Celebrate Father's Day with our latest collection of Father’s Day Wishes in Sinhala, heartfelt Nisadas, WhatsApp status messages, Facebook captions, SMS greetings, and loving quotes for fathers. Share your gratitude and appreciation for your beloved father with meaningful Sinhala wishes. Find the best Father's Day greetings, touching messages, short wishes, and emotional quotes to make this special day memorable. Browse and share these beautiful Father's Day wishes with your family and friends through WhatsApp, Facebook, Instagram, and other social media platforms.

Search Tags: Father's Day Wishes Sinhala, Sinhala Father's Day Wishes, Father Quotes Sinhala, Thaththa Nisadas Sinhala, Father's Day SMS Sinhala, WhatsApp Status for Father, Father's Day Greetings Sri Lanka, Sinhala Wishes, Father Love Quotes, Happy Father's Day Messages, Sinhala Quotes for Father, Father's Day Facebook Captions.

තම ශ්රමය වගුරවමින් දරුවන්ගේ දිවි සවි කරන්නට පියෙකු හෙලනා දහඩිදිය මැනිය නොහැකි තරම්
මව මෙන් ළඟින් දැවෙටෙමින් දරුවන් අසල රැදෙමින් නිතර ආදරේ නොපෑවාට දරුවන්ගේ කෙරේ අසීමිත නිහඬ ආදරයක් පියෙකු දරනවා.
තාත්තා කෙනෙක් යනු සැබැවින්ම නිහඬ ආදරවන්තයෙක්.
හිරු නැගී අවරට යන තුරුම පවුල වෙනුවෙන් පියෙකුගේ කාර්යය භාරය අසීමිතයි
මවට දිරි දෙමින් මව් සඳ මඩලට එළිය දෙන හිරු මඩල ආදරණීය පියා වෙනවා
දහඩිය ශ්රමය වගුරවමින් ලොවක් තනන්නට කැපවෙන ලොව සියලු පියවරුන් සුවපත් වේවා..
--------
 
"තාත්තා කෙනෙක් කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ පළමු වීරයා" 
--------
 
පියවරුන්ගේ දිනය කියලා එක දවසක් අපට ඕනි නෑ. අපේ මහන්සිය දරුවන්ගේ ආදරයයි, ගෞරවයයි නම් ඒ හැමදාම අපට හොඳම දවසක්. දරුවෝ ආදරේ නම් තාත්තා කෙනෙකුට ඊට වඩා ලොකු තෑග්ගක් මේ ලෝකේ නෑ. ඒ නිසා දින දර්ශන වල දින ගැන හිතන්න එපා. අද දවසේ විතරක් නෙවෙයි, හැමදාම තාත්තාට ආදරෙන් ඉන්න. ඒ ආදරය තමයි තාත්තා කෙනෙකුගේ ජීවිතේ වටිනාම සම්පත.
---------
 
මොකටද එක දවසක් තාත්තලට....
අද පියවරුන්ගේ දිනය නම් තමයි. ඒත් මොකටද එක දවසක් විතරක් තාත්තලට. මගේ තාත්තා දැන් නැතිවෙලා අවුරුදු දෙකක්. හිටියනම් මේ වෙනකල්, කියලා දවසකට එක සැරයක් හරි මතක් වෙනවා. හැමදාමත් මතක් වෙන ඔබ හොඳ තැනන ඉන්නවා ඇති දැන්...
---------
 
