උතුම් වූ නිකිණි පෝය අදයි.

බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ.

ශාසන ප්රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, රජගහ නුවර දී පරථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සලකනූ ඇත.

ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම, නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.

-----------

 

පින්බර නිකිණි පෝය දිනක් වේවා ඔබ සැමට !!!
බෞද්ධ විශ්වාසයන්ට අනුව, දෙවන වස් කාලයේ එළැඹෙන පොහොය වශයෙන් සැලකෙන්නේ නිකිණි පොහොය දිනයයි. බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරය වශයෙන් සැලකෙන ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූයේ ද නිකිණි පොහෝ දිනයක දී යැයි සැලකේ. ලෝකයම කොරෝනා ව්යසනයෙන් පීඩාවට පත් ව සිටින මේ මොහොතේ, සියලු ලෝ වැසියන්ට ශාන්තිය සහ සැනසීම උදා වේවායි ප්රාර්ථනා කරමි! 
------------

පින්බර නිකිණි පෝය දිනයක් වේවා!!
සැම සිත් සුවපත් වේවා....!
------------
 
සෙන්කඩ ගල පුර දළදා බුදු රැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේශේට
සරණයි දළදා සමිදුන්නේ...
උතුම් පින්බර නිකිණි පෝය මංගල්යයක් වේවා...! 🙏 
------------

නිකිණි පෝයට දරමිටි පෝය කියන්නෙ ඇයි
දන්නවද?ඇසළ හා නිකිණි මාසවල කැලෑවෙ
සතුන්ට බොන්න වතුරවත් නැති වෙනවා.
නියගය නිසා සත්තු වතුර හොයා ගෙන කැලෙන් එලියට විත් ගොවින්ගේ භෝග විනාශ කරනවා .සිද්ධස්ථාන වනසනවා.ජයසිරි මහ
බෝධියෙ දලු පවා ආහාරයට ගත්තලු.
හාමුදුරැවරැයි,දායකයොයි මෙයට පිළියමක් ලෙසින්
සිරි මහ බෝධිය වටා ගිනි මැල ගැහුවා.සත්තු
ඒම වැළකුණා. ඒත් දිගින් දිගටම ගිනිමැල ගහන්න දර තිබුණේ නැහැනේ .
ඔන්න එතකොට සැදැහැවතුන් වන්දනාවෙ එන්නෙ දරමිටිත් අර ගෙන.තෙල්
මල්,හදුන්කූරැ එක්ක දරත් අර ගෙන එනකොට එය දරමිටි පෙරහැර වුනා. එදා ඉදල
නිකිණි පෝයට දරමිටි පෝය කියලත් කියනව.
-----------