Discover a collection of Lassana Adara Wadan (Beautiful Love Quotes) in Sinhala that perfectly capture the essence of love and romance. Whether you're looking for sweet words to express your feelings or deep, emotional lines to touch the heart of your loved one, these quotes will bring warmth and joy to any relationship. Share these heartfelt messages and make someone's day special! 💕😊
 
මිනිස්සුන්ට ජීවිතේ මොනතරම් දේවල් ඕනි වෙනවද නේද ?
ඒත් මොනව තිබුනත් වැඩක් නැහැ අපිට ආදරේ නොතිබුනොත්...
විඳින්න පුලුවන් ආදරයක් ජීවිත කාලෙම ලැබෙනව කියන්නෙ ඒක හරිම
වාසනාවක්.....
තරුණ කාලෙදි වගේම වයසට ගියාමත්
ලං වෙලා මුමුනන්න පුලුවන් ආදර කතාවක ගලා යාම හරි සුන්දරයි...
හැඩරුව අඩු වෙලා ලස්සන මැකිලා
ගිය දවසටත් එක හිතින්ම ආදරෙයි
කියන්න පුලුවනි නම් එහෙම
අය හරිම ලක්කාරයෝ.....
ඉතින් ඔයාට වටිනාම කෙනාට ඉතුරු නොකරම ආදරේ දෙන්න......
ජීවිතේට එහෙම කෙනෙක් එන්නේ එකම එක සැරයයි..
එයාව ආදරෙන් රැක බලා ගන්න. 
----------
 
 
මේ ලෝකේ හැමෝටම තියෙන්න ඕනේ ලස්සන ආදර කතාවක්
පුංචි ඉඟියකින් උනත් දාහක් දේවල් තේරුම් ගන්න පුලුවන් අවංක ආදර කතාවක්
මතක් උනත් හිත නිවන ප්රේමණීය ආදර කතාවක්
අතින් කෙනාට ගරු කරන අනිත් කෙනාගේ ගරුත්වය රකින නම්බුකාර ආදර කතාවක්
ළඟ ඉන්න මිනිස්සු ඔයාව අතෑරියත් ඔයාව තනි කලත් කවදාවත් ඔයාව අත් නොහරින ස්ථීර ආදර කතාවක්
ඉතින් එහෙම ආදරයක් ඔයාටත් ලැබුණු දවසට ඔයාගේ හිතට දැනෙන හැඟීම එදාට මටත් කියන්න,
මාත් ආසයි එහෙම ආදරයක් දැනෙන්නේ කොහොමද කියලා දැනගන්න...! ✨💞🌼 
-------------
 
තිබුණා මටත් ඉස්සර
ලස්සන ආදර කතාවක්
එයාගෙ අත ගත්තෙ
අම්ම තාත්තටත් හොරෙන්
හිටියෙ තාත්තා විතරයි එයාටනම්
දාලා ගිහින් අම්මා පොඩි කාාලෙම එයාවත්
මවක් මෙන් දුන්න ආදරේ
කරේ නෑ කිසිම අඩුවක්නම්
අම්මා කෙනෙක් වගේ
ලගින්ම ඉදියා පුංචි දේටත්
ගෙවිලා ගියා අවුරුදු දෙකක් තුනක්
නැන්දම්මා ආවෙ කොහෙදෝ ඉදන්
සතුටින් ඉදපු කාලෙ දැන්නම් නෑ ඉතින්
ඉවසන් ඉදියා එයාගෙ අම්මා නිසාවෙන්
කම්මුල් පාරවල් එක දෙක එහෙම වැඩි වෙද්දින්
ඇහුවෙ එක දෙයයි ඒ මගෙ ඇති වැරැද්දයි
අම්මා නැති කාලෙදී ඔයාට මවක් වී
මගෙ අම්මටයි අප්පච්චිටයි දුකක් දී
අවුරුදු තුනයි මගෙ දෝනිට මවක් වී
ඔයත් එක්ක ආපු එකද දැන් වැරදි
ගුටි බැට කකා තව කොයි කල් ඉවසන්ද
හයියක් නෑ තවත් ඒ හැටි ගුටි කන්න
ඉවසීමේ අන්තයටම පැමිණ ඇත
වරදක් කරානම් කම් නෑ
ඔය හැටි ගුටිකන්න
පුංචි දූ නිසාවෙන් තව ඉවසනවා
ඒ පැටියටත් දැන් ටික ටික තේරෙනවා
දවසක එයාටත් මේ හැමදේ තේරේවී
අම්මේ දැන් ඇති කියා ඇය පවසාවි
එ් දවසටනම් ඉවසීමට සීමා නැති වේවි................ 
------------
 
ඉවත් වීමට හේතු සොයන මිනිස්සු අතරෙ,
රැඳී සිටීමට ප්රමාණවත් හේතු සොයන මනුස්ස ආත්මයක් වෙන්න..... ❞  
----------
 