තාත්තා කියන්නේ දරුවන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂය.ඇයි එහෙම කියන්නේ අම්මා ජීවිතයේ කරන කියන හැමදේම දරුවන්ට කිව්වට, තාත්තා හැමදාම කලේ නිහඩව ඒ දේ දරා ගත්ත එක.🤍
ඉතින් හැමදාම දරුවන්ගේ සතුට වෙනුවෙන් පවුලේ සතුට වෙනුවෙන් ජීවිතයේ හැමදේම කැප කරපු ඔයාගේ මගේ තාත්තා වෙනුවෙන් අද විශේෂයෙන් අපි යාච්ඤා කරමු.✝️🤍
ආදරයෙන් මරියාව සහ තම ආදර දෙව් පුතුව බලා ගත් ඒ සුරැකී පියාණන්ට ඔයාගේ තාත්තව බාර දෙන්න.
කවදාවත් ඔයාට නොකියපු ගොඩක් ලොකු වේදනාවන් තාත්ත හිර කරගෙන ඉන්න ඇති.. ඔයාගේ සතුට වෙනුවෙන් ආස කරපු හැම දෙයක්ම කැප කරන්න ඇති..
නෑ බෑ නොකියා ඔයාගේ සතුට වෙනුවෙන් හැම දෙයක්ම ඔයාට ඕනි වෙලාවට කොහෙන්ම හරි ගෙනල්ල දෙන්න ඇති..
තාත්තට දවසක් ඕනේ නෑ තමයි ,හැබැයි අද දවසේ ඔයාට නොසෑහෙන්න ආදරේ කරන ඔයාගේ තාත්තව ජුසේ තුමාට භාර දෙන්න..🤍🫀✝️
තවමත් සුව කරගන්න බැරුව ඉන්න තාත්තගේ ඒ රෝගය ජේසුට බාර දෙන්න..
විවිධ ඇබ්බැහිවීම්වලට නතුවෙලා තවමත් ගැලවෙන්න බැරුව ඉන්න ඔයාගේ තාත්තව ජේසුට බාර දෙන්න.. පව්කාරකම්වලින් පිරිලා වේදනාවල් එක්ක පොරබදින ඔයාගේ තාත්තව ජේසුට බාර දෙන්න..
ඒ හැම ස්වභාවයකටම සුවය සහනය දෙන්න කියලා..✝️🤍🫀🥺
සුබ පියවරුන්ගේ දිනයක් වේවා..🤍🫀🕊️
----------
 
💙 පියවරුන්ගේ දිනය අදයි 💙
තාත්තට මොකටද දවසක්.. තාත්තා කියන්නේම සසරක්
පවුල වෙනුවෙන් ආදරයෙන් හා කැපවීමෙන් ජීවිතය ගත කරන සියලුම ආදරණීය පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 🙏
ශුද්ධවූ ජුසේතුමාගේ ආරක්ෂාවත්, දෙවියන් වහන්සේගේ අසීමිත ආශිර්වාදයත් ඔබ සැමට ලැබේවා! 
-----------
 
ලෝක පියවරුන්ගේ දිනය අදයි...
තාත්තාගේ ආදරය නිතරම පේන්නේ නෑ...
ඒ උනාට හදවතේ මහා සාගරය වගේ ආදරය පිරිලා තියනවා...
ඒත් ගැඹුරු මුහුද තරම් නිහඬයි..
ඒ තමයි තාත්තාගේ ආදරය...
ලෝකයේ සියලුම පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.. 
------------
 

 
 
වචන වලට වඩා,
ආදරෙන් බර වුනු,
නිහඬ හදවතට...
ආදරණීය පියවරුන්ගේ දිනය...!
Some love is never spoken, only lived... deep in a silent heart.
Happy Father’s Day. 
-----------
  
 
💙 පියවරුන්ගේ දිනය වෙනුවෙන් 💙
ශක්තියක් වූ, අප වෙනුවෙන් හැමදාම කැප වූ සියලුම පියවරුන්ට සුභ පියවරුන්ගේ දිනයක් වේවා! 👔🌹🙏 
----------
 
