්මා.

තාත්තා ගහද්දිත් ඇඩුවෙ අම්මා.

අපි වෙනුවෙන් වැඩියෙන්ම නිදි වැරුවෙ අම්මා.

අපි වෙනුවෙන් වැඩියෙන්ම කදුළු හෙළුවෙත් අම්මා.

වැඩිපුරම අපි වෙනුවෙන් ඇගේ ලේ වැය කළේ අම්මා.

අපේ බර වැඩිපුරම දරං හිටියෙ අම්මා

අපි වෙනුවෙන් කෙනෙක් වැඩිපුරම දුක් වින්දනම්  ඒ අම්මා.

ජීවිතේම හැම දේම කැප කලේ අම්මා.

.

කියල නිම කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අම්මා.

අපේ ආයුෂත් අරං ජීවත් වෙන්නෝනෙ අම්මා.

හැමෝටම කලින් නිවං යන්නෝනෙ අම්මා.

.........


"අම්මා තමයි මගෙ හැමදේම" කියලා පුංචි කාලෙ හිතාගෙන හිටියට, "අම්මා තමයි මට තියෙන ලොකුම බාධකේ" කියලා හිතෙන දවස් ඕනි තරම්, යොවුන් වයසෙදි අපේ ජීවිත වලට උදා වෙන්න පුලුවන්.


හබැයි අවුරුදු දාහතේ දහ අටේ කොල්ලෙකුට, කෙල්ලකුට පේන තරම් මේ ලෝකය සුන්දර නෑ කියන එකයි, අම්මා කියා දුන්න දේවල් කොච්චර ඇත්තද කියන එකයි අපිට තේරෙන්න ගන්නෙ, ඒ වයස් සීමාවෙන් අවුරුදු කීපයක් ඉස්සරහට ඇවිල්ලා  සමාජයත් එක්ක තනියම ගනුදෙනු කරන්නට පටන් ගත්තට පස්සෙ.


හරියටම කිව්වොත් අම්මෙක්ගෙ ආදරේ මොන වගේද කියලා අපි හරියටම තේරුම් ගන්නෙ ජීවිතෙන් දශක දෙකක්වත් ගෙවිලා ඉවර වුණාට පස්සෙ..!


ගන්න හුස්මක පවා අපිවම හංග ගෙන, අපේ යහපතම ප්‍රාර්ථනා කරන අම්මා කෙනෙක්ගෙ ආදරේට සමාන කරන්න දෙයක් මේ ලෝකෙ තව නෑ. අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන්නෙ අසීමිත කැපකිරීමක්. 


ඒ නිසා කවදාවත්, අම්මගෙ ආදරේ මඟ ඇර ගන්න එපා. මොන දෙයක් නිසාවත් අම්මව මඟ ඇරෙන්න දෙන්නත් එපා..!


නොදැනුවත්ව හරි එහෙම වුණොත් ඒක දවසක ජීවිතේට ලොකු පසුතැවීමක් ඉතුරු කරාවි..!! 💜️


සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා..! 💜️

.........


අම්මා සමරන්නට දින අවැසි නොමැති බව අප  සදා සිහිපත් කලත් අද සැමරෙන්නේ ලෝක මව්වරුන්ගේ  දිනයයි...

මැයි 14..


දසමසක් දුක් විද දරුවෙකු බිහි කල හැම අම්මෙක්ම රැජිනකි ...

.........


#අම්මා_කියන්නෙම_සසරක්...! 


වැටෙන නැගිටින හැම මොහොතකම හෙවනැල්ල වගේ ළඟම ඉදන් ශක්තියක් වුණ ආදරණීයම පින් රුව අම්මා...


අද මම හිනා වෙනවා නම් , සතුටින් ඉන්නවා නම් ඒකට හේතුව වෙන කවුරුත් නෙවෙයි මගේ ආදරණීය අම්මම විතරයි....


ඉතින් අම්මේ...

මන් ඔයාට හරි ආදරෙයි... 💙🥺

........



