මේ ලිපිය වමත්කරුවන් වෙනුවෙනි...
(මේක පලකරන මමත් වමත් කරුවෙක්...)
අපි අපේ අත් භාවිතා කරන ආකාරය අනුව දකුණත් සහ වමත් කියලා ඒ ඒ අයව වෙන් කරගන්න බව රහසක් නෙවේ. සමාන්යයෙන් වමත් පුද්ගලයන්ට සාපේක්ෂව දකුණත් පුද්ගලයන් වැඩි බවත් අපි දන්න කරුණක්. නමුත් මීට අමතරව වමත්කරුවන් ගැන ඔබ දන්නේ මොනවා ද?
සාමාන්යයෙන් මිනිසුන්ගෙන් 60%ක් වැඩිපුර සවන් දෙන්නේ තමන්ගේ වම් කනින්. 30%ක් වැඩිපුර බලන්නේ වම් ඇහින්. 20%ක් වැඩිපුර භාවිතා කරන්නේ වම් කකුල. නමුත් වම් අත භාවිතා කරන්නේ 10%ක් විතරයි.
මිනිස් මොළය තරමක් සමාන කොටස් දෙකකට බෙදී ඇතත් ඇත්තෙන්ම ඒ ඒ කොටස් විභේදනය වීම අනුව සර්ව සම වෙන්නේ නැහැ. සිරුරේ වම් පස මොළයේ දකුණු අර්ධගෝලයෙනුත්, දකුණු පස වම් අර්ධගෝලයෙනුත් පාලනය වෙනවා යන කියමන සත්ය වන්නේ යම් පමණකට පමණක් වුණත් විභේදනය වී ඇති ප්රදේශවල වෙනස නිසා වම් හා දකුණු අර්ධගෝලවල විශේෂ ප්රදේශවලින් විවිධ ක්රියාකාරකම් ප්රමුඛව පාලනය වෙනවා. කැලෝස දේහය මඟින් අන්තර් අර්ධගෝල පණිවුඩ හුවමාරුවකුත් වෙනවා.
සාමන්යයෙන් මොළයේ වම් අර්ධගෝලයෙන් ගණිතමය ඥානයත්, විශ්ලේෂණ හැකියාවත්, තර්කනයත් ප්රමුඛව පාලනය වන අතර දකුණු අර්ධගෝලයෙන් අවකාශ භාවිතය, මුහුණු හඳුනා ගැනීම, හැඟීම් පාලනය, කලාත්මක හැකියාව වැනි දෑ පාලනය වෙනවා.සම්පූර්ණයෙන් සත්ය නොවුණත් වමත් කරුවෙකුගේ මොළයේ දකුණු අර්ධගෝලය යම් තාක් දුරකට දකුණත් කරුවෙක්ට වඩා විකසනය වී තිබෙනවා. මේ නිසා වමත් කරුවන් අවකාශ භාවිතයට, හැඟීම් දැනවීමට හා භාෂා භාවිතයට දකුණත් කරුවෙක්ට වඩා වැඩි ශක්යතාවයක් පෙන්වනවා.
වමත් කරුවෙක්ගේ මොළය පිහිටා ඇති වෙනස් ආකාරය නිසා බුද්ධිමත් භාවය පිළිබඳ මැනීමේ දී ඉහළ බුද්ධිමතුන් හා මානසික හැකියාව ඉතා ඉහළ අය හමු වෙනවා. ලෝ ප්රකට විද්යාඥයන් වන ඇල්බට් අයින්ස්ටයින්, ශ්රීමත් අයිසැක් නිව්ටන්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් වැන්නවුන් ද වමත් කරුවන්. වමත් කරුවන් වඩා බුද්ධිමත් වීමට තවත් හේතුවක් ලෙස දකුණත් ලෝකයකට හුරු වීමේදී යම් යම් දේ දකුණත්ව කිරීමට සිදු වීමත්, ඒ නිසා දකුණත් කරුවෙක්ගේ මොළයේ හොඳින් දියුණු වී ඇති ප්රදේශ යම් පමණකට හෝ වර්ධනය වීමත් බැහැර කළ නොහැකියි.
ලොව ප්රකට වමත්කරුවන් රාශියක් සිටිනවා: කලාකරුවන්, විද්යාඥයින් රැසක්ම වමත් කරුවන්. බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් වැනි රාජ්ය නායකයන්, ඇන්ජලීනා ජොලී, ලියනාඩෝ ඩා වින්චි වැනි කලාකරුවෙන් මෙන්ම බිල් ගේට්ස් වැනි ව්යාපාරිකයන්ද, ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්යාඥයින්ද මේ කුලකයට අයත්. මීට අමතරව ශ්රී ලංකා නාමය ලොවට ගෙන ගිය ක්රිකට් ක්රීඩකයින් වන චමින්ද වාස්, රංගන හේරත් හා සනත් ජයසූරියත් වමත් කරුවන්.
අගෝස්තු 13 වෙනිදා ලෝක වමත් කරුවන්ගේ දිනය ලෙස නම් කර තිබෙනවා.

 --------

 

අද අගෝස්තු 13 ලෝක වමත්කරුවන්ගේ දිනයයි 😊👋
මේ කරුණු 10 වමත හුරු අය ගැන.
1. ⁣ලෝක ජනගහනයෙන් වමත හුරු අය සිටින්නෙ 12% ක පමණ ප්රමාණයක්. 87%ක් දකුණත හුරු අය සහ ඉතිරි 1%ක ප්රමාණයට අත් දෙකම හුරුයි කියලා තමයි කියන්නෙ.
2. වමත් කරුවන් දකුණත හුරු අයට වඩා වසර 9කට විතර කලින් විතර මිය යනවා කියලා සමීක්ෂණයකින් පෙන්වලා දීලා තියෙනවා.
3. සාමාන්ය අයට වඩා නිවුන් පුද්ගලයින් වමත් අය වීමේ වැඩි ප්රවණතාවයක් තියෙනවා.
4. ඇල්බට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් සහ ඔසාමා බින් ලාඩන් ප්රසිද්ධ වමත් කරුවන් වෙනවා.
5. වයස අවුරුදු 40 පසුවී දරුවන් බිහි කරන විට උපදින දරුවන් වමත හුරු අය වීමේ වැඩි ප්රවණතාවයක් තියෙනවලු.
6. සමීක්ෂණ වලට අනුව ගණිතය, වාස්තු විද්යාව අභ්යවකාශ යන ක්ෂේත්ර වලට වමත් කරුවන් වැඩි කැමැත්තක් දක්වනවලු.
7. වමත් අය පහසුවෙන් ආසාත්මිකතා වලට ගොදුරු වෙනවා. ඔවුන් ආසාත්මිකතා වලට ගොදුරු වීමේ අවධානම දකුණත් අයට වඩා 11 ගුණයකින් වැඩියිලු.
8.අන්තර්ජාතික වමත් කරුවන්ගේ දිනය අගෝස්තු 13 වැනිදට යෙදිලා තියෙනවා.
9. Sinistrophobia කියන්නෙ වමත් කරුවන්ට තියෙන බිය. යම් පුද්ගලයන් වමත හුරු අයට සහ ඔවුන් අවට ඇති භාණ්ඩ වම් පැත්තේ තිබීම ගැන බියක් දක්වනවා.
10. දකුණත් අය වෙනුවෙන් නිශ්පාදනය කරපු මැෂින් වල වැඩ කරන්න ගිහින් සිදු වෙන අතපසුවීම් නිසා සෑම අවුරුද්දකම මිලියන දෙකකට ආසන්න වමත් කරුවන් ප්රමාණයක් මිය යනවලු
---------