 
👨‍👧‍👦 පියෙකු යනු පවුලක ශක්තියයි, ආරක්ෂාවයි, මගපෙන්වීමයි. 🛡️✨
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් 🌟 නිහඬව කැපවෙමින්, ආදරයෙන් ❤️ සහ වගකීමෙන් 🤝 පවුල රැකබලා ගන්නා සියලුම පියවරුන්ට මෙම දිනයේ විශේෂ ගෞරවය පුද කරමි. 🙏
💙 පියෙකුගේ ආදරය බොහෝවිට වචනවලින් නොව, ඔහුගේ ක්රියාවන් තුළින් දැනේ.
🔥 ඔහුගේ කැපවීම පවුලකට ශක්තියක් වන අතර,
🌈 දරුවන්ගේ ජීවිතයට ආලෝකයක් වේ.
👨‍👧 පියෙකු ලෙස මා ද මෙම බැඳීමේ වටිනාකම හොඳින් අවබෝධ කරගනිමි.
😊 දරුවන්ගේ සිනහව,
🌠 ඔවුන්ගේ සිහින සහ අනාගතය වෙනුවෙන්
පියෙකුගේ වගකීම අතිශයින්ම උතුම් බව මා විශ්වාස කරමි. ❤️
🙏 අද දිනයේ අප සියලු දෙනාම අපගේ පියවරුන්ට
💖 “ස්තුතියි තාත්තේ” 💖
යැයි හදවතින්ම පැවසීමට මොහොතක් වෙන් කරමු. 🫶
🎉 සියලුම පියවරුන්ට
💪 නිරෝගී,
😊 සතුටින් පිරුණු,
✨ ආශීර්වාද ලැබෙන
❤️ සුබ පියවරුන්ගේ දිනයක් වේවා! ❤️ 
---------
 
 
ලෝක පියවරුන්ගේ දිනය අදයි...!
නොකියපු ආදරයක ජීවමාන සංකේතය ඔහුය...
දැරිය නොහැකි තරම් සෙනෙහසක් සිහිනෙනුත් පුදන්නෙ ඔහුය...
දහසක් දුක් පීඩා විඳ සියලු කම්කටොලු පැණි රසක් මෙන් විඳ දරාගෙන කිසිඳු අඩුපාඩුවක් නොකර මා පෝෂණය කල,,
පවුරු වලල්ලක් මෙන් මා හා සිටිමින් මා ආරක්ෂා කල,
ආදරණීය තාත්තේ ඔබට දීර්ඝායුෂ ලැබේවා...!🙏❤️
බුදු සරණයි තාත්තට මගේ ♥️🙏
ආදරෙයි ♥️♥️ 
----------
 
 
ලෝක පියවරුන්ගේ දිනය සමරමු...
හදවතේ ගැඹුරුම තැනින්
ආදරය නැගෙනා
මෙලොව සිටිනා
බලවන්තම ආදරය හිමි
එකම ආදරණීයම
පිරිමි ආත්මයයි
මගේ තාත්තා 
----------
 
ලෝක පියවරුන්ගේ දිනය🤍
உலக தந்தையர் தினம்🤍
World Father's Day 🤍
හඬ නොනඟාම ජීවිතයම කැප කරන,
අපේ සිහින වෙනුවෙන් නිහඬව වෙහෙසෙන
අපේ පළමු වීරයා තාත්තා.
සියලුම පියවරුන්ට සුබ ලෝක පියවරුන්ගේ දිනයක්!❤️
சொல்லாமல் வாழ்நாள் முழுவதும் தியாகம் செய்யும்,
எங்கள் கனவுகளுக்காக அமைதியாக உழைக்கும்
முதல் நாயகன் அப்பா.
அனைத்து தந்தையருக்கும் இனிய உலக தந்தையர் தின நல்வாழ்த்துகள்!❤️
A father's love is quiet,
his sacrifices are endless,
and his strength becomes the foundation of our dreams.
Happy World Father's Day to every amazing dad! 
----------
 
