පන වගේ ආදරේ කරපු තමන්ගෙ
GF ගේ  Wedding එකට ගිය කොල්ලෙක්,
එයාව බදින මනමාලයට කියන
කතාවක්...............................................

Girl - සුදු අයියේ......ඔයා ආවද........

Boy- හ්ම්ම්ම්ම්ම්........ආවා මැනික....
ඒත් ඔයාව මේ විදියට
බලන්න ආස හිතුනා.......අද ඔයා ගොඩාක් ලස්සනයි............


Girl - අනේ මට සමාවෙන්න සුදු අයියේ.....මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ......අයියා තරහ නෑ නේද........

Boy - ආ......කෝ ඔයා අඩන්න පටන් ගත්තද...කෝ ඕක නවත්තගන්නකෝ....මන් තරහ නෑ මැනික.....මේක තමයි අපේ ලැබිම......අපි හිත හදා ගමු......කෝ ඔයාගෙ මනමාලයා..........මන් පොඩ්ඩක් කතා කරාට කමක් නෑ නේද.........

Girl - කමක් නෑ සුදු අයියේ.....මන් එයාට ඔයා ගැන කියලා තියෙන්නේ.......

boy - ආ.....ඉන්නකෝ පොඩ්ඩක්,මන් එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා
එන්නම්කෝ...................................
------------------------------------------------------------
අන්දා සාරි බන්දා ගෙල වට
මාලේ,
කැන්දා යන්න මන් මගබල
උන්නානේ,
අගහරු වටේ ගොස් අම්මා
හොර පාරේ,
දීගෙට අපේ ශනි නීචයි
කිව්වානේ.....................

මව්ගේ බහට ඈ ඇගෙ සිත
පුද කෙරුවා,
දොරෙ ගලා ගිය ආදරෙ
නැවතූවා,
දුක උහුලන් මන් ඇයගෙන්
වෙන්වූවා,
රන්කද මගේ ඇස් මානෙම
නැතිවූවා......................

රැක්කේ මමයි පන වාගෙම ඇය
ඊයේ,
වැරදි සිතක් නෑ ඇය ගැන
මතූවූයේ,
සදක් වගෙයි මගෙ ලග ඈ
බැබලූයේ,
ඇහැක් වගේ බලා ගනින්
මගෙ ආලේ......................

බෙහෙත් ජාති බීමට ඈ හරිම
හොරයි,
කලුවරේම ඉන්නට නන් ගොඩක්
බයයි,
සැර කෙරුවොත් මහ හයියෙන්
උනත් හඩයි,
ඇගෙ,
අම්මා නොකී මේ හැමදේ දන්නෙ
මමයි...............................

කවදාවත් මන් නෑ ඇගෙ ඇස්
තෙමලා,
වැරදි කරත් නෑ තරහින් වත්
බැනලා,
රැක්කේ පන විලස මගෙ මව්
යැයි සිතලා,
වැදලා කියන්නම් ඇය රැකපන්
කියලා............................

තුරුලේ තියන් ආදරයෙන්
සනසාපන්,
මැනික කියා හුරතලේට
අමතාපන්,
අඩුවක් නොකර ආදරයෙන්
සලකාපන්,
මන් නැති අඩුව උබ හිමිහිට
පිහිදාපන්,

මන් ගැන ඇගේ ඇති ආලය
මකාපන්,
අම්මෙක් වගේ මගෙ රන්කද
බලාගන්,
නෙත් දෙක වැසුනු කල
මා වෙත එවාපන්,
උනුසුම් හාදු දී යන්නට
කියාපන්..........................

උපුටා ගැනීමකි😘