මතකය ලියා
පපුවම පුරා
මං දුර ගියා
සප්ත සයුරෙන් එහා
මා හා ඔයා
ළඟ දැවටිලා
ගෙව් ඒ සමේ
මඟ නැවතිලා
තනිකම මගේ
හිත පෙලනවා
ආදර වදන්
ළඟ ඇසෙනවා
කුසගිනි දැනී
ඉකි බිදෙනවා
නිදි නැති රැයේ
නුඹ පෙනෙනවා
කාටත් හොරා
නෙතු තෙමෙනවා
මගෙ රත්තරං
මං හඬනවා
දුරු රටක ගෙවෙනා
මේ ජීවිතේ
දුක මිස සැපක් කොහිද
නෑ කිසි දිනේ
මට ඉන්න නුඹ ගාව
වැටිලා ඔහේ
ඉගිලීලා එනු හිතෙනවා
හැම වරේ
ආදරය විදගන්න
තුරුලේ නුඹේ
දින ගනිනවා මං
තනි වී මෙසේ
ලස්සන හෙටක් රැගෙන
එනතුරු ප්රියේ
නුඹ ඉන්නවා නේද
රැකගෙන සෙනේ 
-----------
 
❣️ඔබ තරහා වුනත් තරහා වෙන්නේ නෑ
ඔබ නොදැක ඉන්න මොහොතක් මට බෑ
පෙම් සිතක සෙනෙහෙ තවම දන්නේ නෑ
මං විදින වේදනා කියන්න බෑ❣️ 
----------
 
සමහර තැන් වලදී මායාව හරියටම වැඩ කරන්න නම් ආදරණීය වෙන්නම වෙනවා...
ඉතිං මායාවක් දකින්නම් ආදරේ කරන්න...හර්ද සාක්ෂියට එකඟ ලස්සන ආදරයක් කරන්න  
----------
 
රහසක් කියයි ඈ
නිමල සිතින් මට
දෙනුවන් කියයි ඒ
රහසේ සැබෑ වත
එනමුත් එනමුත් මුවින් ඈ
නොකියයි වදන් ලෙස
හැගුමින් පිරියයි
රහසින් මගේ සිත💞 
---------
 
සිව්වසක් නොදැනීම ගත වෙලා..
ආදර වදන් හොදටම සැහැසි වෙලා...
වසර ගනනෙම ආදරේ දියවෙලා..
උබට යන්න හිත් දුන්නේ කොහොමද සේරම අකුලලා..
හිරිමල් විය උබට පිදුවා ආදරෙන්ම
ලස්සන මල් රෝස ඇතිරුවා උබේ නමින්ම
දුන්නා පපුව අඩියෙන්ම සෙනෙහස..
කලේ නැති ටික පමණයි හද දෙවොලක්ම.
අහන්න ආසම උබේ කටින් මගෙ මැණික කියලාම..
ඒත් කිව්වේම උබ බන් විතරමය..
දැක්කානම් නොපෙනුන ආදරේ උබේ නමට
සත්තයි උබ තියන්නේ මාව ඉහළින්ම..
පෙර කල පවක් ගෙවන්නට තිබු නිසාද..
දරණු බැරි ආදරයක් දුන්නේ උබ මට..
පිට වෙලා යන්නට කලියෙන් තව එක සැරයකට...
කියපන් පපුවටම අරගෙන ...
ආදරෙයි මගෙ මැණික මහ ගොඩක්ම..
ඒ ඇති වෙයි මට ජීවිතය තියෙන තුරාවට... 
-----------
 
අදට ඔබ නැතුව ගතවෙනවා සිව් වසර
මතකයි අද වගේ දවසක අප තනි උනා අම්මා නැතුව
උනන කදුළු අඩු උනේ නෑ කිසිදාක
එලියක් කොහෙද සද හැංගුනූ දා අපට...
ආදර වදන් ඔබගෙන් නෑ ඇසෙන්නේ..
බත් ගුලිකර ආයෙත් නෑ කවන්නේ..
දුක දැනුනම ඔබ නෑ හිස අතගාන්නේ..
කොහොමද අම්මේ ඒ තනිකම මකන්නේ...
ජේසුත් එක්ක අම්මේ ඔබ ඉන්න නිසා
ඔබේ ආදරේ නොඅඩුව අපි ලබපු නිසා
ලස්සන මතක අතරේ තනිවෙලා මෙදා..
සැනසෙන්නම් අම්මේ ආයෙත් ඔබ දකින තුරා...
"හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක ඔබ හා මා හා එතැන"❤️😇😘 
------------
 
❤❤❤කිචි බිචි නදින්
කන් පෙති මත මුමුණාලා
ආදර වදන් පවසනවද
ලං වීලා
රැයේ දුටු සිහිනේ
සැබෑවී එනවද මන්දා
නුපුරුදු නුඹව සුපුරුදු
බව දැණුනා ❤❤❤❤
💛💛💛තවත් ලස්සන දවසක උදාවක්
💛💛💛සිතේ සතුට හිමිදිරියේ පටන් නිදන
මොහොත දක්වාම පවතීවා.
🌹🌹🌹ආදරණීය ඔබට
🙏🙏🙏තෙරුවන් සරණයි
🙏🙏🙏ජේසු පිහිටයි
🙏🙏🙏සියලු දෙවි රැකවරණයි  
-----------
 
