Sinhala Vesak Nisadas | Sinhala Wesak Wishes | වෙසක් ආසිරි නිසැදැස් | Sinhala Vesak Card Wording | Sinhala vesak day wishes for friends | Sinhala wesak day sinhala quotes | Sinhala vesak subapathum nisadas |  sinhala vesak card nisadas | kavi | Sinhala vesak card ideas.


01.
මල් වැට ළග දෙපසට වි
ඈයි අප තවමත් වෙන්වි
සාමය ලොවටම පතුරමු
එක සොයුරන් සේ එක්වී

02.
රැදුනොත් දුක් ගංග ගාවා
මිදුමක් නම් නැති වෙනවා
බුදු බණ පද සිහි වෙනවානිදුකින් සැම සැනසෙනවා.

03.
කළ ගුණ කිසි දිනක නෑ අමතක වන්නේ
ඒ ආදර්ශනයයි මුළු ලොවටම දුන්නේ
බුදු හිමි දෙසූ දහමින් අප සැනසෙන්නේ
යහ ගුණ දහම් අපහිත් තුල වඩවන්නේ

04.
පන්සල් බිමේ සදහම් ගුණ පැතිරේවා
සියලු සතුන් මෙන් ගගු ලේ නැහැවෙනවා
නිරතුරු සබඳ ඔබ ගැනසිහියට එනවා
වෙසක් අසිරි පැතුමක් මින් ගෙන එනවා

05.
පහන් දල්වා වෙහෙර මළුවේ
සහන් සිතුවිලි සිතක මතුවේ
කුසුම් පුදමින් සමිඳු හමුවේ
උතුම් පැතුමකි ඔබට පැතුවේ

06.
ඝණ අදුරේ මිනි පහනින් එළිය කරන්න
එන මල් වී පරිසරයම සුවද කරන්න
එතෙර වෙන තුර සසරේ යලි හමුවෙන්න
හැකිවෙයි දිනක අපටත් නිවන් දකින්න.

07.
සසර දුකෙන් එතෙර වෙන්න මගක් සැලසුනා
සතර අපාවල ගිනි දැලි නිවී සැනසුනා
මිහිර නැගෙන වෙසක් දිනේ පැතුම් මත ගෙනා
මිතුර ඔබත් සැනසෙවා සසර මග දිනා

08.
පියවර තබමින් පෙරටම යන්නයි
බාධක බිද හැර ජය ලැබගන්නයි
සැපතින් යස ඉසුරින් වැජඹෙන්නයි
ඔබහට ආසිරි සුබපැතුම් ගොන්නයි

09.
අකුසල් දුරු කරමින් නේ
කුසල් පුරුදු කරමින් නේ
දහමට නතු කරමින් නේ
එතෙර වන්න සසරින් මේ

10.
සිසිල් සදරෑසින් බේරී
සදහම් සුවඳක් පැතිරේ
සිතින් ඔබත් සමග බැදී
මේ ආසිරි පැතුම ගෙනේ

11.
ගලක් මත තබා පිදුවත් හිමි නමට
මේ මල් සැපයි නැගුවත් පිළිරූ අවට
දයවකින් පුදදෙමි පැතුමක් සිතට
සාමය සපිරි වෙසගක් වේවා ඔබට

12.
බුදුරෑස් විහිදිලා ලෝකය එකලු කලා
සම්බුදු සමිදු බුදු වුන බව පතල කලා
පහන් සිලක් පුදසුන මත පුද කරලා
ආසිරි පතමි ගුණ කද සිහි කරලා

13.
දුර හිටියත් සෙත් පැතුවා මා ඔබට
පන්සල් පේ නව වෙල් එලියෙන් ඈත
සිල් සුවඳක් අරන් එයි මදනල සීත
සියොතුන් ගයනවා සම්බුදු ගුණ ගීත
පිදුවා මා ඔබව සිහි කර මල් දොත

