හදහන් නෙමෙයි අදහස් ගැලපුනාම...
සම්බන්දේ පටන් ගත්තු කාලය වගේම මැරෙන තුරාවටත් එකම විදියට තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්...

ජීවිතේට ඕනම ශක්තියක් වෙන කෙනෙක් විතරක් නෙවෙයි
හිතේ සතුට සැනසීමටත් ශක්තියක් වෙන කෙනෙක්...

වෙලාවක් අවේලාවක් නැතුව කොහේ හරී යමුකෝ කියලා ඇහුවාහම හා යමුකෝ කියලා ඒක පයින් එන කෙනෙක්...

ආස විදියට ඇදලා පැලදලා ආස දෙයක් කාලා නිදහසේ ඉන්න දෙන කෙනෙක්...

හැම වැඩක්ම දෙන්නා එක්ක එකතු වෙලා ආසාවෙන් කරන්න කෑමති කෙනෙක්...

හැම හිනයක්ම එයා එක්ක විතරක් හැබෑ කරගන්න හදන කෙනෙක්...

පුංචි පුංචි දේවල් වලින් පවා මහා ගොඩක් සතුටු කරන්න හදන කෙනෙක්...

මොන දේ නැති උනත්
තියෙන දේවල් වලින් ජීවිතේ විදින්න දන්න කෙනෙක්...

එහෙම කෙනෙක් ලැබුන දාට ආදරය ගොඩක් දැනෙන්න ගන්නවා...

ජීවත් වෙනවා කියලා තදින්ම දෙනෙනවා...
---------
රාගය වෙනයි..


රොමාන්තික බව වෙනයි
..


රාගික සහකරුවෙකු/සහකාරියක ලැබුමට වඩා
රොමාන්තික අයකු ලැබීම
සැබැවින්ම
සමහර මිනිස්සු කතා කරන්න අකමැති මාතෘකාවක් තමයි #රාගය කියන්නෙ

ඇත්තටම ඒක අකමැත්තම නෙවෙයි
කතා කරොත් මිනිස්සු වැරදියට හිතයි කියලා තියන බය

ඒ වගේම බහුතරයක් කෙල්ලො කියන්නෙ උන්ට ඕනේ රාගයක් නැති හිතට විතරක් ආදරේ කරන කොල්ලෙක්ලු


මොකද රාගය කියන වචනේ තේරුමක්වත් හරියට නොදන්න උබ හොයන්නෙ කොල්ලෙක් නෙවේ robo කෙනෙක්



ඇත්තටම රාගය කියන්නෙ ඕනම ලෞකික මිනිහෙක්ට හැගෙන හැගීමක්

ඒ වගේම බහුතරයක් මිනිස්සුන්ගෙ මතයක් තියනවා රාගය කියන්නෙ ඇදක් උඩ නැගලා පතිවත නැති කරගන්න එක කියලා

ඇත්තටම ඒක රාගය කියන මාතෘකාවෙ එකකොටසක් විතරක් කීවොත් නිවැරදි

මොකද සිප ගැනීම් වැලද ගැනීම් පවා මේ මාතෘකාවෙ කොටස්කරුවො

ඉතිං කවුද අකමැති තමන් ආදරේ කරන කෙනාගෙ වැලද ගැනීම් වලට,සිප ගැනීම් වලට
හැබැයි හොයන්නෙ විරාගික කොල්ලෙක්ලු
කොච්චර ලොකු විහිලුවක්ද ඒක



මෙහෙම හිතන්නකො කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යනවා කියමුකෝ
"නංගි මං ඔයාට හදවතින්ම ආදරෙයි.මං ඔයාගෙ ඇගට නෙවේ හදවතටයි ආදරේ කරන්නෙ




හරියටම කීවොත්
ඒ කරේ බාගෙට හදපු නිරුවත් කේක් එක උඩින් අයිසින් අතුරලා ප්‍රධානම දේ වසන් කරපු එක
මොකද සමහර කෙල්ලෝ හරි ආසයි තොරොම්බල් කරත්ත වලට



සතුට නිදහස රැකවරණය තේරුම්ගැනීම් එක්ක ලස්සනට සමව මුසුවෙච්ච රාගය හරි ලස්සනයි ආදරයට

අපි සංස්කෘතියක් තියන මිනිස්සු අපි පිටරටවල්වල වගේ නැහැදිච්ච මිනිස්සු නෙවේ කියන බහුතරයක ම්නිස්සු හරි ලස්සනට google search කරනවා කොහෙවත් ඉන්න උන්ගෙ නිරුවත බලන්න

ඒ වගේම නිරුවත කියන්නෙත් මාතෘකාවෙම කොටසක්
සමහරු මේ නිරුවත කියන දේ හරියට ගරහනවා





ඉතිං මට කියන්න තියෙන්නෙ

#වෙනස් විදියට ජීවිතේ දකින උන්ට නිදහස ආදරය රැකවරණය සතුට රාගය නිරුවත කියන්නෙ හරි ලස්සන කලාවක්



දැන් මේක කියවලා ඉවර වුණාම ඊයා මූ හිතන විදිය තියන වල්කම කියයි

ඇත්තටම හදවතට කතාකරන මිනිස්සු යථාර්ථය දකීවි



රාගය නැති ප්‍රේමය හොදයි,
---------