හමුවනා ඇස් අතර නුඹේ රුව තව සොයමි
මගේ සිත පාරමින් මතකයන් සිහි කරමි
ආදරය නුඹ නමින් හදවතේ සඟව ගමි
මග බලා සිටින මුත් නුඹ නේන බව දනිමි 
-------------
 
ලස්සන අය නම් ඕන තරම් ලැබෙයි,
ඒත් පෙනුම කොහොම වුනත් ඔයා ළඟින් ඉඳන් ඔයාගේ හැම වෙනස්කමක්ම දරාගෙන ඔයා මත්තෙම නැහීගෙන
ඔයාට ආදරේ කරන කෙනා රැකගන්න...😘❤️
සල්ලි තියෙන අය නම් ඕන තරම් මුණගැහෙයි,
ඒත් ජීවිතේ දුෂ්කරම තැන්වලදි ඔබත් එක්ක හිටපු ඔබව තනි නොකරපු එ කෙනාව රැකගන්න...😘❤️
ඔබෙන් වෙන අඩුපාඩු දැන දැනත්
හැමදේම ඉවසන් අත් නොහැර ළඟින් ඉන්න කෙනාව රැකගන්න...😘❤️
මොකද දාලා යන්න හේතු දහසක් තිබිලත්
එ කෙනා ඔබව දාලා යන්නෙ නැත්තේ
ඔබට තිබෙන ආදරේ නිසාමයි
එ නිසා එ කෙනාව රැකගන්න...😘❤️
මොකද දන්නවද මම එහෙම කියන්නේ ? එහෙම මිනිස්සු අවසාන හුස්ම පොද යනකම් වෙනස් වෙන්නේ නෑ...
තමන්ගේ ආදරේ දාලා යන්නෙ නෑ...😘❤️
ඉතින් ඔයාටත් එ වගේ
ආදරයක් තියෙනවා නම්,
එහෙමත් නැත්නම්
දැනටමත් කෙනෙක් ඔයාට
එ වගේ ආදරේ කරනවා නම් එ ආදරේට
වටිනාකමක් දෙන්න...😘❤️
සමහරවිට එ කෙනා
ඔයා තරම් ලස්සන නැති වෙන්න පුළුවන්,
ඔයාට තරම් සල්ලි මිල මුදල්
නැති වෙන්න පුළුවන්...😘❤️
ඒත් අපිට එ නැති හැමදේම
දවසක කට්ටක් කාලා
ගොඩනගාගන්න පුළුවන්...😘❤️
ඒත් අපිව තේරුම් ගත්තු,
අපිට අවංකවම ආදරේ කරන කෙනෙක්ව
අපිට එහෙම හොයාගන්න බැ...😘❤️
මොකද ආදරේ කියන්නෙ
හදවතින්ම උපදින්න
ඕනි පිවිතුරු හැගීමක් මිසක් බලෙන්
ගොඩනගාගන්න පුළුවන්
දෙයක් නොවෙන නිසා...😘❤️
ඔව් සමහරු කියනවා
පොත්ත සුදුවෙලා
සල්ලි හොදට තියෙනවා නම්
සංසාරගත බැදීම් හැම තැනම කියලා...😘❤️
මම එයාලගෙන් අහනවා
එතකොට හදිස්සියෙවත් සල්ලි හොදට තිබිලා
මොකක් හරි හදිසි කරදරයක් වෙලා
එ කෙනා බන්කොලොත් උනොත්...🤔🙄
එහෙම නැත්නම්
හදිසි අනතුරක් වෙලා
එ ලස්සනට තිබ්බ රූපය
වෙනස් උනොත් අර සංසාරගත
බැදීමට මොකද වෙන්නෙ...🤔🙄
99%ම වෙලාවට අර කිව්ව
සංසාරික බැදීම ඉවරයි නේද...🤔🙄
ඒත් මන් මුලින් කිව්වා වගේ
අපිව තේරුම් ගත්තු,
අපේ වැරදි අඩුපාඩු දැනදැනත්
දාලා යන්නෙ නැතිව
අපිට අවංකවම ආදරේ කරන කෙනෙකුගේ
ආදරේ හැමදාටම අපිත් එක්ක තියේවි...😘❤️
හොදට මතක තියාගන්න
ඔයාව තේරුම්ගත්තු, ඔයාට
අවංකවම ආදරේ කරන කෙනෙකුගේ
ආදරේට පයින් ගහලා
වටේ ඉන්න වෙනත් අයට
මුල්තැන දුන්නට...😘❤️
දවසක ඔයා කවුරුත් නැතිව තනි උනාම
ජීවිතේ අසරණ උනාම
එදාට ඔයාගේ ලගින් ඉන්නෙ
ඔයාට එදා අවංකවම ආදරේ කරපු
ඔයාගේ වැරදි අඩුපාඩු දැන දැනත්
ඔයා ලගින් ඉදපු එ අවංක හදවත
විතරමයි...😘❤️
............................බුදුසරණයි.............................. 
------------