ඔයාලා අහලාවත් තීනවා ද මේ දේවල්, වමත් අයගේ සුවිශේෂීත්වය 





















example - ලියනාඩෝ ඩාවින්චි ,මයිකල් ඇන්ජෙලො වැනි ලෝප්රකට චිත්ර ශිල්පීන් වමතහුරු පුද්ගලයන් .









ජුලියස් සීසර් , නැපෝලියන් බොනපාර්ට්, ඇරිස්ටෝටල් , ඇල්බර්ට් අයින්ස්ටයින් , ලියනාඩෝ ඩාවින්චි , මයිකල් ඇන්ජෙලො , බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් , නීල් ආම්ස්ට්රෝන් ,මහත්මා ගාන්ධි, බිල් ගේට්ස් , බැරැක් ඔබාමා , නරේන්ද්ර මෝදි, චාල්ස් කුමාරයා , ව්ක්ටෝරියා රැජින 1819 , විලියම් කුමරු , ඇන්ජලීනා ජොලී , චාර්ලි චැප්ලින් ,මාරි කියුරි මොවුන් වමත් කරුවන්ට උදාහරණ ටිකක්...





මේ වගේම වමත හුරු පුද්ගලයන් ගේ දුර්වලතා ද තීනවා ,මන් weak point ගැන කතා කරන්නේ නෑ .එතකොට ඒවා දකුණත් අය දැනගන්නවා නෙ.



ඉතින් මන් කියන්න උත්සහ කලේ ඔබට වමත හුරු නම් එය ඔබට උපතින්ම ලැබුණ දෙයක් ,කවදාවත් ඒක වෙනස් කරන්න උත්සහ කරන්න එපා....

ඇත්තටම වමත හුරු නිසා මන් ගොඩක් අපහසුතා විදලා තීනවා නිවසින් පිටතදී. විශේෂයෙන් වෙඩින්ග් වලදී. මන් කන්නෙ වමතින් කියලා දැක්කාම සමහරු අම්මගෙන් අහනො.
මැජික් වගේ.අරක කරලා හෝදන්නෙත් ( ටොයිලට්
) වමතින් ද අහනො. නෑ නෑ මන් ඒක කරන්නේ දකුණතින් අනික අත් දෙක හොදට සබන් ගාලා හෝදනවා ප්රශ්නයක් නෑ නෙ.
....මගේ අම්මා තාත්තා මගේ වම් අත ගැට ගහලා දකුණු අතින් බත් කන්න පුරුදු කරන්න ගොඩක් උත්සහ කරලා පොඩි කාලෙත්, පස්සෙත් කරා, නමුත් මන් ඒක හිතාමතාම වෙනස් කරේ නෑ .ඇයි අපි එහෙම කරන්නේ කියලා මන් නිතරම තර්ක කලේ. ස්වභාවධර්මයෙන් අපිව මවපු විදිහ වෙනස් කරන්න අපිට හැකියාවක් නෑ .




හැබැයි කන්න විතරක් දකුණ තට හුරු වෙන්න පුලුවන්, ඒක පහසුවක් වෙයි සමහර තැන් වලදී.
ඒ වගේම මන් මියුසික් කලේ
මන් ගොඩක් music instruments ප්ලේ කලේ වමතින් , හැබැයි ටීචර් මාව තේරුම් අරගෙන මට ඒ විදිහටම හුරු කලා,මාව වෙනස් කරන්න බල කලේ නෑ .... මන් කම්පියුටර් එක යූස් කරද්දී මවුස් එක අනිත් පැත්තට තියන් පාවිච්චි කරන්නේ , ඉතින් මගේ මල්ලි දකුණත් උනත් එයාටත් ඒක පුරුදු වෙලා.
මට බනිනවා ඉතින් ....


හැබැයි මට ඉස්සර ඉදන්ම හොද යාලුවො ටිකක් හිටියා,ඩෙස් එකේ කොන මට අල්ලන් ඉන්න .
නැත්නම් ලියද්දි ගොඩක් අපහසු අනිත් කෙනාගෙ අත වැදෙනවා,ඒක එයාටත් අපහසුවක්.

ඒවගේම අත්දැකීමෙන් ඔයාලා දන්නවා ඇති අපි දකුණත් අය වගේ නෙමෙයි උපකරණ ගොඩක් භාවිතා කරන්නේ වෙනස් හැඩයකට,විශේෂයෙන් කතුර වගේ හොද උදාහරණයක් .



හැබැයි අකුරු නම් ගොඩක් ලස්සනයි වමතින් ලියන් අයගෙ.
ඉගෙන ගන්නත් දක්ෂයි ...



මන් පුංචි කාලේ ඉදන්ම වමත් කාරයෙක් නිසා වමත හුරු අය ගැන ගොඩක් හෙව්වා ලෝක ප්රකට චරිත ගැන විශේෂයෙන්.

විද්යාත්මකව කරපු සොයා ගැනීම් වලට අනුව වමත හුරු පිරිමි පුද්ගලයන් වැඩී. ගැහැණු වමත්කරුවන් ඉතා අල්පයි. ඉතින් මෙය කියවන ඔබ ගැහැණු වමත හුරු කෙනෙක් නම් ඔබ අතිවිශේෂයි. 











ඔයාලට තීන අත්දැකීම් කමෙන්ට් එකකින් දාන්න ...
වමත් දකුණත් කියලා නෑ අපි හැමෝම ලෝකෙට යමක් කරන්න , ලෝකෙට යමක් දෙන්න බිහිවූ වටිනාකමක් ඇති මිනිසුන්...