අද පියවරුන්ගේ දිනය ❤️✨
මම යම් හෝ තැනක අද ඉන්නවා නම් ඒ පිටුපස ඉන්න මහා චරිත දෙකෙන් එකක් තමයි මේ ඉන්නේ.....🥺
මම වෙනුවෙන් නොකරපු දෙයක්, නොවිඳපු දුකක් නැතුව ඇති....🥺❤️
මම දුක් විඳිනවා, අඬනවා බලන්න බැරි සතුටු වෙනවා විතරක් බලන්න පුළුවන් කෙනෙක් තමයි මේ.....❤️🤗
මම දන්නේ නෑ ඒ ගැන හිතලා මම සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා....🥺❤️
මම හිතනවා මගේ හැටියට මම ඔයාගේ ජීවිතේට සාධාරණයක් ඉෂ්ට කරනවා ඇති කියලා.... ඒත් මට කවමදාවත් මං වෙනුවෙන් වෙන කැපවීම් ණය ගෙවන්න බැරි වෙයි.....🥺
මගේ අපුච්චි,
මම ඔයාට ගොඩක් ආදරෙයි❤️✨
මගේ පියතුමා ඇතුළු දරුවන් වෙනුවෙන් තම දිවිය කැප කරන සියලූම පියවරුන්ට සුබම සුබ පියවරුන්ගේ දිනයක් වේවා.....!!! 
------------
 
පියවරුන්ගේ දිනය. ..වැඩිපුරම දැනෙන්නේ පියවරු නැති දියණියන්ටද කියලා මට හිතෙනවා..
==================================
අපචිච්චි කියන්නෙත්. තාත්තා කියන්නෙත්. ..එක්කෙනෙක් උනාට මට ඒ දෙන්න දෙන්නෙක් .මගේ අප්පච්චි ..මගේ ජීවිතයේ පෙර ගමන්කරු වෙනකොට. මගේ දෝනිට හිටියේ තාත්තා කෙනෙක්. ..ඉතින් මමත් කටපුරා තාත්තා කිව්වේ..දෝනිගෙ තාත්තට..ඒ දෙන්නගෙන්..බොහෝ වෙනස්කම් මං. දැක්කත්..විශ්වාසය ආරක්ෂාව ඉදිරියේ..බොහෝ සමානකම් දැක්කා..හැමෝගෙම තාත්තලා එක වගේ නෑ .එකිනෙකාගේ තාත්තලා වෙනස්...හැබැයි තාත්තා ගැන අවසාන හැඟීම. .සමාන වෙනවා. ..ඉතින් ආඩම්බරකාර තාත්තලට. ..අපි හැමෝගෙම ගෞරවය ආදරය හිමි වෙන්න ඕන.හැම තාත්තා කෙනෙක්ගෙම සැනසීම. පවුලේම සාර්ථකත්වයට හේතු වෙනවා..හැම තාත්තා කෙනෙකුටම සතුට සැනසීම ඇතිවේවා. නිදුක් නිරෝගී භාවයම ලැබේවා.. 
---------------
 
⭕️❤️ලෝක පියවරුන්ගේ දිනය අදයි! 💐
******❤️ ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි❤️****
"දස මසක් කුස දරන අම්මාලාගේ
ආදර රැකවරණය දිරිය වී ඉන්පසුත්
දරුවන් උස්මහත් වී දෙපයින් නැගිටින
තුරාත් තම හුස්ම තියෙන තුරාත් දරුවන්ට
වීරයෙක් යාලුවෙක් වී ශක්තියක් වී තිබඳ
සරණ දරුවන්ගේ යෝධ සෙවනැල්ලක්ම වන
ලොවේ උතුම් පියවරුන්ට උපහාරයක්ම වේවා!❤️💐 
-----------
 