මේ ලෝ⁣කෙ හැම අම්මෙක්ටම

උපහාරයක් වේවා ! ❤️🙏 💐


පපුවෙ මැද වේදනාව හිර කරගෙන

පවුලෙ හැමෝටම හිනාව

පෙන්නගෙන,

ඇය සතුටින් කියලා හැම වෙලාවෙම

අපිට පෙන්නුවා

⁣මොකද දුක පෙන්නුවොත්

අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට....

ඒ තමයි අපේ අම්මා....


අතට හම්බෙන සොච්චමෙන්

ඇය හැඩ නොවී

අපිව හැඩ කරලා

අපේ ලස්සන බලලා 

ඇය සැනසුනා 

ඒ තමයි අම්මා....


තමන්ගෙ ළමයි වෙනුවෙන් 

බලාපොරොත්තු ගොන්නක්

හිතේ තියාගෙන

ඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැක

ඇය හැමවෙලා⁣වෙම ප්‍රාර්ථනා කරේ

මගේ ළමයින්ට හොදක් වේවා කියලා...

හිතේ කිසි කහටක් නැතුව එහෙම

ප්‍රාර්ථනා කරන ඇය

මේ ලෝකෙ උතුම් පදවිය දරන

මගේ අම්මා.....


හැමදේම නිහඬව විඳ දරාගෙන

මේ ලෝකෙ ජීවමානව වැඩසිටින

නිහඬ දෙවගණ ඇයයි 

ඒ තමයි මගේ අම්මා....


ඉතින් දවසක අපේ අම්මා

බුදු වෙන්න ඕන...

ආදරය වෙනුවෙන්

සසර තුලම බැදෙන

ඇයයි ලොවේ රැජිණ....


ඒ සෙනෙහස ගැන දොඩවන්න

කොච්චර කවි ගී ලියවුනත් මදි

සසරෙම කියලා නිම කරගන්න බැරි

එකම කෙනා මගේ අම්මා.....!


ලෝකවාසී අම්මාවරු නිදුක් නිරෝගී සුවපත් වේවා!🙏

මේ ඉර හඳ යට අම්මගේ ආදරය අහිමි උන දරුවන්ගේද සිත් සුවපත් වේවා!

#happymothersday #අම්මා

.........


එයාගේ අම්මා හොද පුතෙක් හදපු නිසා ...

අද මගේ අම්මාත් සතුටින් ... 🤍 


සුබ මවුවරුන්ගේ දවසක් වේවා ….

ගැහැණු හිත් වලට ආදරේ කරන විදිය කියාදී මේ ලෝකෙට හිතක් පපුවක් ඇති පිරිමි පුතුන් දායාද කල හැම අම්මා කෙනෙක්ටම 🌸

..........


දිනක් කුමටද කොන්දේසි විරහිත ආදරයකට

කල්පයත් මදි සිහි කරන්නට 😌❤️


සමහර විට ඔබ ගැන කේන්ති යන බව සත්‍යයි

නමුත් ඔබ නොමැති ජීවිතය මට නම්

සිහිනයක් ම පමණි 🥺


මගේ අම්මා වගේම

ලෝකෙම උතුම් මාතෘත්වයට

උපහාරයක්ම වේවා 💕💐❤️

........


දරුවන් වැදූ පමණින් හැම ගැහැණියක්ම අම්මා කෙනෙක් වේ ද?


අද අම්මාවරුන්ගේ දිනය යැයි කියති.......මං හිතන්නෙ අම්මලාට දිනයක් නෑ....මේ ලෝකේ ගෙවෙන හැම දිනයක්ම අයිති අම්මාවරුන්ට තමා.


ඒත් හැම අම්මා කෙනෙක්ම දාරක ස්නේහයෙන් පරිපූර්ණ වුන අම්මා කනෙක් නොවෙයි.


දරුවන් එකෙක් දෙන්නෙක් තුන්දෙනෙක් බිහිකල පමනින් හැම ගෑණියක්ම අම්මා කියන උතුම් පදවියේ තබා ගරුකරන්නට හැකි කෙනෙක් නොවෙයි.


දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කල අම්මාවරුන් වගේම දරුවන්ගේ ජීවිත තලා පෙලා විනාස කර මරණ මංචකය දක්වා තල්ලු කරගෙන යන අම්මලා ද සිටියා අදත් ඉන්නවා හෙටත් නොඉඳීවි කියා හිතන්නට බැහැ....ඒ නිසා අම්මා වරුන්ගේ දිනයේදී විතරක් මව් පදවිය හුරතල් කර කතාකල යුතු නැහැ කියා මම විශ්වාස කරනවා.


දරුවෙකු වැදු පමණින් ගැහැනියක් අම්මා කෙනෙකු වෙනවද....ඒක උප්පැන්න සහතිකයේ පමණක් රැඳෙන තනතුරක් පමණක් වෙන අවස්ථා කොපමණ තිබෙනවද. ඒ නිසා අම්මා කියන පදවිය හුදෙක් ගැහැණියකගේ හිස තබා ලෝකයට පෙන්වන ඔටුන්නක් නොවිය යුතුයි...එය දැරිය යුත්තේ හදවතින්....එය දැරිය යුත්තේ සෙනෙහසින්.


මගේ අම්මාත් ඔබේ අම්මාත් මතු බුදුවන්නට විවරණ ගන්නට සූදුසුවූවාට තව බොහෝ දරුවන්ට අම්මා කියන නමත් පිලිකුල් සහගතවන බව අපි අමතක නොකල යුතුයි....ඒ නිසා අම්මා වරුන්ගේ දිනයක් කියා දෙයක් අද අපි සැමරුවාට සමහර දරුවන්ට මේ දවසත් මහා හිසරදයක් වන දවසක් වෙන්නට පුලුවන්.


ඒ නිසා උත්කර්ෂය පසෙක ලා...අම්මා කියන පදවිය දරන්නට සුදුසු වන ලෙස ගැහැණියකගේ මනස හැදීමයි වැදගත්...එය කල යුත්තේ ගැහැණු දරුවෙකුගේ කුඩා කාලයේ පටන් යැයිද මම විශ්වාස කරනවා.


මා දන්නා එක්තරා ගැහැණියක් ඉන්නවා ඇගේ පියයුරු කැත වේ යැයි කියා දරුවන්ට කිරි නොදුන්...ඇයට දියණියන් ම තිදෙනෙක්...කැත වන්නට තිබුනු ඇගේ පියයුරු ද නාරං ගෙඩි දෙකකට වඩා ලොකු නැත...ඒත් සමාජය ඉදිරියේ ඇය ඉතා හොඳ අම්මා කෙනෙකි.   


තවත් කාන්තාවක් ඉන්නවා ඇය ඇගේ වැරදි හැසිරීම් සියල්ල වසා ගන්නට දරුවන් ලවා පියා තමන්ව දූෂණය කරනවා යැයි නීතිය හමුවේ කියවාගත්....ඒත් සමාජය ඉදිරියේ ඇයත් ඉතා හොඳ අම්මා කෙනෙක්  


තවත් කාන්තාවක් සිටිනවා තම දරුවා අසාධ්‍යව සිටිද්දී කිසිදු බෙහෙතක් කරන්නට ඉදිරිපත් නොවී ඔහු මිය ගිය පසු තමාට ලැබෙන වන්දිය පමණක් සෙවූ...ඇයත් මේ සමාජය ඉදිරියේ හොඳ අම්මා කෙනෙක්.


මේ මගේ ජීවිතයේ මුණගැසුණු සත්‍ය ගැහැණුන්....තවත් එවන් චරිත බොහොමයි.ඒ නිසා අම්මා වරුන්ගේ දිනයේ සියලුම ගැහැණුන් උතුම් මව්පදවියේ අභිෂේකය ලබන්නට සුදුසු නෑ කියා මම හිතනවා.


