Sinhala Wedding Anniversary Wishes | Greeting | Quotes | sinhala wedding anniversary Nisadas | ආදරණිය විවාහ සංවත්සර පණිවිඩ සහ සුභ පැතුම් | Sinhala mangala sanwathsara subapathum | Sinhala Vivaha Sanwathsara Subapathum and Nisadas | විවාහ සංවත්සර සුබ පැතුම් | විවාහ සුභපැතුම් මංගල සුභ පැතුම් | සුබ විවාහ සංවත්සරයක් වේවා | ආදර සංවත්සර සුභ පැතුම් | මංගල සුබ පැතුම් | Anniversary නිසදැස් | wedding anniversary wishes for hubby sinhala| wedding anniversary wishes to wife in sinhala| wedding wishes in sinhala | Sinhala wedding anniversary wishes for husband | Sinhala wedding anniversary wishes for wife |Sinhala 1st wedding anniversary wishes | Sinhala happy anniversaryanniversary wishes for girlfriend.


පෑසිත් නිතින් තු‍ටුකරන් මේ දිවි තලාවේ

ආවත් මගේ පසු පසින් සෙවනැල්ල විලසේ

බෝ දුක් සමඟ සන්තාප නෑ හීන වූයේ 

ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නෑ ගොත් සනුහරෙත් දුක් ගෙන දුන් නිසාවෙන්

නෑ තෙත් වුනේ අපගේ නෙත් වින්දයි සැපක් සේ 

දූ පුත් ලදින් පෙර පිනෙන් රූමත් ගුණෙන් යුත්

ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


ජීවත් වුනත් එක පියස්සක   සිත් පෙ‍රැත්තෙන්

කෝපත් ගනිත් රළු බසින් බැන අඬ ගසද්දී

නෑසෙත් ලෙසින් හිත හදන්, මාවත් සනස්වා 

ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ


නුඹ විත් හදෙහි ‍රැදෙමින් ලක්ෂ්මී වෙලාවත්

බැඳගත් බෙරේ ගසමින් රස්සා කලාවත්

මැදිහත් සිතින් සිතමින්ම දිවිමඟ ගෙවාගත්

ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ

--------

පමා වුනත් මතකෙට ගත්තා නොවෙද

නුඹ වෙනුවෙන් දුක් වින්දේ ඈ නොවෙද

නුඹෙ දරුවන් කුස ඔත්තේ ඇගෙ නොවෙද

සැමටම වඩා නුඹ හදුනනවා නොවෙද


නෑ සනුහරේටම ඈ පිටුපා ආවේ

නුඹගේ සිතට දුන් ආලය බර නොවෙදෝ

බැණ අඩ ගැසූවත් පසු පස ඇය ආවේ

නුඹ හිත ඇයට මහමෙර සේ නොවෙදෝ


බිදිනු කැඩුන සිත් නුඹලගේ යා වේවා

කුරුළු කැදල්ලක සෙනෙහස බෝ වේවා

සීතල තනිවු හදවත් උණුසුම් වේවා

විහඟ ගීය මිහිරුති යුග ගීයක් වේවා

-------


දෑගිලි බැදන් රන්හුයෙන් මුතු මාල බන්දා

පැහුන දෙසිත එකසිත් සේ හිතපු හන්දා

පේවුන මඟම ගත්තත්, යාදුර නොබින්දා

නුඹගේ පැතුම් සුභ මගුල් ලකුණක් පළන්දා

------