❤ *ලෝක පියවරුන්ගේ දිනය * ❤
පියෙකුගේ කොන්දේසි විරහිත ආදරය වචන වලින් පැහැදිලි කළ නොහැකිය..
අපට කොන්දේසි විරහිත ව ආදරය කරන අපගේ පියවරුන්ට අපිත් කොන්දේසි විරහිත ව ආදරය කරමු.
*අද පමණක් නොව දිනපතාම !*
මුළු ජීවිතයම කැප කරමින් දරුවන්ව රැකබලා ගත් සහා රැක බලා ගන්නා අපගේ දයාබර පියවරුන් වෙනුවෙන් යාච්ඤා කරමු.
*අද පමණක් නොව දිනපතාම !*
එලෙසම අපට කොන්දේසි විරහිත ව ආදරය කරන ආත්මික පියවරුන්ට එනම් පියතුමාන්ලාට අපිත් කොන්දේසි විරහිත ව ආදරය කරමු.
*අද පමණක් නොව දිනපතාම !*
අපගේ ආත්ම පෝෂණය කරන අපගේ ආත්මික පියවරුන් වෙනුවෙන් එනම් පියතුමන්ලා වෙනුවෙන් යාච්ඤා කරමු.
*අද පමණක් නොව දිනපතාම !*
මේ ලෝකයේ සියලුම දයාබර පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා.🙏
සියලුම පියවරුන් ව දෙවියන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා!
----------
 
වචනවලින් කියන්න බැරි තරම් අපි ණයගැතියි. අපිට දුන්න ඒ නිහඬ, උත්තරීතර ආදරයට මුළු හදවතින්ම ස්තුතියි...
ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන්! 
----------
 
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී..
ලෝක පියවරුන්ගේ දිනය අදයි. පියවරුන්ගේ ගුණ මහිමය සැමරීමට වෙනම දිනයක් වේලාවක් අවශ්ය නොවූවත්,අද දිනය සියලුම පියවරුන්ට නිදුක් නීරෝගී සතුටින් පිරී දීර්ඝායුෂ ලැබෙන සුබ පියවරුන්ගේ දිනයක් වේවා!
Happy Father's Day to all the incredible fathers who lead with strength, love, and wisdom. Thank you for your endless sacrifices, unwavering support, and the values you pass on to future generations. Wishing you happiness, good health, and a life filled with love and cherished moments. 
-----------
 
❤️ පියවරුන්ගේ දිනය වෙනුවෙන් ❤️
මගේ ආදරණීය තාත්තේ…
අම්මා අපෙන් වෙන් වූ පසු, මගේ ජීවිතයේ ශක්තිය, ආරක්ෂාව සහ ආදරය වන්නේ ඔබයි.....
ජීවිතයේ දුෂ්කර මාවත්වලදීත් නොවැටී ඉදිරියට යන්න මට ශක්තිය දුන්නේ ඔබගේ වචන, ආදරය සහ ආශිර්වාදයයි.
තාත්තා කියන්නේ නිකම්ම නමක් නොවෙයි…
එය ආදරය, කැපවීම, නිහඬව කරන පරිත්යාග සහ සෑම විටම පසුපසින් සිටින විශ්වාසයේ නාමයයි.
මගේ සිහින වෙනුවෙන්, මගේ සතුට වෙනුවෙන්, මගේ ජීවිතය වෙනුවෙන් ඔබ කළ දේවල්වලට ස්තූතියි තාත්තේ....
අම්මාගේ මතකයන් සමඟ, ඔබගේ සෙනෙහසත් එක්ක මම ඉදිරියට යනවා. ❤️
අම්මාගේ අහිමිවීමත් සමගින් හිස් වූ මගේ ජීවිතයේ ලොකුම ආශිර්වාදය — මගේ තාත්තායි.. 🙏
පියවරුන්ගේ දිනයට ආදරයෙන් සුභ පැතුම් ❤️ 
-------------
 
👨‍👦‍👦 🌹ලෝක පියවරුන්ගේ දිනය අදයි🌹👨‍👦‍👦
දෙවියන් දුටිමි මා මිහි පිටදීම
මට ජීවිතය දුන් පින් කඳ තාත්තා.
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා.
දරු සෙනෙහසින් පිරි උල්පත ඔබ තමා.
👨‍👦‍👦තාත්තේ..........
මං ඔයාට ගොඩක් ආදරෙයි! 
-------------
 