14.
තරු මල් කලාලය උඩු වියනක් වැන්නේ
ගලනා සද වතුර දොතට අර ගන්නේ
පිපෙනා කුසුම් සඳ වතුරින් දොවන්නේ
වෙසගෙ පැතුම් ඔබ සැම වෙත ගෙන එන්නේ

15.
දිලි දිලි රිදී වන් පැහැයෙන් පුරා සද
සිලි සිලි සින සන් සරයෙන් වෙලා හද
වෙලී වෙලී සිහිල් මාරුතයෙන් පෙරා තෙද
සැලි සැලි කියාලයි තුරුපත් වෙසග අද

16.
පිනි මුතු විසිරෙන උදයක් වාගේ
සිතුවිලි තව පිවිතුරැ වන්නේ
ඉසුරු ළගාවී සැපත උදාවී
සැනසුම ඔබහට ලංවන්න.

17.
මිනිසත් බවේ මහ අදිටන් පැතුම් විද
ජයගත් දිනෙක පිය සම්බුදු පදවි ලද
මෙමහත් පින් කමේ සව්දිය පිරුම් මැද
මිනිසුන් හට පතමි සැරදේ ! වෙසක් අද

18.
ලුම්බීනි සල් උයනේ ඉපදී සිදුහත් කුමරු
බුදුවී ගයාවේ ලොව්තුරු දහම් දෙසූ
මහා පිරිනිවන් කුසිනාරාවෙ කරහු
අපෙ බුදු හිහිගෙ තෙමගුල සමරමු සාදු

19.
එක මල් කිනිත්තක ඇති එක සුවද ලෙසින්
බැදි සෙනෙහසෙහි අඩුවක් නෙත තුන් සිතකින්
පින් බර වෙසක් පෝ දිනයේ සිල් සුවදින්
ඔබ හට ගෙනෙයි ආසිරි හදපිරුණු බැතින්

20.
අසිපත් කුඩක මල් පිබිදුනු දිනය අද
රූස මල් පිපී හිනහෙන වෙසඟ අද
වෙහෙරට පිය නගන මල්වල සුවද මැද
සැනසෙනු මැනවි මේ මල් පොකුරු වැඳ

21.
සමිදුන්ට මල් දෙවිදුන්ට මල්
උතුමන්ට මල් දෙගුරුන්ට මල්
ශොකයට මල් ප්‍රීතියට මල්
ලොව පවතිනකල් ආදරයට මල්

22.
පතමින් තෙරණින් වැඩමෙව් බෝධි‍ය
දඹකොල පටුනින් ගොඩ බට බෝධිය
දෙවි පියතිස් රජ පිලිගත් බෝධිය
නමදිමු ඒ-ජය සිරිමා බෝධිය

23.
මල් වැට ළග දෙපසට වී
ඇස අප තවමත් වෙන්වී
සාමය ලොව මම පතුරමු
එක සොයුරන් සේ එක්වී

24.
පුන්සද මෙන් කදු මුදුනේ දිස් වෙන
රන්වන් සිවුරක් පොරවා රැස් දෙන
තුන් ලොවටම මෙත් කරුණා වස්සන
අන්න බලන් බුදු සමිදුගෙ ලස්සන

25.
හදවත පිරුසුදු නම්
මේ මල් පුද කරමි මම
හදවත වියවුල් නම්
නිරවුල් වනතුරා සුබ පතමි මම

26.
හැඩ වෙන මලින් බර වී තුරු ගානේ
සඳ දිය බිදු හැලෙයි අද පුර සද පානේ
පති බර නැගුම් පුරවා හද සන්තානේ
දම් අප පැනින් පුරවමු දිවි තුසලානේ

27.
සල් මල් මල් පිපිල වෙසක් පොයදා
ඒ මල් ගෙන පන්සල් යන්නම්
අපගේ මිතුදම තව සුරැකෙන්නට
වෙසක් සුබ පැතුම් ගෙන එන්නම්

28.
දහසක් වන මල් උපදි
සදහම් සුවදක් පැතිරි
වෙසක් සදෙ එලිය මැදින්
බැතිබර සිතුවිලි උපදී

29.
විකසිත වෙලා ඈත වනමල් සුවඳ දිදී
සීතල සද කිරන සිල් සුවදක් පැතිරී
දසතම පිබිදිලා තෙමගුල් සිරි අසිරී
ඔබටත් වාසනාවන් හද පතුම් පිරී.