මේ වානිජ පරමාර්ථ පදනම් කරගෙන හැදුනු දින වලට වඩා.තමන්ගෙ දරුවාට උගන්වන්නට පාර අතුගාන,කඩයප්පන් හදන හැම ගැහැණියකගේ ම හැම දිනයක් ම අම්මා වරුන්ගේ දිනයක් තමා


තම දරුවන් පෝෂණය කරන්නට දුරු කතර වල බැල මෙහෙකම් කරන ගැහැනුන්ගේ හැම ගෙවෙන දිනයක්  ම අම්මාවරුන්ගේ දිනයන් තමා


නිදන්ගත රෝග වලින් පෙලෙන සදාකාලික ආබාධිතයන් ව එක්තැන් වූ තම දරුවන්ගේ සියලු බර කරට ගෙන ඇප උපස්ථාන කරන හැම ගැහැණියකගේ ම ගෙවෙන හැම දවසක්ම අම්මා වරුන්ගේ දින තමා.


ඒ නිසා අද දවස අම්මා වරුන්ගේ දිනය කියා චිංචිමානවිකාවන්ටත් ඔටුනු පලඳා වැඳ වැටෙන දවසක් නොවී සැබෑ මව්වරුන්ට නියත විවරණ ලැබෙන තවත් එක් දවසක් වේවා යැයි පතමි......

.........


ඈ...

දින ගණන් 

නිදිවරන්නට ඇති..

වරු ගණන් 

මග බලන්නට ඇති...

අසීමිතව කදුළු හෙලන්නට ඇති..

මහ මෙරක් දුක් උහුලන්න ඇති..

විශ්වයක් තරම් ආදරේ දෙන්නැති...


අම්මා...


ජීවිතේ..

වැඩියෙන්ම කියවුන වචනය..

ජීවිතේ ලස්සනම මතක තියෙන තැන...

ජීවිතේ ලස්සන කරපු අකුරු තුන..

ඉතින්..,

මොකටද වෙනම දවසක්

අම්මා කියන්නෙම..,

සසරක්..❤️🌍🙏


මගෙ අම්මා ඇතුළු ලෝකයේ සියලුම අම්මාවරුන්ට නිදුක්,නිරෝගී,දීර්ඝායුෂ ලැබේවා..!!❤️🌍🙏

........


මගේ අම්මාත් ❤️

අනෙක් අම්මාලාටත් ❤️

අම්මා කියන වචනෙ අහන්න ආස ❤️

අම්මා කෙනෙක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාටමත් ❤️

මේ හැමදාට තියෙන අම්මාවරුන්ගේ දිනයේ උපහාරයක්ම වේවා....! 😘 

.........


අම්මාට ආදරෙන්!♥️


ඇයට මහා ලොකු පඩි සල්ලියක් ලැබුනේ නැත,

ඒත් ඇය මට ලස්සනම ළමා කාලයක් 

විදින්නට දුන්නාය….


“මම ඕවා කන්නෙ නැ පුතේ,” 

“මට මහන්සි නැ පුතේ”


ඒවා ඇය කියු ආදරණියම බොරුය….🥺


දරාගැනීම කියන්නෙම අම්මාය..

මහන්සිය, සීතල, අව් රස්නය….

අපි වෙනුවෙන් ඇයට දැනෙන්නෙම නැති තරම්ය…


තවමත් ඇයගේ මුලු ලෝකෙම දරුවන්මය…..🍀


ඉතින් මොකටද දවසක්…

අම්මා කියන්නෙම සසරක්….🙏🏽


දරුවන් දිනනකං බලන් ඉන්න සියලුම

අම්මාවරුන් වෙනුවෙන් මහමෙරක් ආදරෙන්…..🫶🏽


Love you my #wonderwoman💕

.........


අන් කිසි⁣⁣වෙකුටවත් "සම කල නොහැකි",

ලොවක් දිනූ,

නමක් දැරූ,

මේ ලෝකයේ "හැම අම්මා කෙනෙක්ම",

නිදුක් වේවා...

නිරෝගී වේවා...

