සාමාන්යයෙන් හොඳම යාලුවාට අපි හාලා ඇවිත් හාපු බව කියන්න ඕන නෑ. එයා දන්නවා.
හොඳම යාලුවෙක් ඉස්සරහ අපි අපේ හැසිරීම ගැන වද වෙන්නෙ නෑ. පහසුවෙන් ඉන්නවා.
අපි එයා ඉස්සරහ අලුතෙන් සංවර වෙන්න උත්සාහ කරන්නෙ නෑ.
කොටින්ම අපි හොඳම යාලුවා ඉස්සරහ විහිලුවකට ඇරෙන්න රඟපාන්නෙ නෑ.
තමන්ගෙ ගෙදර බත් මුට්ටිය අස්සෙ බැහැගෙන ඉන්න එකාට අපි අමුතුවෙන් කිසිම දෙයක් මවා පාන්නෙත් නෑ.
කිසිම දවසක අපි හොඳම යාලුවාට මුකුත් හංගන්නෙ නෑ. ඇත්තටම හංගන්න බෑ. හංගගන්න උවමනාවකුත් නෑ.
අපි ආසයි යන හැම තැනම එයාව එක්කගෙන යන්න. එයත් එක්ක ඉන්න. විනෝද වෙන්න. කයිය ගහන්න. දුක බෙදාගන්න. ප්රශ්න ගැන කතා කරන්න. මේ හැම දේකටම අපි හොඳම යාලුවාව හොයනවා !
ඉතින් ඔය හැමදේම ප්රේමයක් ඇතුළෙ තිබුණොත් ජීවිතේ කොච්චර සැහැල්ලු වේවිද නේද ?
දැකලා තියෙනවද මග තොටේ බු:ම්මගෙන ග:ස්සගෙන ඔ:රවගෙන ඉන්න පෙම්වතියො. වටේ පිටේ මිනිස්සු ඉස්සරහ අපහසුතාවයට පත් වුණු පෙම්වතුන්.
කවදාවත් ඔබට හොඳම යාලුවෙක් එක්ක ඉන්නකොට එහෙම වෙලා තියෙනවාද. නැහැ නේද... ඒ එකට හිනාවෙන්න එකට අඬන්න එකට සැනසෙන්න , එකට වදවෙන්න පුළුවන් පැකේජ් එකක් මිත්රත්වය ඇතුළෙ තියෙන නිසා.
ප්රේමය හොඳම යාලුවෝ අතරෙ ඇති වුණත්, අහම්බෙන් මුණ ගැහිලා ආදරේ කරත්.. වැදගත් වෙන්නෙ පටන් ගත්තු විදිය නෙමෙයි. ගලාගෙන යන විදිය.
අවුරුද්දක් දෙකක් යනකල් පැය විසි හතරම ආදර වදන් තෙපළලා. ඊටපස්සෙ විනාඩියක ඇමතුමක් ගන්නත් appointments දාන්න සිද්ද වෙන , කල් යද්දි පරණ වෙන ප්රේමයකට වඩා,
මුල ඉඳලම... රහ මොහොතකදි ප්රේමයෙන් වෙළිලා , අනිත් හැම මොහොතකම යාලුවෝ වගේ නිදහසේ පහසුවෙන් ජීවිතේ විඳින එක සැනසීමක් නේද... !
ඉතින් එහෙනම් හැමදාම එක වගේ ආදරෙන් ඉන්න නම්
යාලු වෙන්න !!
ඊටපස්සෙ යාලුවෝ වගේ ඉන්න !!!