On this sacred Madin Poya Day, may peace, wisdom, and blessings shine upon you. 🌿✨ We are sharing heartfelt wishes and beautiful Nisadas to celebrate this special day of spiritual significance. May this day bring you inner peace, happiness, and guidance on the path of Dhamma. Visit our website SinhalaWishes.lk for more inspiring Sinhala wishes and quotes. Wishing you a blessed Madin Poya! 🪔🙏"
පිං බර උදෑසනක් වේවා!
පෝදා අපේ අසපුව
නිසදැස් අසපුව 



පුන්යවන්ත හැමෝටම පිං බර මැදින් පුර පසලොස්වක පොහොයක් දිනයක් වේවා!
මෙත් සිතෙන් සෙත් ප්රර්ථනා "! 


---------
පින්සාර දිනක් !!-
"අතින් අත මල් දෝත අරගෙන මුනි පුදන්නට සැරසිලා
හදින් හද මෙත් දයා කරුණා ගුණ දහම් බල ඉතිරිලා
තුඩින් තුඩ විහගුන් ගයයි පින් දිනක් ගැන අද ඉගිලිලා
මැදින් පුර පුන් පෝය ඇවිදින් සතර අත කල එලි වෙලා "
---------
සිහිනයක් මෙන් නිදි වෙලාවක
නුඹ පෙනී සිටියා ,
සිහිල් මදනල මැදින්
එකළුකර මුළු දනව්ව ම
පුර පෝය දා පුර සඳ ම සේ
මම බලා සිටියා , සිනාසී මම බලා සිටියා .
----------
මල් පිපේදැයි මග බලමි හෙට...
පැතුව මුත් සිරිපා මළුව සේ
ලබන්නට සෙනෙහස සදා...
පෝය සඳ නෑ මගේ ලෝකේ
දුක අහන්නට කවුරුවත් නෑ
විඳිමි පාළුව තනිවෙලා...
උලලේනවත් හඬන්නේ නෑ
තනිකමට මට ලංවෙලා...
ඇතත් ආදර පිළිරුවක් මට
මගෙ ලොවේ තනියට සදා...
දමා ඇය මා ගියා එතෙරට
තනිය රුවලක ගැටගසා...
රැවුම් ගෙරවුම් මැදින් දින දින
වසන්තය යයි ගතවෙලා...
දකින්නට ආසයි මටත් දැන්
දුවේ නුඹ දෑතින් බදා...
රිදුම් දෙන හදවතේ දුක් ගිනි
සුසුම් මත පාකර යවා...
රිදුම් පිරිමදිමින් බලමි මං
කැඩපතේ ඇති රූ රටා...
දකිමි සිහිනෙන් දුවේ නුඹෙ රුව
එයයි සැනසුම ඇති ලබා...
හනික එන්නම් නුඹ බලන්නට
දුරු රටින් මා පියඹලා...
මලක සවියට නටුව ඇති එය
සවිය වී ඉන්නට බදා...
මගේ සවියට සුළඟවත් නෑ
සෙමින් ඇවිදින් මා වටා...
දරාගැන්මේ අගකොනින් මා
සුසුම් කන්දක බර දරා...
මල් පිපේදැයි මග බලමි හෙට
පැතුම් හදවත මත ලියා...
----------