To Wife - 

ඉදිරියේ ගමන් මග
දිරි ඇතිව ජය ගන්න
කඳුළු පිස දෙනෙත්වල
සිනාමුව සිපගන්න
විඩාබර ජීවිතේ
සැනසුමක් කැන්දන්න
උපන්දින සුභපැතුම්
මගේ හදපත්ලෙන්ම 💕
සුභම සුභ උපන්දිනයක් මගෙ මැණික ඔයාට... 💝💝💝💝💝💝 
----------
 
ඔබ දකින සුභ සිහින
සැබෑ වේවා නිතින....
දුකක් නොම වී දිවියේ
පිරේවා සතුටින්ම....
ගෙවෙන හැම දිනයක්ම
ඉසුරුමත් වී නිතින....
දිඝායු ලැබේවා
එයයි මාගේ පැතුම !!!
වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් සුදු මහත්තයා.. 
----------

සුභම සුභ උපන්දිනක් වේවා අම්මේ...
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි
උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා
සඳ හාවුන් හඬනා
කළුවර රාත්රියේ
ආලෝකය දුන්
සඳකැන් ඔබ විය
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා
ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
---------
 

ජය ශ්රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්යානුභාව බලයෙන්.....
කායික මානසික සුවයෙන් සුවපත් වන...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙන සුභම සුභ උපන්දිනයක් වේවා.... 
----------

නීරෝගිමත් සුභම.සුභ උපන්දිනයක් වේවා මගෙ අම්මේ. ඔයා මාව අතපය.නොකඩා පාරෙ අතර මන් නොකර බඩගින්නෙ නොතියා මේ වෙනකන් මාව උස් මහත් කරාට ගොඩක් පින් මගෙ අම්මේ. මම පොඩිකාලෙ ඉදන්ම මම වෙනුවෙන් ඔයා වින්දෙ මහා දුකක් අම්මේ.මේ ටිකම ඇති මන් වෙනුවෙන් කරාට වෙන විස්තර ඔනේම නැ අම්ම ගැන කියන්න ඔයාට දීර්ඝායු වේවා බුදු සරණයි. සුයලු දෙවි රැකවරණයි.ආදරෙයි හැමදාම.☸️❤️😘🎂🥳 
----------
 
සියක් ආයු ලැබ , මගෙත් ආයු ගෙන , මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.............. සුබම සුබ උපන්දිනයක් වේවා මගේ අම්මේ. තෙරුවන් සරණයි අම්මා 💖💖 අම්මගෙ සිතුම් , පැතුම් සියල්ල එලෙසින්ම ඉටු වේවා.... 🎁 
-----------
 
මගේ මුලු ලෝකෙම ඔයා....
මගේ හුස්ම ටික ඔයා....
මගේ ශක්තිය ඔයා...
මගේ හැමදේම ඔයා....
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා...බුදු සරණයි ආදරෙයි ගොඩාක් 😍😘❤️ 
------------