30.
සුදු අරලිය මල් දොතයි
දිදුලන කිරි සුදු සෑයයි
වෙසක් සදක කිරණ මැදින්
පුංචි අපේ සිත පැහැදෙයි

31.
සම්බුදු පියානන් ලොකෙට පහල වෙලා
බණ දෙසූ සේක ලෝ සතුන්ගෙ සැපය බලා
ලෞකික සැපය අස්ථීර වෙයි නොවනු මුලා
යනුවෙන් බණ දෙසා සැම දෙනා රහත් කලා

33.
දින දින වෙහෙසෙන
ඔබගේ දෑතට
නිරතුරු සවිය ලැබේවා
මේ පිං ලැබගෙන
සිත පහදාගෙන
සසර දුකින් මිදෙවා

34.
පලමුව වදිමි බුදු හිමි ලොව්තුරු සම්මා
දෙවනුව වදිමි දෙසු ධර්මය හද නම්මා
තෙවනුව වදිමි මහ සඝ රත්නය නිම්මා
පතනෙමි ඔබට තෙරුවන් ගුනයම සම්මා

35.
වෙසගෙ මල් හරසර දන් විකසිත වෙනවා
සැමගෙ සිත් සතන් දහසක් නැහැ වෙනවා
සමිදුගෙ දහම් සුවදින් සිත් ඔප වෙනවා
එබැවින් සිරිලකට වෙසගේ මල් පූදිනවා…

36.

සල් උයනෙහි ලුම්බිණී

සිදුහත් පුතු ඉපදුනී
ලොව සනසන වෙසක් මගුල
ඒ අසිරිය වෙනුවෙනී

හිමි සිරි පද පුඅදනට
මල් පිබිදෙයි තරගෙට
බිගු තුරුගොස පැතිරී යයි
වෙසගෙහි මහ මගුලට

බිම්බා සහ රහල් පුතා
අටහහැරි මොක් සුවය පතා
සක්විය සැප පිළිකෙම් කල
අපේ සිදුහත් බෝදි සතා

හිමිගේ මහ ගුණ හමුවේ
වසවත් පැරදී දිව්වේ
ඒ බව කියමින් තවමත්
සිරිමහ බෝපත් සෙලවේ

ගසක් යටම ඉපදුනී
ගසක් යටම බුදු වුනී
පිරිනිවුවදබුදු සමිදානෝ
ගසක් යටම සිදු වුනී

මලපුතු කරපින්නාගෙන
බෙහෙතක් සෙව් පනගන්නා
සෑසී පිලිසරන ලබා
කිසා නිවන් මග උන්නා

සුනීත සෝපාක වැනී
අම්බපාලි කතුන් වැනී
අසරණ අය සුවපත් කර
අපෙ බුදු ජීවකයානෙනි

බුදු ගුණ නව අරහාදී 
සීපත් කොට සිත පැදී
සම්බුදු සරනින් සැමහට
වේවා සුබ සෙත සැදී

37.
දියත පුරා අමාමෑණි දහම් සුවඳ පැතිරේවා
සියක් තඹර පෙති පුබුදා බුදු පාමුල නැමදේවා
වියත් බසට කීකරු වී බුදු තෙමඟුල සැමරේවා
වසක් යන්න කලියෙන් ලොව කොරෝනාව දුරුවේවා
වෙසක් සඳේ කිරණ වැටී නිරෝගි සුව අත් වේවා
දුකක් නොවී ලොව සතහට සුවසහනය සැලසේවා
කඳුලක් නැගී දෙනෙත් අගට සිනාමලක් පිබිදේවා
ගසක් ගානේ පිපුණු මලින් මුලු ලොව ලස්සන වැඩිවේවා.