සුවපත් වේවා...

දීඝායු වැඩේවා...!!❤

........


Happy Mother's Day ! 🌸🙏


මේ ලෝක තියන උතුම්ම පදවිය මුර කරන මුර දේවතාවිය තමා අම්මා

ජීවිතේ අද අපි හිනා වෙනවා නම් සතුටින් නම්

අන්න ඒ නොපෙනණ දෙවියෙක් නිසා නෙමෙයි

ආදරණීය අම්මා නිසා....❤


අම්මා කියන අකුරු තුනට ළං කරන්න පුළුවන්

මේ ලෝකෙ කිසිම ආදරයක් 

කිසිම පදවියක් මිහිපිට නෑ

පහනක් පත්තු කරලා අපි වදින්න ඕන අම්මට

ඒ තරම්ම උතුම් පදවියක උරුමකම් කියන චරිතයක්.....🙏


ජීවිතේ ගඟක් වගේ ගලාගෙන එන ප්‍රශ්න දිගෙ මට හයියක් වුන හැම කෙනෙක්ම ඉන්නම් කියලා දාලා ගිය ජීවිතයක

අදටත් පපුවෙ උතුරන්න සෙනෙහේ තියාගෙන❤


"මගේ පුතේ මං ඉන්නවා හෙවනැල්ලක් වගේ "😊🙏


කියන ඒ වචන ටික හැමදාම කියන මගේ අම්මා තරම් මගේ ජීවිතේ රකින දේවතා⁣වියක් ලෝකෙ නැ....


පපු ගැඹුරෙ උතුරන්න සෙනෙහේ 

පුරෝගෙන....

පුතේ උඹ පලයන් ජීවිතේ ඉස්සරහට

කියාගෙන...

වෙනසක් නැතුව අදටත් ආදරේ

තියාගෙන...

බුදුන් දැක නිවන් දකින පිංවන්තියයි

අම්මා...❤


සසරේ කරපු පිනකින් මුණ 

ගැහුණු  අම්මා...

ගත වෙන හැම තප්පරේම ගින්දර එක්ක

හැප්පෙන අම්මා...

සසරෙන් එතෙර වෙන්න අම්මට

පිං ඉල්ලා...

හැම තැනකම වදිනවා අම්මව

පපුවෙ රන්දා....❤


අම්මෙක් තරම් රකින දේවතාවියක්

මිහිපිට කොහෙද...

දුක් කදු එක පිට එක හූලාගෙන

ඉන්නෙ කොහොමද...

හිතුවද දවසක් හරි අම්මෙක් 

විදින දුක් කන්ද....

දෙන්නැපා දුකක් අම්මට සසරේ

කවදාක.......❤

.........


මගෙන් ඇහුවොත් මේ ලෝකේ වටිනම දේ මොකක්ද කියලා..

මං කියන්නේ ඒ මගේ අම්මා කියලා..! 🥺❤️


💜️#Happy_Mothers_Day_Amma🌻

.........


‘‘ ලෝකයට ජීවය දෙන්නෙ 

               හිරු එළිය හා අම්මා ය’’


එච්චරකට ඇය  බලගතුය.ඇය ලෝකයේ වැඩිපුරම නිර්වචන හිමි අයිතිකාරියයි.අම්මා යන වදනට අර්ථකථන දී ඉවර කරන්නට නොහැකි වන තරම් කාන්තාවක ලබන උත්තරීතර පදවියයි මව් පදවිය .


උණනා කිරට ණය පියවිය නොහැකියි   නිම්මා

නිදි නොලබා වෙහෙසී සෙනෙහස රැදි  පෙම්මා

පණමෙන් රකී දුක් කඳ තනිවම දරමින්  නම්මා

මුදුනත් දී වදිමි තුන් පිරිතක් වැනි ආදර  අම්මා


එසේනම් ලොවෙහිම  මව්වරුන්ට ඔබ විසින් ඉටු විය යුතු යුතුකමක් ද වේ.එනම්,


"ජීවිතය තනන්නියට ජීවිතය විදින්නටද අයිතියක් ලබාදෙන්න"


පුංචි ඉල්ලීමක් .