🥰🥰ලෝක පියවරුන්ගේ දිනය අදයි🥰🥰
අවයාජ ප්රේමයේ ජිවමාන ප්රතිමුර්තය ඔහුයි🥰
ජිවිතය ලබාදි ජිවිතය කියාදී
මහමෙරක් තරම් වූ 🥰
ජිවන බර තනිවම උසූලමින්
සිහිනෙන් පවා දරුවන්ගේ සතුටම පතන
ආදරනිය පියවරුනි ඔබ සැම දිර්ගායුශ ලබත්වා🙏
-----------
 
ලෝක පියවරුන්ගේ දිනය අදයි!
"මහ පොළොව වගේ හැම බරක්ම දරාගෙන, මට අහස වගේ නිදහසේ පියඹන්න ඉඩ දුන්නට ස්තුතියි තාත්තේ... 
---------
 
පියවරුන්ගේ දිනය ලඟා වෙද්දී...
මට නිතරම මතක් වෙන්නේ මගේ තාත්තා හදපු ඒ අපූරු නිවස ගැනයි... 🏡
බිත්ති, වහලවල් හෝ බිම ගැන නෙවෙයි... ❤️✨
ඔහු ගොඩනැගූ ඒ ආදරණීය පවුල් පරිසරය ගැනයි.
හැම කාමරයක් පුරාම සතුටු සිනහවන් පිරී ඉතිරී ගිය ආදරණීය නිවසක්...
පවුලේ හැමෝම එකතු වෙලා ගන්නා රාත්රී ආහාර වේලට ලොකු වටිනාකමක් දුන්නු නිවසක්...
අතින් සිද්ධ වුණු වැරදිවලට ආදරයෙන් සමාව ලැබුණු නිවසක්...
ආදරය කියන්නේ කිසිම විටක දිනාගත යුතු දෙයක් නෙවෙයි, ඒක හැමදාමත් අපිට නිතැතින්ම ලැබෙන දෙයක් කියලා කියාදුන්නු නිවසක්...
අපි පොඩි කාලේ,
ඒ වගේ ලස්සන ආදරණීය වටපිටාවක් නිර්මාණය කරන්න තාත්තා කෙනෙක් කොයිතරම් මහන්සි වෙනවද,
කැපවෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ.
ඔහු කරපු අසීමිත කැපකිරීම් අපි දකින්නේ නැහැ.
ඔහු හිත යටින් දරාගෙන හිටපු ලොකු ලොකු කරදර, ප්රශ්න අපි දකින්නේ නැහැ.
අපිට මීට වඩා හොඳ,
සුවපහසු ජීවිතයක් ලබාදෙන්න ඔහු නිදි නැතුව ගත කරපු ඒ රෑ ජාමයන් අපි දකින්නේ නැහැ.
අපි කළේ ඒ හැමදේකින්ම ලැබුණු උණුසුම,
සැනසීම බොහොම නිදහසේ විඳපු එක විතරයි.
ඒ ආරක්ෂාව...
අපිට තේරෙනවාට වඩා ලොකු බරක්,
වගකීමක් අප වෙනුවෙන් කවුරු හරි කෙනෙක් තමන්ගේ කර මතින් දරාගෙන ඉන්නවා කියලා දැනෙද්දී හිතට ලැබෙන ඒ ලොකුම සහනය අපි වින්දා.
අද ආපසු හැරී බලද්දී මට තේරෙනවා,
තාත්තා කෙනෙකුට තමන්ගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන් ලොකුම දේ සාර්ථක විශාල වැටුප් සහිත රැකියාවක් හෝ විශාල බැංකු ගිණුමක් විතරක්ම නෙවෙයි කියලා.
ඒක තමයි,
තමන්ගේ පවුලේ හැමදෙනාටම අසීමිතව ආදරය ලැබෙනවා කියලා දැනෙන ඒ ලස්සන "නිවස" නිර්මාණය කරන එක!
අන්න ඒ වගේ ආදරණීය උරුමයක්,
සල්ලිවලට ගන්න පුළුවන් ඕනෑම දේකට වඩා සදහටම,
ජීවිත කාලය පුරාම හදවත් අස්සේ රැඳිලා තියෙනවා. 🤍 
-------------