ඔබේ මවගෙන් මෙය ආරම්භ කරන.

සියලුම මව්වරුන්ට ආදරය කරන්න.නිදහස දෙන්න.

........



එක දවසක් අම්මට වෙන් කලා වුනාට ,  අම්මගෙ කොයි දවසද අපේ නොවුනෙ 


ඉතින් ඇයි දවසක්...

අම්මා කියන්නෙම ලෝකයක්...❤🌼


 #mothersday

.........


ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි..❤️

අම්මේ, වයසට නොයා

දැන් ඔහොම නවතින්න..

හිච්චි කාලේ ඇගිලි

ගැන්නේම ලොකු වෙන්න..

ලොක්කෙක් වගේ සල්ලි

මට හම්බකරගන්න..

ආසා ආසා සෑම

සියලු දේ ලැබගන්න..

අම්මලාගෙන් මිදී

නිදහසේ ඉගිලෙන්න..

මට දැන් හිතෙන්නේම

බාල කාලෙට යන්න..

අම්මාගෙ උකුල උඩ

මොහොතකට නිදියන්න..

ලෝකයම නැති වුණත්

හැකියි උහුලන් ඉන්න..

අම්මෙ වයසට නොයා

දැන් ඔහොම නවතින්න..

-මල්-

දිනෙන් දින වියපත් වුණත් ඇගේ ගත,

කෙතරම් විඩාබර වුණත් ජීවිතය

දරුවන්ගේ සතුට දකින්නට තප්පරයක් පාසා 

පාරමිතා පුරන ලොව එකම ආදරේ "අම්මා" ❤️

ලොව සියලු මව්වරුන්ට මෙන්ම තම දරුවාට පියෙක් වනවා මෙන්ම මවගේද සෙනහසේ අඩුව පුරවන සියලු පියවරුන් හටද දීර්ඝායු වේවා! ❤️

.........


♥🌍 අම්මා ....


අම්මා ගැන ලියන්න කවි ගී නිසදැස්

මේ ලෝකේ තියන වචන මදි මට,

අම්මා කියන්නෙම හැමෝගෙම ලෝකේ,

අම්මගෙ ඒ ආදරේ ළඟ කිසිම ආදරයකට පලවෙනි තැන ගන්න බෑ..,

එදා වේලක් නොකා වේලක් කාලා අපෙ බඩ පිරෙව්වෙ ඒ අම්මා..,


අත් දෙක එකතු කරල වැදල කියන්නම් මේ ලෝකේ කිසිම අම්මෙක්ට දුකක් දෙන්නෙපා..🙏


මොන තරම් සල්ලි මත්තේ නැහුනත් සල්ලි නිසා මේ ලෝකේ කී දෙනෙක්ට තමන්ගේ අම්මව මගහැරිල ඇද්ද අත් හැරිල ඇද්ද,

ඒත් අම්මා කෙනෙක් සල්ලි වලට ගන්න පුලුවන් ද,

අමමගෙ ආදරේ සල්ලි වලට ගන්න පුලුවන් ද,

බෑ🥺


ඉතින් අම්මේ නුඹට වෙන් කරන්න දවසක් නෑ,

ගෙවෙන හැම දවසක්ම අම්මව මතක් වෙනව,

අම්මගෙ කැප කිරීම් මතක් වෙනව,

අම්මව හැමදාමත් හදවතින් පරිස්සම් කරගන්න. 


"කිරි බිදු වල ණය ගෙවන්න සංසාරෙම වදීමී..

අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමී..

බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමී..

බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමී".💓 

........


අම්මා 👩‍👧‍👧

ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,

ජීවිතේ ලස්සනම මතක තියන තැන,

ජීවිතේ ලස්සන කරපු අකුරු තුන, 

ජීවිතේම දුන්න ඇය, 

අම්මා.. 🥰💖


Happy Mothers' Day❤

#mothersday #mother #hearttouching #අම්මා

.........


"තෙරක් නොපෙනනා අරුම ලෝකයෙහි..

මාගේ හුස්ම වැයූ..

භාවනාත්මක සත්සරය නුඹ...

ඇට මස් ලේ නහර විනිවිද..

මගෙ දිවියට පණ පෙවූ නුඹ...

සතුට සැනසුම අරා විහිදෙන..

මහා සෙනෙහස් ගගුල නුඹ...

මගේ රත්තරං අම්මා....❤️"


පසු පසින් සිට මං කවුද යැයි අම්මේ 

නුඹ මට නොපෙනන්න 

මං කවුද යැයි 

මං හදුනා නොගන්නට තිබුනා අම්මේ..

දිනයක් කුමටද නුඹව පුදන්නට

මේ දිවියම මදි ණය ගෙවන්න මට..


මගේ අම්මා ඇතුළු ලොවේ සියළුම අම්මාවරුන් නිදුක් නිරෝගී සුවපත් වේවා..!!

.........


අම්මා❤❤❤

දසමාසයක් කුස උසුලන් මා බිහි කරන්නට

වින්දා දහදුක් ඇතිදැඩි කරන්නට

නොකරපු දෙයක් නැත මා සිත පිනවන්න

කෙදිනක හැකිවෙද මට ඒ නය ගෙවන්නට


දුන්නා රහ අහර කුසගිනි නිවන්නට

දන්කුඩ කකා බඩගිනි කුසගිනි සගවලා ඇය

මහ මුහුදක ජල කද පරදලා මව

වින්දා මහ දුකක් අප සතුටින් තියන්නට 


අම්මා බුදු උනත් මටනම් මගෙ සිතට මදි

ඒ නය ගෙවන්නට සංසාරේ ඉඩත් මදී

අම්මා කියන නාමය හදවතෙ ලියවිලා ඇති

නැතිනම් මා ජිවත් වී පලක් නැති


යුතුකමකි මගෙ ඇය සතුටින් තියන එක

ගෙවන්නවා මා ඒ ණය මියෙනා තුරු දිනක 

නොතබන්නට හැකිනම් මොහොතක් ඇගෙ සිත රිදුන

ඒ පින ඇති අප හට නිවනක් සොයන්නට

........

අම්මට මොකද අවුරුද්දට එක      දවසක්

දුක්විනදා නෑරම එක                        දවසක්

ආදරේ තරම කියලා දෙන්න මදි     දවසක්

අම්මා කියන්නෙම අපිට තනිකරම ලෝකයක්

........



  "අම්මා" කියන අකුරු තුනම පුදුමාකාර කවියක්.. ඒ කවිය තරම් මේ ලෝකෙ කියැවුනු, සුන්දර කවියක් තවත් නැති තරම්___


  ඉතින් ලෝ වැසි සියලු මවුවරුනි... සුබ මවුවරුන්ගේ දිනයක් වේවා___🙏🏻🌼❤️

.........


කොච්චරවත් අම්මාට ආදරෙයි කිව්වත් අම්මාගේ ආදරේ තරම වැඩියෙන්ම දැනුනේ මමත් අම්මා කෙනෙක් වුණු දවසෙයි මගේ අම්මේ .... 🤍

මගේ ලෝකේ මං දැකපු ශක්‌තිමත්ම කාන්තාව ... 

ලස්සනම හදවතක් තිබුණු කාන්තාව ...

ජීවත්වෙන හැම තත්පරේම අපි ගැන වද වෙන ඔයාට 

මං හරි ආදරෙයි අම්මේ .... 🤍🌸 

.........


ඒ ආදරේ වෙනුවෙන් දවසක් නෙමෙයි කල්පයක් වුණත් කොහොම වෙන් කරන්නද .... 

ඒත් මේ උත්සාහය අම්මාට මගේ හිතේ තියෙන ආදරේ අද වගේ දවසක තවත් වැඩියෙන් දැනෙන්න අරින්නයි.... ♥️

..........